දසුන් ශානක සහ මනෝජ් සරත්චන්ද්‍රත් ශතක සමාජයට

392

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (09) අවසන් වූ තරගවල දී ශතක ලබා ගැනීමට එස්. එස්. සී. කණ්ඩායමේ දසුන් ශානක සහ ටැමිල් යූනියන් කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර සමත් වූහ.  

වරායේ කොමා කඩුලු 11ක් ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B ක්‍රිකට් තරගාවලියේ අද (09)…

බී. ආර්. සී. සහ සී. සී. සී. 

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී සංචාරක සී. සී. සී. ක්‍රීඩකයෝ සත්කාරකයන්ට එරෙහිව ලකුණු 145ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. 

තරගයේ අවසන් දිනයේ දී සංචාරක ක්‍රීඩකයෝ සත්කාරක ක්‍රීඩකයන්ට ලබා දුන් අභියෝගය වූයේ ලකුණු 407කි. නමුත් ඔවුන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 145ක් පමණි. 

එම ඉනිම වෙනුවෙන් භානුක රාජපක්ෂ පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 93ක් ලබා ගත්තේය. ඊට අමතරව නායක ශනුක දුලාජ් පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 68ක් ලබා ගත්තේය. 

කඩුලු ලබා ගැනීමේ දී අශාන් ප්‍රියංජන් ලකුණු 42කට කඩුලු 5ක් දවා ගත්තේය. 

  • සී. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 416 (77.1) රොන් චන්ද්‍රගුප්ත 95, මිනෝද් භානුක 108, ලසිත් අබේරත්න 84, වනිඳු හසරංග 63, තරිඳු කෞෂාල් 4/125, දුවිඳු තිලකරත්න 6/102
  • බී. ආර්. සී.; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 8ක දී කිසිවෙක් නොදැවී 24) සියලුම දෙනා දැවී 277 (65.2) සාගර් මංගොලකාර් 52, භානුක රාජපක්ෂ 85, ශනුක දුලාජ් 37, තරිඳු කෞෂාල් නොදැවී 50, මාලින්ද පුෂ්පකුමාර 4/63, අශාන් ප්‍රියංජන් 3/58, උෂාන් ඉශක් 2/27 
  • සී. සී. සී.; දෙවැනි ඉනිම (දෙවැනි දිනය අවසන් වන විට පන්දුවාර 32ක දී කඩුල්ලක් දැවී 144) කඩුලු 6ක් දැවී 267 (52) එම්. පී. එම්. වීරසිංහ 82, රොන් චන්ද්‍රගුප්ත 77, අශාන් ප්‍රියංජන් 45, ලසිත් අබේරත්න නොදැවී 25, දුවිඳු තිලකරත්න 4/93, චමීර දිසානායක 2/58
  • බී. ආර්. සී.; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 261 (67.5) දේශාන් ඩයස් 33, භානුක රාජපක්ෂ 93, ශනුක දුලාජ් 68, විශ්ව ප්‍රනාන්දු 2/34, අශාන් ප්‍රියංජන් 5/42

කෝල්ට්ස් සහ යුද හමුදාව අතර තරගය

හැව්ලොක් පෙදෙස කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

Photos: Colts CC Vs Army SC | Major League Tier A Tournament 2019/20

පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා ක්‍රීඩකයෝ ලකුණු 270ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 336ක් ලබා ගත්හ. ලකුණු 66ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි යුද හමුදා දිනය අවසන් වන විට සියලුම දෙනා දැවී ලකුණු 268ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තේය. 

  • ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 270 (89.3) තුලින ඩිල්ෂාන් 28, දිනේෂ් චන්දිමාල් 44, අසේල ගුණරත්න 87, හිමාෂ ලියනගේ 73, නිසල තාරක 4/47, ඩිල්රුවන් පෙරේරා 5/58
  • කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 90ක දී කඩුලු 9ක් දැවී 312) සියලුම දෙනා දැවී 336 (100.1) අවිශ්ක ප්‍රනාන්දු 41, හෂාන් දුමිඳු 27, විශාද් රන්දික 132, ධනංජය ලක්ෂාන් 30, ඩිල්රුවන් පෙරේරා 25, ජනිත් සිල්වා 2/75, හේෂාන් හෙට්ටිආරච්චි 2/55, මල්ක මධුශංක 3/83, දුෂාන් විමුක්ති 2/55 
  • ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 268 (68.4) දුෂාන් විමුක්ති 20, දිනේෂ් චන්දිමාල් 89, අසේල ගුණරත්න 20, හිමාෂ ලියනගේ 33, ජනිත් සිල්වා 37, මල්ක මධුශංක 27, සංජීව් කුමාරස්වාමි නොදැවී 20, නිසල තාරක 2/51,  ලසිත් මාලිංග 2/39, ප්‍රභාත් ජයසූරිය 3/109, ඩිල්රුවන් පෙරේරා 3/62

සාන්ත අන්තෝනි විද්‍යාලය B කාණ්ඩයේ පෙරමුණ ගනියි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් …

එස්. එස්. සී. සහ මීගමුව 

කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

තරගයේ අවසන් දිනයේ දී එස්. එස්. සී. කණ්ඩායමේ නායක ශතකයක් වාර්තා කිරීම කැපී පෙණුනි. ඔහු පෙර දිනයේ නොදැවී ලකුණු 21ක් ලබා සිටි අද දැවී යන විට පන්දු 177කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 130ක් ලබා සිටියේය. 

එම ඉනිම ලකුණු 409කින් අවසන් වෙද්දී උපුල් ඉන්ද්‍රසිරි ලකුණු 110කට කඩුලු 5ක් ද රොෂේන් ප්‍රනාන්දු ලකුණු 114කට කඩුලු 4ක් ද දවා ගත්හ. 

තරගය අවසන් වන විට නුගේගොඩ ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 126ක් ලබා සිටියහ. 

  • මීගමු ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 90ක දී කඩුලු 5ක් දැවී 338) සියලුම දෙනා දැවී 428 (111.3) ඩිල්ෂාන් මුණවීර 120, අශේන් සිල්වා 66, මාධව වර්ණපුර 66, පසිඳු ලක්ෂාන් 40, සාද් නසීම් 32, රොස්කෝ තට්ටිල් 51, උපුල් ඉන්ද්‍රසිරි 29, හිමේෂ රාමනායක 2 /56, තරිඳු රත්නායක 4/125
  • එස්. එස්. සී.: පළමු ඉනිම (දෙවැනි දිනය අවසන් වනවිට පන්දු වාර 65ක දී කඩුලු 6ක් දැවී 239) සියලුම දෙනා දැවී 409 (107.2) සඳුන් වීරක්කොඩි 144, කවිඳු කුලසේකර 57, දසුන් ශානක 130, ආකාශ් සේනාරත්න 35, රොෂේන් ප්‍රනාන්දු 4/114, උපුල් ඉන්ද්‍රසිරි 5/110
  • මීගමු ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 126 (34) ඩිල්ෂාන් මුණවීර 49, අශේන් සිල්වා 24, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 29, තරිඳු රත්නායක 2/46

විශාද් සහ සඳුන් ශතකවලින් සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (07)…

Group B

එන්. සී. සී. සහ ලංකන් 

කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගය විසඳුමකින් තොරව අවසන් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 551ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ලංකන් ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 394ක් ලබා ගත්හ. 

Photos: NCC Vs Lankan CC – Major League Tier A Tournament 2019/20

අද අවසන් වූ එම ඉනිම වෙනුවෙන් රිසිත් උපමාල් සහ සවන් කංකානංගේ අර්ධ ශතක වාර්තා කළහ. 

දෙවැනි ඉනිමට පිටියට පිවිසි එන්. සී. සී. ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 147ක් ලබා සිටියහ. එම ඉනිමේ දී ලහිරු උදාර පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් නොදැවී නොදැවී ලකුණු 68ක් ලබා ගත් අතර මහේල උඩවත්ත පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 74ක් ලබා ගත්තේය. 

  • එන්. සී. සී.; පළමු ඉනිම (පළමු දිනය අවසන් වෙන විට පන්දුවාර 89.5ක දී කඩුලු 6ක් දැවී ලකුණු 403) කඩුලු 9ක් දැවී 511 (107.2) පැතුම් නිස්සංක 129, ලහිරු උදාර 39, මහේල උඩවත්ත 24, උපුල් තරංග 69, ඇන්ජලෝ පෙරේරා 51,  සහන් ආරච්චිගේ 64, චාමික කරුණාරත්න 63, චානක රුවන්සිරි 3/57, ගීත් කුමාර 2/71
  • ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනයට අවසන් වෙන විට පන්දුවාර 69ක දී කඩුලු 4ක් දැවී 249) සියලුම දෙනා දැවී 394 (133.2) කසුන් අබේරත්න 36, ප්‍රිමෝෂ් පෙරේරා 66, දමිත සිල්වා 20, ගීත් කුමාර 70, චානක රුවන්සිරි 51, රිසිත් උපමාල් නොදැවී 59, සවන් කංකානංගේ 54, චතුරංග ද සිල්වා 4/82, චාමික කරුණාරත්න 2/37, ලසිත් ඇඹුල්දෙණිය 2/88
  • එන්. සී. සී.; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 147 (23) ලහිරු උදාර නොදැවී 68, මහේල උඩවත්ත නොදැවී 74

ටැමිල් යූනියන් සහ හලාවත මේරියන්ස් 

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 9 ජයග්‍රහණයක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

Photos: Tamil Union C & AC Vs Chilaw Marians CC – Major League Tier A Tournament 2019/20

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 184ක් ලබා ගත යුතු වූ ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට ලකුණු 298ක් ලබා ගත්තේ මනෝජ් සරත්චන්ද්‍ර රැස් කරන ලද ලකුණු 158ක් ද සමගිනි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 160කට මුහුණ දුන් අතර හතරේ පහර 21ක් සහ හයේ පහර 4ක් එම ඉනිමට ඇතුලත් කළේය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 115ක හඹායන ඉනිමකට පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ ඊට එක් කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමින් අවශ්‍ය ලකුණු ප්‍රමාණය පසු කළහ. 

  • ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 162 (63.2) ප්‍රසංසන ජයමාන්න 20, තරංග පරණවිතාන 45, මධුක ලියනපතිරණගේ 34, අසිත ප්‍රනාන්දු 5/50, තික්ෂිල ද සිල්වා 4/42
  • හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 21ක දී කඩුලු 2ක් දැවී 92) සියලුම දෙනා දැවී 346 (87.1) ලසිත් කෘaස්පුල්ලේ 53, ඔෂද ප්‍රනාන්දු නොදැවී 41, කමිඳු මෙන්ඩිස් 73, ෂෙහාන් ජයසූරිය 44, තික්ෂිල ද සිල්වා 58, පුලින තරංග 31, සුරංග ලක්මාල් 5/79, මධුක ලියනපතිරණගේ 3/99
  • ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය ; දෙවැනි ඉනිම (දෙවැනි දිනය අවසන් වන විට පන්දුවාර 21ක දී කඩුලු 3ක් දැවී 45) සියලුම දෙනා දැවී 298 (76.2) කිත්රුවන් විතානගේ 30, මනෝජ් සරත්චන්ද්‍ර 158,  අසිත ප්‍රනාන්දු 4/92, නිමේෂ් විමුක්ති 2/42, ෂෙහාන් ජයසූරිය 2/75, පුලින තරංග 2/34
  • හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; කඩුල්ලක් දැවී 116 (17) ලසිත් කෘaස්පුල්ලේ 23, සුමිට් ගාඩිගොංකර් නොදැවී 55, ඔෂද ප්‍රනාන්දු නොදැවී 30

බදුරලිය සහ රාගම 

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද දෙවැනි දිනයට නිමා වූ තරගයේ දී තම පළමු ඉනිම ක්‍රීඩා කළ බදුරලිය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 505ට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි රාගම ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 28ක් ලබා සිටියහ. 

බදුරලිය ඉනිමේ අද දවසේ කැපී පෙනෙන පිතිකරු වූයේ ලහිරු මිලන්තය. ඔහු පන්දු 185කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 95ක් ලබා ගත්තේය. ඔහුට අමතරව නායක අලංකාර අසංක පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේය. 

පන්දු යැවීමේ දී ශිරාන් ප්‍රනාන්දු ලකුණු 97කට කඩුලු 5ක් දවා ගත්තේය.  

  • බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 62කදී කඩුලු 2ක් දැවී 215) කඩුලු 9ක් දැවී 505 (146.5) සාලින්ද උෂාන් 54, බ්‍රාවිස් ෂෙට්ටි 157, ලහිරු මිලන්ත 95, ටී. එන්. සම්පත් 48, ශාහිඩ් යුසූෆ් 41, අලංකාර අසංක නොදැවී 50, ෂෙහාන් මධුශංක 20, ශිරාන් ප්‍රනාන්දු 5/97, ජනිත් ලියනගේ 2/27
  • රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 28 (7) ලහිරු සමරකෝන් 2/17

මෙම තරගය හෙට (10) තෙවැනි දිනයට ක්‍රියාත්මකය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<