ආරම්භක දිනයේ දී රමේෂ්ගෙන් ද්විත්ව ශතකයක්

75

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේ දී පිතිකරුවෝ බහුතරයක් දක්ෂතා අතරට පිවිසීමට සමත් විය. එහිදී මුවර්ස් ක්‍රීඩා සමාජයේ රමේෂ් මෙන්ඩිස් ද්විත්ව ශතකයක් වාර්තා කරමින් දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය.  

ශ්‍රී ලාංකිකයෙකුට එවරස්ට් ප්‍රිමියර් ලීග් වරම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග නේපාලයේ එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට…

අද (31) දින තරගාවලියේ තරග 4ක් ක්‍රියාත්මක වූ අතර ඒ අතුරින් රමේෂ්ගේ ද්විත්ව ශතකයට අමතරව තවත් ශතක 4ක් සහ අර්ධ ශතක 6ක් වාර්තා විය. 

මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී මීගමුව ක්‍රිකට් සමාජය සමඟ පැවති තරගයේ දී රමේෂ් මෙන්ඩිස් පන්දු 207කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 205ක් රැස්කර ගත්තේය. ඔහු සචිත්‍ර සේරසිංහ සමඟ එක්වෙමින් සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 323කදී ලකුණු 294ක් එක්කිරීමට ද සමත් වූයේය. 

සචිත්‍ර සේරසිංහ පන්දු 174කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 149ක් රැස්කර ගත්තේය. මුවර්ස් ක්‍රීඩකයෝ මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 509ක් රැස්කර ගෙන සිටි අතර එම ඉනිමට චරිත කුමාරසිංහ සහ නිමන්ද සුබසිංහ ද අර්ධ ශතක එක් කළහ. 

දිනය අවසන් වන විට නිමන්ද සහ රමේෂ් අතර 7 වැනි කඩුල්ලට නොදැවුන ලකුණු 104ක සබඳතාවක් ගොඩනැගී තිබුනි.  

මේ අතර සී. සී. සී. සහ එස්. එස්. සී. කණ්ඩායම් අතර සී. සී. සී. පිටියේ දී පැවති තරගයේ දී මිනෝද් භානුක සහ ලසිත් අබේරත්න ද අද දවසේ ශතක ලබා ගැනීම කැපී පෙනුනි. මිනෝද් භානුක පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 114ක් රැස්කර ගත්තේය. ඔහු අශාන් ප්‍රියංජන් (90) සමඟින් දෙවැනි කඩුල්ලට ලකුණු 157ක සබඳතාවක් ද එක් කළේය. 

දිනය අවසන් වන විට පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 113ක් රැස්කර ගැනීමට ලසිත් අබේරත්න සමත් විය. ඔහු සහ මිනෝද් භානුක එක්ව තෙවැනි කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 110කි. 

දිනයේ අනෙක් ශතක ලාභියා වූයේ සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ගමිඳු කනිශ්ක ය. ඔහු ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 181කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 129ක් රැස්කර ගෙන සිටියේය. ඔහු සහ මිලින්ද සිරිවර්ධන (76) එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 141ක් වාර්තා කිරීමට සමත් වීම ද කැපී පෙනුනි. 

මෙන්ඩිස්ගේ අපල දුරු කරමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්!

පසුගිය කාලය පුරාවට මෙරට ප්‍රේක්ෂකයින්ගේ විවිධ දෝෂාරෝපණ වලට ලක්වුනු ක්‍රීඩකයෙකු…

දිනයේ අවාසනාවන්තම ක්‍රීඩකයා වූයේ යුද හමුදා ක්‍රීඩා සමාජයේ ලක්ෂාන් එදිරිසිංහ ය. ඔහු බී. ආර්. සී. කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ලකුණු 99කට දැවී ගියේය. දුවද්දී දැවී යෑමකට ගොදුරු වූ ඔහු ඉනිම අවසන් වන විට පන්දු 206කට මුහුණ දී සිටි අතර හතරේ පහර 12ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේය. එම ඉනිමේ දී දුෂාන් විමුක්ති ද අර්ධ ශතකයක් රැස්කළ අතර ඔවුන් දෙදෙනා අතර සබඳතාව ලකුණු 158කි. 

නිමා වූ දිනයේ කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූයේ ටැමිල් යුනියන් කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් ය. ඔහු සැරසන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 85කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.  

Group A

මුවර්ස් සහ මීගමුව අතර තරගය (මුවර්ස් පිටියේ දී) 

මුවර්ස් ක්‍රීඩා සමාජය : පළමු ඉනිම කඩුලු 6ක් දැවී 509 (90) චරිත කුමාරසිංහ 51, පබසර වඩුගේ 21, සචිත්‍ර සේරසිංහ 149, රමේෂ් මෙන්ඩිස් නොදැවී 205, නිමන්ද සුබසිංහ නොදැවී 58, චනුර ප්‍රනාන්දු 2/66, සාඩ් නසීම් 3/155. 

සී. සී. සී. සහ එස්. එස්. සී. අතර තරගය (සී. සී. සී. පිටියේ දී) 

සී. සී. සී. : පළමු ඉනිම කඩුලු 6ක් දැවී 430 (90) එම්. පී. එම්. වීරසිංහ 37, මිනෝද් භානුක 114, අශාන් ප්‍රියන්ජන් 90, ලසිත් අබේරත්න නොදැවී 113, වනිඳු හසරංග 23, මළිඳු මදුරංග 21, ආකාශ් සේනාරත්න 2/96, චරිත් අසලංක 2/42.  

යුද හමුදාව සහ බී. ආර්. සී. අතර තරගය (දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී) 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය : පළමු ඉනිම කඩුලු 3ක් දැවී 279 (89) ලක්ෂාන් එදිරිසිංහ 99, දුශාන් විමුක්ති 82, හිමාෂ ලියනගේ නොදැවී 40, අසේල ගුණරත්න නොදැවී 39. 

කණ්ඩායම් 26ක් සමඟින් පළමුපෙළ ක්‍රිකට් තරගාවලිය ජනවාරි 31 ඇරඹෙයි

2019/2020 ප්‍රිමියර් පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් Major A කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය…

Group B

ටැමිල් යුනියන් සහ සැරසන්ස් අතර තරගය (පී. සරා ඕවල් පිටියේ දී) 

සැරසන්ස් ක්‍රීඩා සමාජය : පළමු ඉනිම කඩුලු 9ක් දැවී 296 (84.5) ගමිඳු කනිශ්ක නොදැවී 129, මිලින්ද සිරිවර්ධන 76, චාමිකර එදිරිසිංහ 28, විමුක්ති පෙරේරා 3/46, ජීවන් මෙන්ඩිස් 4/85. 

ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම කිසිවෙක් නොදැවී 01 (1) 

මෙම තරගය සියල්ල හෙට (පෙබරවාරි 01) දිනයේ දී දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<