රිසිත් උපමාල් ශතකයක් වාර්තා කරයි

78

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (04) Group B කාණ්ඩයේ පැවති ලංකන් ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගයේ දී දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වීමට රිසිත් උපමාල් සමත් විය. 

චතුරංග සහ ලහිරු පන්දුවෙන් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (03) Group B කාණ්ඩයේ….

පෙර දිනයේ ලකුණු 36ක් ලබා සිටි රිසිත් උපමාල් අද තම ඉනිම අවසන් කරන විට පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තේය

පිළිතුරු ඉනිම පාලනය කිරීම සඳහා පිටියට පිවිසි බදුරලිය ක්‍රිකට් සමාජයේ කැපී පෙනෙන පිතිකරු වූයේ ලහිරු මිලන්ත ය. ඔහු පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තේය.  

ලංකන් ක්‍රිකට් සමාජය

පළමු ඉනිම(පළමු දිනය නතර කරන විට පන්දුවාර 90ක් අවසානයේ දී කඩුලු 8ක් දැවී 299) සියලුම දෙනා දැවී 429 (127) සියලුම දෙනා දැවී 429 (127) කසුන් අබේරත්න 30, දමිත සිල්වා 82, ගීත් කුමාර 40, චානක රුවන්සිරි 58, රිසිත් උපමාල් 111, ලහිරු සමරකෝන් 4/72, ටී. එන්. සම්පත් 2/57

බදුරලිය ක්‍රිකට් සමාජය

පළමු ඉනිම කඩුලු 4ක් දැවී 212 (50) යසෝද ලංකා 46, සාලින්ද උෂාන් 28, බ්‍රාවිෂ් ෂෙට්ටි 35, ලහිරු මිලන්ත නොදැවී 64, ශාහිඩ් යුසුෆ් නොදැවී 29, 

මෙම තරගය හෙට (05) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<