මිනෝද් නැවතත් ශතක ලැයිස්තුවට

79

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (07) දිනයේ ආරම්භ වූ තරග වලදී ශතක තුනක් වාර්තා වූ අතර ඒ අතුරින් අඛණ්ඩව දෙවැනි ශතකයත් වාර්තා කිරීමට සී. සී. සී. කණ්ඩායමේ මිනෝද් භානුක සමත් විය. 

සවිඳු පීරිස් ලකුණු 7කට කඩුලු 5ක් දවා ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B නාවික හමුදාව සහ කැන්ඩි කස්ටම්ස්…..

ඔහුට අමතරව මීගමුව ක්‍රිකට් සමාජයේ නායක ඩිල්ෂාන් මුණවීර සහ එන්. සී. සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද ශතක රැස්කර ගත්හ. 

Group A 

බී. ආර්. සී. සහ සී. සී. සී. අතර තරගය 

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක සී. සී. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්හ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 416ක් රැස්කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බී. ආර්. සී. ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 24ක් රැස්කර ගෙන සිටියහ. 

සී. සී. සී. ඉනිම වෙනුවෙන් ශතකයක් සහ අර්ධ ශතක 3ක් වාර්තා වීම කැපී පෙනුනි. පෙර තරගයේ දීද ශතකයක් වාර්තා කිරීමට සමත් වූ මිනෝද් භානුක මෙම තරගයේ දී පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර10ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 108ක් රැස්කර ගත්තේය. 

ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 95ක් රැස්කර ගත්තේය. ඊට අමතරව ලසිත් අබේරත්න (84) සහ වනිඳු හසරංග (63) අර්ධ ශතක වාර්තා කළහ.  

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යැවූ දුවිඳු තිලකරත්න ලකුණු 102කට කඩුලු 6ක් දවා ගත් අතර තරිඳු කෞෂාල් ලකුණු 125කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. 

සී. සී. සී. : පළමු ඉනිම සියලු දෙනා දැවී 416 (77.1) රොන් චන්ද්‍රගුප්ත 95, මිනෝද් භානුක 108, ලසිත් අබේරත්න 84, වනිඳු හසරංග 63, තරිඳු කෞෂාල් 4/125, දුවිඳු තිලකරත්න 6/102. 

බී. ආර්. සී. : පළමු ඉනිම කිසිවෙක් නොදැවී 24 (8) 


කෝල්ට්ස් සහ යුද හමුදාව අතර තරගය 

හැව්ලොක් පෙදෙස කෝල්ට්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් යුද හමුදා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් අතර දිනය අවසන් වන විට ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 270ක් රැස්කර ගත්හ. 

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක අසේල ගුණරත්න ය. ඔහු පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 87ක් රැස්කර ගත්තේය. පන්දු 156ක් මුහුණ දෙමින් හිමාෂ ලියනගේ ලකුණු 73ක් රැස්කර ගත් අතර ඔහු තම ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහරක් ඇතුළත් කළේය. 

පන්දු යැවීමේ දී ඩිල්රුවන් පෙරේරා ලකුණු 58කට කඩුලු 5ක් දවා ගත් අතර ආරම්භක වේගපන්දු යැවූ නිසල තාරක කඩුලු 4ක් දවා ගත්තේය. 

යුද හමුදා ක්‍රීඩා සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 270 (89.3) තුලින ඩිල්ෂාන් 28, දිනේෂ් චන්දිමාල් 44, අසේල ගුණරත්න 87, හිමාෂ ලියනගේ 73, නිසල තාරක 4/47, ඩිල්රුවන් පෙරේරා 5/58. 

ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාවට තරගාවලි පරාජයක්

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත (DEAF) ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග…..

එස්. එස්. සී. සහ මීගමුව අතර තරගය 

කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය සත්කාරක ක්‍රීඩකයෝ සතු වූහ. ඔවුන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මීගමු ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 338ක් රැස්කර ගෙන සිටියහ. 

Photos: SSC Vs Negombo CC | Major League Tier A Tournament 2019/20

මීගමු ඉනිමේ ආරම්භක පිතිකරු නායක ඩිල්ෂාන් මුණවීර පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 120ක් රැස්කර ගත්තේය. 

ඊට අමතරව අශේන් සිල්වා සහ මාධව වර්ණපුර ද අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.   

මීගමුව ක්‍රිකට් සමාජය : පළමු ඉනිම කඩුලු 5ක් දැවී 338 (90) ඩිල්ෂාන් මුණවීර 120, අශේන් සිල්වා 66, මාධව වර්ණපුර නොදැවී 66, පසිඳු ලක්ෂාන් 40, සාද් නසීම් 32. 

Group B 

එන්. සී. සී. සහ ලංකන් අතර තරගය 

කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙස එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන එන්. සී. සී. ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 403ක් රැස්කර ගෙන සිටියහ. 

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 204කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟ ලකුණු 129ක් රැස්කර ගත්තේය. ඊට අමතරව උපුල් තරංග පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 69ක් රැස්කර ගත්තේය.  

එන්. සී. සී. නායක ඇන්ජලෝ පෙරේරා ද පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟ ලකුණු 51ක් රැස්කර ගත්තේය. 

එන්. සී. සී. : පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 403 (89.5) පැතුම් නිස්සංක 129, ලහිරු උදාර 39, මහේල උඩවත්ත 24, උපුල් තරංග 69, ඇන්ජලෝ පෙරේරා 51,  සහන් ආරච්චිගේ නොදැවී 28. 

“වයස අදාළ නැහැ දක්ෂතාවයි වැදගත්” – චමරි අතපත්තු

වයස නොබලා දක්ෂතාවය අනුව ජාතික කණ්ඩායමට ක්‍රීඩිකාවන් ගන්නා බවත් දක්ෂතාවය සඳහා වයස බාධාවක්……

ටැමිල් යුනියන් සහ හලාවත මේරියන්ස් අතර තරගය 

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ටැමිල් යුනියන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස ලකුණු 162ක් රැස්කර ගත්හ. ඊට පිළිතුරු ලෙසින් තරගය නතර කරන සංචාරක ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 92ක් රැස්කර ගෙන සිටියහ. 

ටැමිල් යුනියන් ඉනිම අඩු ලකුණු වලට සීමා කිරීමේ දී ආරම්භක වේගපන්දු යැවූ අසිත ප්‍රනාන්දු ලකුණු 50කට කඩුලු 5ක් දවා ගත් අතර ඊට අමතරව තික්ෂිල ද සිල්වා කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.  

ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 162 (63.2) ප්‍රසංසන ජයමාන්න 20, තරංග පරණවිතාන 45, මධුක ලියනපතිරණගේ 34, අසිත ප්‍රනාන්දු 5/50, තික්ෂිල ද සිල්වා 4/42. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම කඩුලු 2ක් දැවී 92 (21) ලසිත් කෲස්පුල්ලේ 53, ඔෂද ප්‍රනාන්දු නොදැවී 31. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<