නිශාන් සහ ලහිරු දක්ෂතා දක්වයි

85

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier A ක්‍රිකට් තරගාවලියේ අද (23) දින නිමා වූ තරග අතුරින් රාගම ක්‍රිකට් සමාජයේ නිශාන් මධුශ්ක සහ බදුරලිය ක්‍රිකට් සමාජයේ ලහිරු සමරකෝන් දක්ෂතා දැක්වීම කැපී පෙනුනි. 

දිනුක ඩිල්ශාන් මංගල තරගයෙන්ම ශතක සමාජයට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier A…..

Group A

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය 

මුවර්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 88ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. ජයග්‍රහණය වෙනුවෙන් දෙවැනි ඉනිමේ දී ලකුණු 205ක ඉලක්කයක් පසුපස ගිය මුවර්ස් ක්‍රීඩකයන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 116ක් පමණි. මුවර්ස් දෙවන ඉනිම අසරණ කිරීමේ දී ඩිල්රුවන් පෙරේරා සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 බැගින් දවා ගත්හ. 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය : පළමු  ඉනිම සියලු දෙනා දැවී 214 (71.3) සදීර සමරවික්‍රම 37, හේෂාන් ධනුෂ්ක 49, සංතුශ් ගුණතිලක 34, විශාද් රන්දික 24, ප්‍රියමාල් පෙරේරා 27, චතුර රන්දුණු 5/42, රමේෂ් මෙන්ඩිස් 2/27. සහ දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 09ක දී කිසිවෙකු නොදැවී 49) කඩුලු 7ක් දැවී 254 (59) සංගීත් කුරේ 41, සදීර සමරවික්‍රම 52, සංතුශ් ගුණතිලක 51, ප්‍රියමාල් පෙරේරා 38, ධනංජය ලක්ෂාන් 39, චතුර රන්දුණු 2/74, කවිශ්ක අංජුල 2/50, සචිත්‍ර සේරසිංහ 2/23. 

මුවර්ස් ක්‍රීඩා සමාජය : පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට පන්දුවාර 18ක දී කඩුලු 2ක් දැවී 43) සියලු දෙනා දැවී 264 (97.4) දිනුක ඩිල්ශාන් 118, සචිත්‍ර සේරසිංහ 27, අදීශ තිලාංචන 30, නිපුන් රන්සික 2/56, ඩිල්රුවන් පෙරේරා 4/76, ප්‍රභාත් ජයසූරිය 3/82 සහ දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 116 (44.2) නිපුන් කරුණානායක 25, අනුක් ප්‍රනාන්දු නොදැවී 33, ඩිල්රුවන් පෙරේරා 5/37, ප්‍රභාත් ජයසූරිය 5/69. 


මීගමුව ක්‍රිකට් සමාජය සහ සී. සී. සී. කණ්ඩායම 

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 88ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ. 

සී. සී. සී. : පළමු ඉනිම සියලු දෙනා දැවී 142 (43) ලසිත් අබේරත්න 59, මාලින්ද පුෂ්පකුමාර 35, රොෂේන් ප්‍රනාන්දු 3/22, ඩිල්ශාන් මුණවීර 2/23, සහන් අදීශ 2/25. සහ දෙවැනි ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට පන්දුවාර 07ක දී කිසිවෙකු නොදැවී 26) සියලු දෙනා දැවී 369 (79.2) එම්. පී. එම්. වීරසිංහ 31, අශාන් ප්‍රියංජන් 84,  මළිඳු මධුරංග 83, සොනාල් දිනූෂ නොදැවී 75, පවන් රත්නායක 29, මාලින්ද පුෂ්පකුමාර 28, රොෂේන් ප්‍රනාන්දු 2/32, ලක්ෂිත මනසිංහ 5/126, උපුල් ඉන්ද්‍රසිරි 3/94. 

මීගමුව ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 141 (35.5) පසිඳු ලක්ෂාන් 43, මාලින්ද පුෂ්පකුමාර 4/58, අශාන් ප්‍රියන්ජන් 6/24. සහ දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 15ක දී කිසිවෙකු නොදැවී 65) සියලු දෙනා දැවී 282 (63.2) ඩිල්ශාන් මුණවීර 77, ලක්ෂිත මනසිංහ 72, ඇන්ජලෝ ජයසිංහ 40, රොස්කෝ තට්ටිල් 45, මාලින්ද පුෂ්පකුමාර 5/102, අශාන් ප්‍රියංජන් 5/107. 


එස්. එස්. සී. කණ්ඩායම සහ බී. ආර්. සී. කණ්ඩායම 

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ දී එස්. එස්. සී. ක්‍රීඩකයන් තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 305ක් රැස්කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බී. ආර්. සී. ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 261ක් රැස්කර ගෙන සිටියහ. 

එස්. එස්. සී. : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 64ක දී කඩුලු 4ක් දැවී 237) සියලු දෙනා දැවී 305 (91.1) නුවනිඳු ප්‍රනාන්දු 109, ක්‍රිශාන් සංජුල 92, සම්මු අශාන් 32, දුවිදු තිලකරත්න 3/87, මලිඳු ෂෙහාන් 3/62, තරිඳු කෞෂාල් 2/56. 

බී. ආර්. සී. : පළමු ඉනිම කඩුලු 5ක් දැවී 261 (62) ලසිත් ලක්ෂාන් 75, භානුක රාජපක්ෂ 56, දේශාන් ඩයස් නොදැවී 48, රමින්ද විජේසූරිය නොදැවී 29, ආකාශ් සේනාරත්න 2/40. 

මෙම තරගය හෙට (24) දින තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

චානක සහ රජිත බ්ලූම්ෆීල්ඩ් අසරණ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B….


Group B 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට බදුරලිය ක්‍රීඩකයෝ සමත් වූහ. 

බදුරලිය ක්‍රිකට් සමාජයේ දකුණතින් වේගපන්දු යවන ලහිරු සමරකෝන් මෙම තරගයේ දී ලකුණු 157කට කඩුලු 10ක් දවා ගත්තේය. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 206  (51.1) ඔසඳ ප්‍රනාන්දු 24, තික්ෂිල ද සිල්වා නොදැවී 119, ලහිරු සමරකෝන් 5/86, බුද්ධික සංජීව 2/55, ටී.එන්. සම්පත් 2/58. සහ දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 24ක දී කඩුලු 2ක් දැවී 81) සියලු දෙනා දැවී 185 (60) සුමිත් ගඩියොන්කාර් 56, ලසිත් කෲස්පුල්ලේ 22, රුමේෂ් බුද්ධික 67, ලහිරු සමරකෝන් 5/71, බුද්ධික සංජීව 3/46, ධනෝෂ් රනෝදිත් 2/15. 

බදුරලිය ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 34ක දී කඩුලු 2ක් දැවී 128) සියලු දෙනා දැවී 326 (91.5) යසෝද ලංකා 51, දමිත් පෙරේරා 53, ලහිරු මිලන්ත 104 ,  ශාහිඩ් යුසස්  48, අලංකාර අසංක නොදැවී 24, අසිත ප්‍රනාන්දු 7/139, සාගර් පරේශ්උදේශි 2/60. සහ දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 68 (15.1) ටී. එන්. සම්පත් 31. 


රාගම ක්‍රිකට් සමාජය සහ ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය 

මේට්ලන්ට් පෙදෙස එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට පන්දුවාර 90ක දී කඩුලු 6ක් දැවී 369) සියලු දෙනා දැවී 421 (101.2) තරංග පරණවිතාන 35, කිත්රුවන් විතානගේ 35, මනෝජ් සරත්චන්ද්‍ර 113, රන්මිත් ජයසේන 89, මධුක ලියනපතිරණගේ 38, ඉෂාන් ජයරත්න 4/94, අමිල අපොන්සු 3/102, කල්හාර සේනාරත්න 2/102. සහ දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 60 (11) මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 41. 

රාගම ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 76ක දී කඩුලු 3ක් දැවී 261) සියලු දෙනා දැවී 527 (145.2) සමින්ද ප්‍රනාන්දු 135, උදාර ජයසුන්දර 43, දිනෙත් තිමෝද්‍ය 20, නිශාන් මධුශ්ක 169, රොෂේන් සිල්වා 51, සුපේෂල ජයතිලක 44, අමිල අපෝන්සු 32, විමුක්ති පෙරේරා 3/113, මධුක ලියනපතිරණගේ 2/146, ප්‍රමුද් මධුශාන් 3/108, සදීශ් පතිරණගේ 2/111. 

ටගා පන්නරය ලැබූ හැටි

1965 වසරේ ජුනි මස 02 වැනිදා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්……


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ ලංකන් ක්‍රිකට් සමාජය 

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

ලංකන් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 229 (73) කසුන් අබේරත්න 33, දමිත සිල්වා 27, සවන් කංකානම්ගේ 25, මාලිංග අමරසිංහ 76, සාලිය සමන් 44/2, මොහොමඩ් ඩිල්ෂාඩ් 2/65, චාමිකර එදිරිසිංහ 4/61. සහ දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 233 (70) ප්‍රිමෝෂ් පෙරේරා 64, දමිත සිල්වා 40, ගීත් කුමාර නොදැවී 38, චානක රුවන්සිරි නොදැවී 72, ප්‍රමෝද් මධුවන්ත 2/61.  

සැරසන්ස් ක්‍රීඩා සමාජය : පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට පන්දුවාර 3.5ක දී කිසිවෙකු නොදැවී 28 සහ දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 94ක දී කඩුලු 8ක් දැවී 331) සියලු දෙනා දැවී 427 (112) සිතාර ගිම්හාන් 31, නවිඳු නිර්මාල් 81, හර්ෂ රාජපක්ෂ 27, මිලින්ද සිරිවර්ධන 69, ප්‍රමෝද් මධුවන්ත 28, සාලිය සමන් නොදැවී 96, චාමිකර එදිරිසිංහ 20, ඉසිත විජේසුන්දර 30,  උදිත් මධුශාන් 2/96, චානක රුවන්සිරි 3/63, ගීත් කුමාර 3/58. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<