විශ්ව චතුරංග පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

70

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවති තරග අතරින් ලකුණු 177ක් ලබා ගත් පානදුර ක්‍රීඩා සමාජයේ විශ්ව චතුරංග තම පළමු පෙළ ක්‍රිකට් තරගවල හොඳම ඉනිම නාවියකන්ට එරෙහිව වාර්තා කිරීමට සමත් විය. 

පොලිසිය, යූත් ක්‍රීඩකයන්ට තරවටු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B පළමු පෙළ ක්‍රිකට්…

පොලිස් සහ කුරුණෑගල යූත්

තිඹිරිගස්යාය පොලිස් උද්‍යාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ මෙම තරගයෙන් ලකුණු 18ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (58.2) දුලාශ් උදයංග 77, මංජුල ජයවර්ධන 69, ලහිරු ජයරත්න 2/31, විනෝද් පෙරේරා 2/37, නවීන් කවිකාර 2/48, රන්දීර රණසිංහ 3/26 සහ දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 51කදී කඩුලු 6ක් දැවී 211) සියලුම දෙනා දැවී 246 (60.1) ලක්ෂාන් රොද්‍රිගෝ 41, මධුරංග සොයිසා 33, දුලාශ් උදයංග 55, අසේල් සිගේරා 22, සුපුන් මධුශංක 39, නවීන් කවිකාර 6/73

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 29ක දී කඩුලු 3ක් දැවී 77) සියලුම දෙනා දැවී 161 (65.2) මාලිංග මලිගස්පේ 36, සයින් අබ්බාස් 26, රවින්ද්‍ර කරුණාරත්න 58, නිසාර් අහමඩ් 4/42, අසේල් සිගේරා 2/19, සුපුන් මධුශංක 2/11 සහ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 273 (75.2) මාලිංග මලිගස්පේ 62, සංදීප් කුන්චිකෝර් 29, කේශාන් වන්නිආරච්චි 31, විනෝද් පෙරේරා නොදැවී 80, සුපුන් මධුශංක 2/33, අසේල් සිගේරා 2/42,  ලහිරු ඩියන්ත 4/58

පානදුර සහ නාවික හමුදාව

පානදුර දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පානදුර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 394ක් ලබා සිටියහ. 

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු විශ්ව චතුරංග පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 24ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 177ක් ලබා ගත්තේය. ඊට අමතරව ඔහු හර්ෂ කුරේ සමඟ එක් වෙමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147ක සබඳතාවක් ද ගොඩ නැගුවේය. හර්ෂ කුරේ පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තේය. 

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 394 (90) විශ්ව චතුරංග 177, හර්ෂ කුරේ 60, උමේෂ් කරුණාරත්න 48, කාසිෆ් නවීඩ් නොදැවී 72, තරුෂ ප්‍රනාන්දු 2/80

කැන්ගරු දේශයේ අණසක පතුරුවන්නට සැරසෙන සිංහ ධේනුවන්

එක්දින ලෝක ශූරියන් ලෙස කිරුළ පැලඳූ එංගලන්ත කණ්ඩායම මොහොතකට නිරුත්තර කරමින් විස්සයි…

සෙබස්තියනයිට්ස් සහ කළුතර ටවුන්

හොරණ ආරොන්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කළුතර ටවුන් ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සෙබස්තියනයිට්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 316ක් ලබා ගත්හ. එම ඉනිමේ දී විදේස් ක්‍රීඩක ජිනිච් ජෝෂි පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 9ක් සමගින් ලකුණු 107ක් ලබා ගත්තේය. 

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 316 (71.3) ජිනිව් ජෝෂි 107, සචින් ප්‍රනාන්දු 29, නවෝද්‍ය ඉමේෂ් 27, නන්දි ඛාන් 29, දසුන් සෙනෙවිරත්න 36, තිලංක ද සිල්වා 37, සුවන්ජි මදනායක 2/50, හසිත නිර්මාල් 3/76, හසින් ඩිල්මන් 2/46

කළුතර ටවුන් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 78 (13.1) නවීඩ් සවාර් නොදැවී 32, ගේෂාන් විමලධර්ම 31

නුගේගොඩ සහ ගුවන් හමුදාව

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළ අතර ඔවුන් තම පළමු ඉනිමට ලකුණු 178ක් ලබා ගත්හ. ගරා වැටෙමින් තිබූ එම ඉනිම වෙනුවෙන් පසිඳු මධුශාන් සහ මතීෂ පෙරේරා 7 වැනි කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක් ගොඩ නැගීම කැපී පෙණුනි. 

නුගේගොඩ ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (56.4) පසිඳු මධුශාන් 49, මතීෂ පෙරේරා නොදැවී 67, ලසඳ රුක්මාල්2/18, අරවින්ද ප්‍රේමරත්න 2/37, සුමින්ද ලක්ෂාන් 4/33

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 72 (31) ලක්වින් වීරසූරිය 34, පසිඳු මධුශාන් 3/05

ICC කැලැන්ඩරයෙහි ප්‍රබල වෙනසක් සිදුවන ලකුණු!

ක්‍රිකට් දින පොත යාවත්කාලීන කරමින් ලෝක මට්ටමින් පැවැත්වෙන තවත් ප්‍රධාන පෙළේ තරගාවලි…

ගාල්ල සහ වරාය අධිකාරිය

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් වරාය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනිමින් ප්‍රතිවාදී ගාලු ක්‍රීඩකයෝ ලකුණු 123කට සීමා කළහ. එම ඉනිමේ දී චානක කොමසාරු ලකුණු 54කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. 

දිනයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගයේ යැවීමට නියමිතව තිබූ පන්දු වාර විශාල ප්‍රමාණයක් යැවීමට නොහැකි විය. 

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 123 (41.4) කවිඳු එදිරිවීර 30, ජාකොබ් සචින් 20, චතුර ලක්ෂාන් 26, චානක කොමසාරු 6/54, රජීව වීරසිංහ 2/30, චමින්ද බණ්ඩාර 2/24

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 5 (3) 

අද ආරම්භ වූ සියලු තරගය හෙට (22) දෙවැනි දිනයට ක්‍රියාත්මකය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<