චානක සහ රජිත බ්ලූම්ෆීල්ඩ් අසරණ කරයි

92

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් කණ්ඩායමේ චානක විජේසිංහ සහ රජිත වික්‍රමආරච්චි බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශතක වාර්තා කර ගනිමින් දක්ෂතා දැක්වූහ. 

රොෂාන් ජයතිස්ස නාවිකයෝ අමාරුවේ දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී…….

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය 

කොළඹ 07, බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ චානක විජේසිංහ සහ රජිත වික්‍රමආරච්චි ශතක වාර්තා කර ගැනීම කැපී පෙනුනි. 

එහිදී චානක විජේසිංහ පන්දු 243කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 152ක් රැස්කර ගත්තේය. රජිත වික්‍රමආරච්චි රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 138කි. ඔහු පන්දු 288කට මුහුණ දුන් අතර හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේය. ඔවුන් දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 258ක සබඳතාවක් එක් කළහ. 

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 308 (66.5) සමීන් කඳනාරච්චි 65, මිශේන් සිල්වා 69, හර්ෂ විතාන 26, චාමර සිල්වා 79, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 26, උමේග චතුරංග 5/80, සචිත්‍ර පෙරේරා 4/98. 

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 21ක දී කඩුලු 5ක් දැවී 85) සියලු දෙනා දැවී 428 (109.3) චානක විජේසිංහ 152, රජිත වික්‍රමආරච්චි 138, සම්පත් පෙරේරා 20, සසිත් මනුරංග 26, ගයාන් සිරිසෝම 5/140, රවිඳු ප්‍රනාන්දු 2/70. 

මෙම තරගය හෙට (24) දින තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 


පානදුර ක්‍රිකට් සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය 

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් පානදුර ක්‍රීඩකයන් තම පළමු ඉනිමට ලකුණු 485ක් රැස්කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නාවික හමුදා ක්‍රීඩකයන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 192ක් පමණි. ලකුණු 293ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීමට දෙවැනි වරටත් පිටියට පිවිසි නාවිකයෝ තරගය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 243ක් රැස්කර ගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළහ. 

පානදුර ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දු වාර 90ක දී කඩුලු 5ක් දැවී 394) සියලු දෙනා දැවී 485 (113.1) විශ්ව චතුරංග 177, හර්ෂ කුරේ 60, උමේෂ් කරුණාරත්න 48, කාසිෆ් නවීඩ් නොදැවී 81, රොෂාන් ජයතිස්ස 37, දුලාංජන මෙන්ඩිස් 28, ඩිල්ෂාන් ලේකම්ගේ 3/47, ඩිලංක අවර්ඩ්ට් 3/109, තරුෂ ප්‍රනාන්දු 2/80. 

නාවික හමුදා ක්‍රීඩා සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 192 (57) සුපුන් ලීලාරත්න 35, ශාලිත් ප්‍රනාන්දු 50, නිලංක සඳකැන් 24, රොෂාන් ජයතිස්ස 8/98. සහ දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 03ක දී කඩුල්ලක් දැවී 5) කඩුලු 6ක් දැවී 243 (100) ඩබ්ලිව්. මයන්ත 40, සුපුන් ලීලාරත්න 57, තරුෂාන් ඉද්මල්ගොඩ 81, ශාලිත් ප්‍රනාන්දු 26, රොෂාන් ජයතිස්ස 2/82, චලන ද සිල්වා 2/58. 

ටගා පන්නරය ලැබූ හැටි

1965 වසරේ ජුනි මස 02 වැනිදා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කැන්ටබරි රෝහලේ දී නිවුන් දරු උපතක් සිදු විය.

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය සහ කළුතර ටවුන් ක්‍රිකට් සමාජය 

හොරණ ආරොන්ස් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 183ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සෙබස්තියනයිට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

එම තරගයේ දී කළුතර ටවුන් සමාජයේ වමතින් දඟපන්දු යවන හසිත නිර්මාල් ලකුණු 134කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූයේය. 

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 316 (71.3) ජිනිව් ජෝෂි 107, සචින් ප්‍රනාන්දු 29, නවෝද්‍ය ඉමේෂ් 27, නයින්දේ ඛාන් 29, දසුන් සෙනෙවිරත්න 36, තිලංක ද සිල්වා 37, සුවන්ජි මදනායක 2/50, හසිත නිර්මාල් 3/76, හෂින් ඩිල්මන් 2/46. සහ දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 31ක දී කඩුලු 8ක් දැවී 129)සියලු දෙනා දැවී 171 (41.3) ජිනිව් ජෝෂි 21, සචින් ප්‍රනාන්දු 20, නයින්දේ ඛාන් 39, තිලංක ද සිල්වා 27, ප්‍රභාත් ද සොයිසා 20, නවීන් ගුණවර්ධන 24, හසිත නිර්මාල් 7/58. 

කළුතර ටවුන් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 13.1ක දී කඩුලු 2ක් දැවී 78) සියලු දෙනා දැවී 200 (52) නවීඩ් සවාර් 40, ගේෂාන් විමලධර්ම 31, හෂින් ඩිල්මන් 34, එරංග රත්නායක 40, ෂෙහාන් සිල්වා 3/45, නවීන් ගුණවර්ධන 6/88. සහ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 104 (36) ගේෂාන් විමලධර්ම 31,  නවීන් ගුණවර්ධන 4/45, නවෝද්‍ය ඉමේෂ් 3/22, රනේශ් පෙරේරා 3/15.  


නුගේගොඩ ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 170ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට නුගේගොඩ ක්‍රීඩා සමාජය සමත් විය. 

නුගේගොඩ ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 178 (56.4) පසිඳු මධුශාන් 49, මතීෂ පෙරේරා නොදැවී 67, ලසඳ රුක්මාල් 2/18, අරවින්ද ප්‍රේමරත්න 2/37, සුමින්ද ලක්ෂාන් 4/33. සහ දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 63ක දී කඩුලු 5ක් දැවී 300) කඩුලු 8ක් දැවී 336 (69) පැතුම් මධුශංක 60, ඉරෝෂ් සමරසූරිය 20, ප්‍රමුද් හෙට්ටිවත්ත 47, දෙනුවන් රාජකරුණා 97, අසන්ත බස්නායක 46, පසිඳු මධුශාන් 21, රවිඳු සෙම්බකුට්ටිගේ 3/39, ගයාන් ද සිල්වා 3/41,නිමේෂ් මෙන්ඩිස් 2/112. 

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 31ක දී කඩුලු 5ක් දැවී 72) සියලු දෙනා දැවී 158 (57.3) ලක්වින් වීරසූරිය 34, නිමේෂ් මෙන්ඩිස් 22, මාධව නිමේෂ් 23, චාමිකර හේවගේ 26, බාසිට් අලි 2/37, පසිඳු මධුශාන් 5/21, ජලට් ඛාන් 2/35. සහ දෙවැනි ඉනිම සියලුම  දෙනා දැවී 186 (54.5) රවිඳු සෙම්බකුට්ටිගේ 51, උදයවංශ පරාක්‍රම 46, සුමින්ද ලක්ෂාන් 38, චානුක ඩිල්ශාන් 4/43, ජලට් ඛාන් 4/52. 

දිනුක ඩිල්ශාන් මංගල තරගයෙන්ම ශතක සමාජයට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier A ක්‍රිකට් තරගාවලියේ….

ගාල්ල ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය 

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

ගාල්ල ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 123 (41.4) කවිඳු එදිරිවීර 30, ජාකොබ් සචින් 20, චතුර ලක්ෂාන් 26, චානක කොමසාරු 6/54, රජීව වීරසිංහ 2/30, චමින්ද බණ්ඩාර 2/24. සහ දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 147 (57) කවිඳු එදිරිවීර 43, විනුර දුල්සර 32, රවිශ්ක විජේසිරි 22, චානක කොමසාරු 2/25, රජීව වීරසිංහ 3/40, හස්නයින් බොකාරි 3/39. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 03ක දී කිසිවෙකු නොදැවී 05 සහ දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 75ක දී කඩුලු 4ක් දැවී 281) කඩුලු 6ක් දැවී 300 (78.3) යොහාන් ද සිල්වා 76, රමේෂ් නිමන්ත 67, සයිඩ් බින් නසීර් 56, හස්නයින් බොකාරි 43, අකලංක ගනේගම 2/26, චතුර ලක්ෂාන් 3/45. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<