වරාය අධිකාරිය නුගේගොඩට තර්ජනය කරයි

92

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Premier League – Tier B ක්‍රිකට් තරගාවලියේ වරාය අධිකාරිය සහ නුගේගොඩ අතර පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය අවසන් වෙද්දී නුගේගොඩ ක්‍රීඩකයන්ට වඩා ලකුණු 357ක් ඉදිරියෙන් සිටීමට වරාය අධිකාරිය ක්‍රීඩකයෝ සමත් වූහ. 

දිනෙත්, මිරංග සහ අවිශ්ක ශතක රැස් කරයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ දෙදින සුපිරි 16 වටයේ තරග…..

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 151ක් ලබා ගැනීමට වරාය අධිකාරිය ක්‍රීඩකයෝ සමත් වූ අතර නුගේගොඩ ක්‍රීඩකයන්ට ඊට පිළිතුරු ලෙසින් ලබා ගත හැකි වූයේ ලකුණු 128ක් පමණි.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි පැතුම් මධුශංක පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 63ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. 

වරාය අධිකාරිය දෙවැනි ඉනිමේ දී තරගය දෙවැනි දිනයට නතර කරන විට අර්ධ ශතක 3ක් සමඟින් කඩුලු 6ක් දැවී ලකුණු 334ක් ලබා සිටිය හ. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (45.5) යොහාන් ද සිල්වා 22, ඉෂාන් රංගන 27, ගයාන් මනීශාන් 49, ජලට් ඛාන් 3/34, බසිට් අලි 2/47, චනුක ඩිල්ශාන් 4/21 සහ දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 334 (86) රමේෂ් නිමන්ත 49, ඉෂාන් රංගන 43, සයිඩ් බින් නසීර් 60, අදීශ නානායක්කාර 83, හස්නයින් බොකාරි 63, ජලට් ඛාන් 3/89

නුගේගොඩ ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 44ක දී කඩුලු 9ක් දැවී 122) සියලුම දෙනා දැවී 128 (46) පැතුම් මධුශංක නොදැවී 63, චානක කොමසාරු 3/36, රජීව වීරසිංහ 4/50  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<