පැතුම් වික්‍රමසිංහ තම හොඳම ඉනිම ක්‍රීඩා කරයි

122

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B ක්‍රිකට් තරගාවලියේ අද (15) දවසේ පැවති තරග අතුරින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට නුගේගොඩ ක්‍රීඩා සමාජයේ පැතුම් වික්‍රමසිංහ සමත් වූවේය. 

නවින් සහ අකීල් කැපී පෙනෙන දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) ආරම්භ වූ තරගවල දී ……

නාවික හමුදාව සහ සෙබස්තියනයිට්ස් අතර තරගය 

වැලිසර දී පැවති මෙම තරගයේ පළමු ඉනිමේ වාසිය සෙබස්තියනයිට්ස් ක්‍රීඩකයෝ දෙවැනි දිනයේ ම හිමිකර ගත්හ. පෙර දිනයේ දී නාවික හමුදාවේ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක නිලංක සඳකැන් කඩුලු 3ක් දවා ගත් අතර අද දවසේ දීද ඔහු කඩුලු 3ක් දවා ගනිමින් ලකුණු 54කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. 

නාවික හමුදා ක්‍රීඩා සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 153 (50.5) සමිත රංග 22, තරුෂ ප්‍රනාන්දු 31, නිලංක සඳකැන් 22, සමන් කුමාර 2/47, නවින් ගුණවර්ධන 6/57, රනේෂ් පෙරේරා 2/14. 

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දු 37ක දී කඩුලු 8ක් දැවී 144) සියලු දෙනා දැවී 166 (48.4) එස්. ප්‍රනාන්දු 24, දසුන් සෙනෙවිරත්න 41, තිලංක ද සිල්වා 24, නිලංක සඳකැන් 6/54. 

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය : දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 205 (76) ශවිඳු දිසානායක 43, තරුෂාන් ඉද්දමල්ගොඩ 45, ඩබ්ලිව්. මයන්ත 27, තරුෂ ප්‍රනාන්දු 27, ශාලිත් ප්‍රනාන්දු නොදැවී 20, නවීන් ගුණවර්ධන 3/80, රනේෂ් පෙරේරා 2/31. 

කැන්ඩි කස්ටම්ස් සහ කළුතර ටවුන් සමාජය අතර තරගය

පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දෙන කළුතර ටවුන් සමාජයට තවත් ලකුණු 164ක් අවශ්‍යය. 

කළුතර ටවුන් සමාජයේ පළමු ඉනිම වෙනුවෙන් කෙවින් පීරිස් පන්දු 159කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 66ක් රැස්කර ගත්තේය. 

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම කඩුලු 9ක් දැවී 443 (85) අකීල් ඉන්හාම් 148, දේව් සිං 79, සසිත් මනුරංග 54, සචිත්‍ර පෙරේරා 57, සම්පත් පෙරේරා නොදැවී 55, ආර්. පුංචිහේවා 3/78, ඉෂාන් අබේසේකර 3/116. 

කළුතර ටවුන් සමාජය : පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 3ක දී කඩුල්ලක් දැවී 6) සියලු දෙනා දැවී 237 (67.4) ගේෂාන් විමලධර්ම 39, කෙවින් පීරිස් 66, එරංග රත්නායක 45, හසිත නිර්මාල් 46, චිරාග් කුරානා 2/64, සම්පත් පෙරේරා 2/54, මෙතුෂාන් තිළිණ 2/44. 

කළුතර ටවුන් සමාජය : දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 42 (15) හෂාන් චාමර නොදැවී 21. 

කසුන් සහ සහන් වැලැන්ටයින් සමරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) ආරම්භ වූ තෙවැනි සතියේ තරගවල දිනයේ වීරයන්…

ගාල්ල සහ පානදුර අතර තරගය 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රීඩකයෝ රැස්කර ගත් ලකුණු 175ට පිළිතුරු ලෙසින් අද පානදුර ක්‍රීඩකයෝ රැස්කර ගත්තේ ලකුණු 161ක් පමණි. ඒ අනුව ලකුණු 14ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ සත්කාරක ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වන විට කිසිවෙකු නොදැවී ලකුණු 43ක් රැස්කර ගෙන සිටියහ. 

පානදුර ඉනිම වෙනුවෙන් නායක උමේෂ් කරුණාරත්න පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 76ක් රැස්කර ගත්තේය. 

ගාල්ල ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 175 (69.2) මන්සූර් අම්ජාඩ් 28, දමිත හුණුකුඹුර 29, රවිශ්ක විජේසිරි 48, රොෂාන් ජයතිස්ස 2/31, චලන ද සිල්වා 3/52, උමේෂ් කරුණාරත්න 4/48. 

පානදුර ක්‍රීඩා සමාජය : පළමු ඉනිම (පළමු දිනය අවසානයේ පන්දුවාර 18ක දී කඩුලු 3ක් දැවී 32) සියලු දෙනා දැවී 161 (57.1) සංජික රිද්ම 27, උමේෂ් කරුණාරත්න නොදැවී 76, අහමඩ් ජමාල් 4/63, කවික ඩිල්ෂාන් 5/45. 

ගාල්ල ක්‍රිකට් සමාජය : දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී 43 (15) මංසූර් අහමඩ් නොදැවී 35. 

නුගේගොඩ සහ කුරුණෑගල යූත් අතර තරගය 

පනාගොඩ දී පැවති මෙම තරගයේ දී නුගේගොඩ කණ්ඩායම වෙනුවෙන් පෙර දිනයේ නොදැවී ලකුණු 84ක් රැස්කර ගෙන සිටි පැතුම් වික්‍රමසිංහ අද තම ශතකය වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුනි. ඔහු පන්දු 204කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 118ක් රැස්කර ගත්තේය. මෙය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් තරගවල හොඳම ඉනිමයි. 

ඊට අමතරව ඉරෝෂ් සමරසූරිය, ප්‍රමුද් හෙට්ටිවත්ත සහ පසිඳු මධුශාන් ද අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. 

නුගේගොඩ ක්‍රීඩා සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 47ක දී කඩුලු 2ක් දැවී 201) සියලු දෙනා දැවී 413 (103.5) ඉරෝෂ් සමරසූරිය 50, පැතුම් වික්‍රමසිංහ 118, ප්‍රමුද් හෙට්ටිවත්ත 85, අසන්ත බස්නායක 23, පසිඳු මධුශාන් 59, බාසිට් අලි 36, ලහිරු ජයරත්න 3/91, විනෝද් පෙරේරා 4/97, නවින් කවිකාර 3/107. 

කුරුණෑගල යූත් සමාජය : පළමු ඉනිම කිසිවෙකු නොදැවී 35 (14) සංදීප් කුන්චිකූර් නොදැවී 26. 

දකුණු අප්‍රිකානුවන්ගේ පාකිස්තාන ගමන කල් යන ලකුණු

බංග්ලාදේශ කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය අවසන් වීමෙන් අනතුරුව විස්සයි විස්ස තරග ත්‍රිත්වයක් සඳහා එළඹෙන මාර්තු මාසයේ අග භාගයේ දී දකුණු…

වරාය අධිකාරිය සහ ගුවන් හමුදාව අතර තරගය 

දොඹගොඩ යුද හමුදා පිටියේ දී පැවති මෙම තරගයේ අද දිනයේ දී ශතකයක් වාර්තා කිරීමට විදෙස් ක්‍රීඩක හස්නයින් බෝකාරි සමත් විය. 

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 70ක දී කඩුලු 4ක් දැවී 231) කඩුලු 8ක් දැවී 420 (115.5) රමේෂ් නිමන්ත 62, අදීශ නානායක්කාර 51, ඉෂාන් රංගන 73, හස්නයින් බෝකාරි 160, ගයාන් ද සිල්වා 3/86. 

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය : පළමු ඉනිම කඩුලු 5ක් දැවී 60 (18.5) රවිඳු සෙම්බකුට්ටිගේ 25, චානක කොමසාරු 2/19, රජීව වීරසිංහ 2/07. 

මෙම සියලු තරග හෙට (16) දිනයේ දී තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<