රොෂේන්, උදාර සහ අශේන් ශතකවලින් වැඩ පෙන්වයි

100

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතියේ දී තවත් ශතක දෙකක් අද (03) වාර්තා විය. ඒ රාගම ක්‍රිකට් සමාජයේ රොෂේන් සිල්වා සහ උදාර ජයසුන්දර ද මීගමු ක්‍රිකට් සමාජයේ අශේන් ද සිල්වා ගෙනි. 

මේ අතර අද නිමා වූ තරග අතුරින් බී. ආර්. සී. කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි. අනෙකුත් සෑම තරගයක්ම ජය පරාජයෙන් තොරව අවසන් විය. 

රමේෂ් මෙන්ඩිස් ත්‍රිත්ව ශතකලාභීන්ගේ සමාජයට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ ..

Group A

මුවර්ස් සහ මීගමුව අතර තරගය 

මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ වැඩි ප්‍රසාද ලකුණු ලබා ගැනීමට සත්කාරක මුවර්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ මීගමු ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ රමේෂ් මෙන්ඩිස්ගේ ත්‍රිත්ව ශතකය ද සමඟින් කඩුලු 9ක් දැවී ලකුණු 652ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් මීගමු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 306ක් පමණි. 

Photos: Moors v Negombo SC | SLC Major League Tier ‘A’ tournament 2019/20

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 346ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මීගමු ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 317ක් ලබා සිටියහ.

එම ඉනිම වෙනුවෙන් අශේන් සිල්වා පන්දු 203කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තේය. ඊට අමතර ව මාධව වර්ණපුර (64) සහ ඇන්ජලෝ ජයසිංහ (නොදැවී 69) අර්ධ ශතක ලබා ගත්හ. 

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරග නතර කරන විට පන්දුවාර 90ක දී කඩුලු 6ක් දැවී 509) කඩුලු 8ක් දැවී 652 (109.1) චරිත කුමාරසිංහ 51, පබසර වඩුගේ 21, සචිත්‍ර සේරසිංහ 149, රමේෂ් මෙන්ඩිස් නොදැවී 300, නිමන්ද සුබසිංහ 90, චනුර ප්‍රනාන්දු 3/101, සාඩ් නසීම් 3/197

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (දෙවැනි දිනට තරගය නතර කරන විට පන්දුවාර 68කදී කඩුලු 9ක් දැවී 302) සියලුම දෙනා දැවී 306 (69.3) ඩිල්ශාන් මුණවීර 43, පසිඳු ලක්ශංක 23, සාඩ් නසීම් 58, රොස්කෝ තට්ටිල් 77, ලක්ෂිත මනසිංහ 53, කවිශ්ක අංජුල 2/46, සචිත්‍ර සේරසිංහ 3/66, රමේෂ් මෙන්ඩිස් 4/74 සහ දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 315 (86) ඩිල්ෂාන් මුණවීර 27, අශේන් සිල්වා 102, මාධව වර්ණපුර 64, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 69, සාඩ් නසීම් 28, ප්‍රවීන් ජයවික්‍රම 2/67, චතුර රන්දුණු 2/84


සී. සී. සී. සහ එස්. එස්. සී. අතර තරගය 

සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් සත්කාරක ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබූහ. 

තරගයේ තෙවැනි දිනයේ ආරම්භක පැයේ දී එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිම ලකුණු 260ක්ව තිබිය දී අවසන් විය. 

Photos: CCC vs SSC | SLC Major League Tier ‘A’ tournament 2019/20

ලකුණු 288ක් ඉදිරියෙන් සිටිමින් නැවත වතාවක් පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 133ක් ලබා ගත්තේ රොන් චන්ද්‍රගුප්තගේ අගනා අර්ධ ශතකයක් ද සමඟිනි. රොන් පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 70ක් ලබා ගත්තේය. 

ලකුණු 422ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට ලබා සිටියේ කඩුලු 9ක් දැවී ලකුණු 178ක් පමණි. එම ඉනිම වෙනුවෙන් නායක දසුන් ශානක පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේය. 

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 76කට කඩුලු 6ක් දවා ගත්තේය. 

සී. සී. සී.; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 90ක දී කඩුලු 6ක් දැවී 430) සියලුම දෙනා දැවී  548 (119) එම්. පී. එම්. වීරසිංහ 37, මිනෝද් භානුක 114, අශාන් ප්‍රියන්ජන් 90, ලසිත් අබේරත්න 153, වනිඳු හසරංග 23, මළිඳු මදුරංග 21, පවෙන් රත්නායක නොදැවී 71,  හිමේෂ් රාමනායක 2/71, තරිඳු රත්නායක 2/99, ආකාශ් සේනාරත්න 4/120, චරිත් අසලංක 2/53 

එස්. එස්. සී.; පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 61ක දී කඩුලු 7ක් දැවී 234) සියලුම දෙනා දැවී 260 (68.1) සඳුන් වීරක්කොඩි 24, චරිත් අසලංක 33, කවිඳු කුලසේකර 84, පසිඳු සූරියබණ්ඩාර 48, ආකාශ් සේනාරත්න 23, උස්මාන්  ඉසක් 4/67, මාලින්ද පුෂ්පකුමාර 4/68

සී. සී. සී.  දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 133 (28) එම්. පී. එම්. වීරසිංහ 42, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 70

එස්. එස්. සී.; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 178 (56) සඳුන් වීරක්කොඩි 33, සොහාන් ඩි ලිවේරා 24, දසුන් ශානක 52, වනිඳු හසරංග 6/76, මාලින්ද පුෂ්පකුමාර 2/49

උමේෂ් කරුණාරත්න ශතකය පසුකර යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Premier League Tier B ක්‍රිකට් තරගාවලියේ …

යුද හමුදාව සහ බී. ආර්. සී. අතර තරගය 

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයෙන් ලකුණු 175ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. 

තරගයෙන් ඉනිමක බේරීම සඳහා ලකුණු 347ක් කරා යන ගමනේ බී. ආර්. සී. ක්‍රීඩකයෝ තෙවැනි දිනයට පිවිසියේ තවත් ලකුණු 288ක් ලබා ගැනීමටය. නමුත් ඔවුන් සතුව තිබුණේ කඩුලු 8ක් පමණි. එහෙත් ඔවුන්ට තම දෙවැනි ඉනිමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 172ක් පමණි. 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනය නතර කරන විට පන්දුවාර 89ක් අවසානයේ කඩුලු 3ක් දැවී 279) සියලුම දෙනා දැවී 435 (125.4) ලක්ෂාන් එදිරිසිංහ 99, දුශාන් විමුක්ති 82, හිමාෂ ලියනගේ 48, අසේල ගුණරත්න 82, සීක්කුගේ ප්‍රසන්න 42, සාගර් මංගලකර් 2/64, දුවිඳු තිලකරත්න 4/80

බී. ආර්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 88 (25.5) තරිඳු කෞෂාල් නොදැවී 19, හේෂාන් හෙට්ටිආරච්චි 3/30, දුෂාන් විමුක්ති 5/20 සහ දෙවැනි ඉනිම (තරගය දෙවැනි දිනයට නතර කරන විට පන්දුවාර 16.4ක දී කඩුලු 2ක් දැවී 59) සියලුම දෙනා දැවී 172 (48.1) සාගර් මංගලකර් 50, ශනුක දුලාජ් 45, දුශාන් විමුක්ති 4/49, සංජීව් කුමාරස්වාමි 2/33

Group B

ටැමිල් යූනියන් සහ සැරසන්ස් අතර තරගය 

පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Tamil Union C & AC vs Saracens SC | SLC Major League Tier ‘A’ tournament 2019/20

තරගයේ තෙවැනි දිනයේ දී සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රමෝද් මධුවන්ත පන්දු 157කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තේය. 

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 296 (84.5) ගමිඳු කනිශ්ක නොදැවී 129, මිලින්ද සිරිවර්ධන 76, චාමිකර එදිරිසිංහ 28, විමුක්ති පෙරේරා 3/46, ජීවන් මෙන්ඩිස් 4/85

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම (පළමු දිනය පන්දුවාර 1ක දී කිසිවෙක් නොදැවී 01 සහ දෙවැනි දිනය පන්දුවාර 91ක දී කඩුලු 9ක් දැවී 245) සියලුම දෙනා දැවී 250 (93.2) මධුක ලියනපතිරණගේ 26, ප්‍රසන්සන ජයමාන්න 23, ජීවන් මෙන්ඩිස් 83, මනෝජ් සරත්චන්ද්‍ර 26, සාලිය සමන් 2/38, මොහොමඩ් ඩිල්ශාඩ් 3/34, චාමිකර එදිරිසිංහ 2/71

සැරසන්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 206 (74.4) සිතාර ගිම්හාන් 26,  කවිඳු නිර්මාල් 32, මිලින්ද සිරිවර්ධන 38, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 54, අශේන් බණ්ඩාර 26, මධුක ලියනපතිරණගේ 3/51, කසුන් මධුශංක 2/48

බයිලා නොගැසූ එම්. එස්

එම්.එස් යන නාමය ප්‍රසිද්ධ බයිලා වලටය. නමුත් මේ ලිපියෙන් විමසා බැලෙන්නේ බයිලා නොගැසූ…

එන්. සී. සී. සහ රාගම අතර තරගය 

එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනයේ දී නොදැවී ලකුණු 256ක් රැස් කරගෙන සිටි ලහිරු උදාර ගේ ඉනිම අද ලකුණු 290කට සීමා විය. ඔහු මේ වෙනුවෙන් පන්දු 303කට මුහුණ දුන් අතර හතරේ පහර 28ක් සහ හයේ පහර 9ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේය. 

එම ඉනිමේ කඩුලු 5ක් ලකුණු 152කට දවා ගැනීමට අමිල අපෝන්සු සමත් විය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාගම ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය නිමා වන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 269ක් රැස් කර ගෙන සිටියහ. එම ඉනිම වෙනුවෙන් උදාර ජයසුන්දර සහ රොෂේන් සිල්වා ශතක ලබා ගැනීම කැපී පෙනුණි. 

උදාර ජයසුන්දර තරගය නතර කරන විට පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟෙින් නොදැවී ලකුණු 105ක් රැස් කරගෙන සිටියේය. රොෂේන් සිල්වා රැස් කර ගත් ලකුණු ප්‍රමාණය 139කි. ඔහු මේ වෙනුවෙන් පන්දු 230ක් වැය කළ අතර ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ඇතුලත් කළේය. 

ඔවුන් දෙදෙනා එක්ව රාගම ඉනිමේ තෙවැනි කඩුල්ලට ලකුණු 254ක් වාර්තා කළහ. 

එන්. සී. සී.; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 90ක දී කඩුලු 6ක් දැවී 482) සියලුම දෙනා දැවී 552 (107) ලහිරු උදාර 290, ඇන්ජලෝ පෙරේරා 74, චතුරංග ද සිල්වා 57, සහන් ආරච්චිගේ 55, චාමික කරුණාරත්න 31, අමිල අපෝන්සු 5/152, ඉෂාන් ජයරත්න 3/100

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 269 (68.5) උදාර ජයසුන්දර නොදැවී 105, රොෂේන් ලිස්වා 139, චතුරංග ද සිල්වා 2/81

මෙම තරගය හෙට (03) තෙවැනි දිනයට ක්‍රියාත්මකය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<