විශාද් සහ සඳුන් ශතකවලින් සැරසෙයි

73

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (07) දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වීමට කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ විශාද් රන්දික සහ එස්. එස්. සී. කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි සමත් වූහ.

අද ලකී 7 පන්දු යවන්නා ගයාන් සිරිසෝම

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B ක්‍රිකට් තරගාවලියේ අද (08)…

Group A

බී. ආර්. සී. සහ සී. සී. සී. 

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී සංචාරක සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 416ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බී. ආර්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 277ක් ලබා ගත්හ.

තරගයේ දෙවැනි දිනය නිමා වන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 144ක් ලබා සිටියහ. ඒ අනුව ඔවුන් මේ වන විට ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 283ක් ඉදිරියෙන් පසුවේ.

Photos: BRC Vs CCC | Major League Tier A Tournament 2019/20

බී. ආර්. සී. ඉනිම වෙනුවෙන් භානුක රාජපක්ෂ පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 85ක් ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේය. ඔවුන්ගේ ඉනිම අවසන් වන විට තරිඳු කෞෂාල් පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේය.  

සී. සී. සී. දෙවැනි ඉනිමේ දී ආරම්භක පිතිකරු එම්. පී. එම්. වීරසිංහ පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබා සිටින අතර රොන් චන්ද්‍රගුප්ත පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තේය. 

සී. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 416 (77.1) රොන් චන්ද්‍රගුප්ත 95, මිනෝද් භානුක 108, ලසිත් අබේරත්න 84, වනිඳු හසරංග 63, තරිඳු කෞෂාල් 4/125, දුවිඳු තිලකරත්න 6/102

බී. ආර්. සී.; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 8කදී කිසිවෙක් නොදැවී 24) සියලුම දෙනා දැවී 277 (65.2) සාගර් මංගොලකාර් 52, භානුක රාජපක්ෂ 85, ශනුක දුලාජ් 37, තරිඳු කෞෂාල් නොදැවී 50, මාලින්ද පුෂ්පකුමාර 4/63, අශාන් ප්‍රියංජන් 3/58, උෂාන් ඉශක් 2/27 

සී. සී. සී.; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 144 (32) එම්. පී. එම්. වීරසිංහ නොදැවි 62, රොන් චන්ද්‍රගුප්ත 77

කෝල්ට්ස් සහ යුද හමුදාව

හැව්ලොක් පෙදෙස කෝල්ට්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 270ට පිළිතුරු ලෙසින් දෙවැනි දිනය අවසන් වන විට ප්‍රතිවාදී කෝල්ට්ස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 312ක් ලබා සිටියහ. 

කෝල්ට්ස් ඉනිමේ දී විශාද් රන්දික පන්දු 228කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 122ක් ලබා සිටියේය. 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 270 (89.3) තුලින ඩිල්ෂාන් 28, දිනේෂ් චන්දිමාල් 44, අසේල ගුණරත්න 87, හිමාෂ ලියනගේ 73, නිසල තාරක 4/47, ඩිල්රුවන් පෙරේරා 5/58

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 312 (90) අවිශ්ක ප්‍රනාන්දු 41, හෂාන් දුමිඳු 27, විශාද් රන්දික නොදැවී 122, ධනංජය ලක්ෂාන් 30, ඩිල්රුවන් පෙරේරා 25, ජනිත් සිල්වා 2/69, මල්ක මධුශංක 3/67, දුෂාන් විමුක්ති 2/55 

සහිරාව අවශ්‍යම ජයක් ලබා ගනිද්දී රාජකීයට නොතිබූ ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග…

එස්. එස්. සී. සහ මීගමුව

කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ මීගමු ක්‍රීඩකයෝ පළමු දිනයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 338ක් ලබා සිටි අතර අද ඔවුන් තම පළමු ඉනිම නිමා කළේ ලකුණු 428කින් තම ඉනිම සරසා ගනිමිනි. 

එහි දී රොස්කෝ තටිල් අද, අර්ධ ශතකයක් වාර්තා කිරීම කැපී පෙණුනි. තටිල් පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේය.  

ප්‍රතිවාදී එස්. එස්. සී. ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 239ක් ලබා සිටියහ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි ය. ඔහු පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 114ක් ලබා ගත්තේය. 

ඊට අමතරව කවිඳු කුලසේකර පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේය.  

මීගමු ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 90ක දී කඩුලු 5ක් දැවී 338) සියලුම දෙනා දැවී 428 (111.3) ඩිල්ෂාන් මුණවීර 120, අශේන් සිල්වා 66, මාධව වර්ණපුර 66, පසිඳු ලක්ෂාන් 40, සාද් නසීම් 32, රොස්කෝ තටිල් 51, උපුල් ඉන්ද්‍රසිරි 29, හිමේෂ රාමනායක 2 /56, තරිඳු රත්නායක 4/125

එස්. එස්. සී.; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 239 (65) සඳුන් වීරක්කොඩි 144, කවිඳු කුලසේකර 57, දසුන් ශානක නොදැවී 21, රොෂේන් ප්‍රනාන්දු 2/53, උපුල් ඉන්ද්‍රසිරි 3/56

සචිත්‍රගෙන් විශේෂ නිවේදනයක්!

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලුම අංශවලට සමු…

Group B

එන්. සී. සී. සහ ලංකන්  

කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ අද තම පළමු ඉනිම අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 511ක් ලබා ගනිමින් සෑහීමකට පත් වෙමිනි. තරගයේ දෙවැනි දිනය නිමා වෙන විට ලංකන් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 249ක් ලබා සිටියහ. 

එන්. සී. සී. ඉනිම වෙනුවෙන් අද අර්ධ ශතක වාර්තා කිරීමට සහන් ආරච්චිගේ සහ චාමික කරුණාරත්න සමත් වූහ.

ලංකන් ඉනිම වෙනුවෙන් ප්‍රිමෝෂ් පෙරේරා, ගීත් කුමාර සහ චානක රුවන්සිරි අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙණුනි.  

එන්. සී. සී.; පළමු ඉනිම (පළමු දිනය අවසන් වෙන විට පන්දුවාර 89.5කදී කඩුලු 6ක් දැවී ලකුණු 403) කඩුලු 9ක් දැවී 511 (107.2) පැතුම් නිස්සංක 129, ලහිරු උදාර 39, මහේල උඩවත්ත 24, උපුල් තරංග 69, ඇන්ජලෝ පෙරේරා 51,  සහන් ආරච්චිගේ 64, චාමික කරුණාරත්න 63, චානක රුවන්සිරි 3/57, ගීත් කුමාර 2/71

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 249 (69) කසුන් අබේරත්න 36, ප්‍රිමෝෂ් පෙරේරා 66, දමිත සිල්වා 20, ගීත් කුමාර නොදැවී 61, චානක රුවන්සිරි 51

ටැමිල් යුනියන් සහ හලාවත මේරියන්ස්

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ටැමිල් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස ලකුණු 162ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් තරගය නතර කරන සංචාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 346ක් ලබා ගත්හ. 

එම ඉනිමේ දෙවැනි දිනයේ දී කමිඳු මෙන්ඩිස් සහ තික්ෂිල ද සිල්වා අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් කඩුලු 5ක් දවා ගත්තේය. 

තරගයේ දෙවැනි දිනය අවසන් වන විට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 184ක් ලබා ගත යුතු ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලබා සිටියේ ලකුණු 45ක් පමණි. දවා ගත් එම කඩුලු තුනේම හිමිකාරීත්වය අසිත ප්‍රනාන්දු සතු විය. 

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 162 (63.2) ප්‍රසංසන ජයමාන්න 20, තරංග පරණවිතාන 45, මධුක ලියනපතිරණගේ 34, අසිත ප්‍රනාන්දු 5/50, තික්ෂිල ද සිල්වා 4/42

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 21කදී කඩුලු 2ක් දැවී 92) සියලුම දෙනා දැවී 346 (87.1) ලසිත් කෘaස්පුල්ලේ 53, ඔෂද ප්‍රනාන්දු නොදැවී 41, කමිඳු මෙන්ඩිස් 73, ෂෙහාන් ජයසූරිය 44, තික්ෂිල ද සිල්වා 58, පුලින තරංග 31, සුරංග ලක්මාල් 5/79, මධුක ලියනපතිරණගේ 3/99

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 45 (21) අසිත ප්‍රනාන්දු 3/28

මෙම තරග සියල්ල හෙට (09) තෙවැනි දිනයට ක්‍රියාත්මක ය. 

බදුරලිය සහ රාගම

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (08) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රාගම ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 215ක් ලබා සිටියහ.

එම ඉනිම වෙනුවෙන් විදෙස් ක්‍රීඩක බ්‍රාවිස් ෂෙට්ටි නොදැවී ශතයක් ලබා ගත් අතර ආරම්භක පිතිකරු සාලින්ද උෂාන් පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමගින් ලකුණු 54ක් ලබා ගත්තේය. 

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 215 (62) සාලින්ද උෂාන් 54, බ්‍රාවිස් ෂෙට්ටි නොදැවී 104, ශිරාන් ප්‍රනාන්දු 2/50

මෙම තරගය හෙට (09) දෙවැනි දිනට ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<