පොලිසිය, යූත් ක්‍රීඩකයන්ට තරවටු කරයි

63
Premier League Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major LeagueTier B පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පොලිස් ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය අතර පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය (20) නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන පොලිස් ක්‍රීඩකයෝ ප්‍රතිවාදින්ට වඩා ලකුණු 254ක් ඉදිරියෙන් පසුවෙති. 

ලංකන් කණ්ඩායම නූලෙන් පළමු ඉනිම ගොඩ යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (18) දින කොළඹ දී පැවැත්විනි.

පොලිස් ක්‍රීඩා සමාජය රැස්කර ගත් ලකුණු 204ට පිළිතුරු ලෙසින් කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 161ක් රැස්කර ගත්තේ රවින්ද්‍ර කරුණාරත්නගේ දීර්ඝ ඉනිම හේතුවෙනි. පෙර දිනයේ දී නොදැවී ලකුණු ලකුණු 4ක් වාර්තා කරගෙන සිටි රවින්ද්‍ර කරුණාරත්න අද දිනයේ පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 58ක් රැස්කර ගත්තේය. ඔහු අංක 4 පිතිකරු ලෙසින් පිටියට පිවිස දැවී ගියේ අවසන් පිතිකරු ලෙසිනි. 

කුරුණෑගල ඉනිමේ අද දින දැවී ගිය ක්‍රීඩකයන් අතුරින් පිතිකරුවන් 5 දෙනෙක් ම ලකුණු 10 සීමාවට මෙපිටින් තැබීමට පොලිස් පන්දු යවන්නෝ සමත් වූහ.  

ලකුණු 43ක් ඉදිරියෙන් සිටිමින් පොලිස් ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි අතර ඔවුන් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 211ක් රැස්කර ගෙන සිටියහ. එම ඉනිම වෙනුවෙන් මේ වනවිට කඩුල්ලේ රැඳී සිටින දුලාශ් උදයංග නොදැවී ලකුණු 45ක් ද සුපුන් මධුශංක නොදැවී ලකුණු 29ක් ද රැස්කර ගෙන පිටියේ රැදී සිටිති. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට නොදැවුන සබඳතාව ලකුණු 56කි. 

පොලිස් ක්‍රීඩා සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 204 (58.2) දුලාශ් උදයංග 77, මංජුල ජයවර්ධන 69, ලහිරු ජයරත්න 2/31, විනෝද් පෙරේරා 2/37, නවීන් කවිකාර 2/48, රන්දීර රණසිංහ 3/26. සහ දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 211 (51) ලක්ෂාන් රොද්‍රිගෝ 41, මධුරංග සොයිසා 33, දුලාශ් උදයංග නොදැවී 45, අසෙල් සිගේරා 22, සුපුන් මධුශංක නොදැවී 29, නවීන් කවිකාර 4/58. 

චේස්ගේ ප්‍රවේගකාරී ශතකය ඔස්සේ කොදෙව්වන්ට පහසු ජයක්!

දඟ පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට ඇතුළත් වුවද දිනෙන් දිනම තම පිතිකරණ හැකියාවන් ඔපමට්ටම් කර ගනිමින්

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 29ක දී කඩුලු 3ක් දැවී 77) සියලු දෙනා දැවී 161 (65.2) මාලිංග මලිගස්පේ 36, සයින් අබ්බාස් 26, රවින්ද්‍ර කරුණාරත්න 58, නිසාර් අහමඩ් 4/42,  අසෙල් සිගේරා 2/19, සුපුන් මධුශංක 2/11. 

මෙම තරගය හෙට (21) දින තෙවැනි දිනයට ක්‍රියාත්මකය.   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<