තික්ෂිල, මනෝජ් සහ ප්‍රියන්ජන් දක්ෂතා දක්වයි

106

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier A ක්‍රිකට් තරගාවලියේ අද (21) ආරම්භ වූ තරගවල දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ තික්ෂිල ද සිල්වා, ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර සහ සී. සී සී. කණ්ඩායමේ අශාන් ප්‍රියංජන් සමත් වූහ. 

විශ්ව චතුරංග පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B පළමු පෙළ ක්‍රිකට්…..

Group A

මීගමුව සහ සී. සී. සී. 

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනයේ දී කණ්ඩායම් දෙකටම තම පළමු ඉනිම් අවසන් කිරීමට සිදු වූහ.

සී. සී. සී. ලකුණු 142කට දැවී ගිය අතර මීගමුව ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 141ක් පමණි. ලකුණක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි සී. සී. සි. ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 26ක් ලබා සිටී. 

මීගමු ඉනිම පාලනය කරද්දී අශාන් ප්‍රියන්ජන් ලකුණු 24කට කඩුලු 6ක් දවා ගත්තේය. 

සී. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (43) ලසිත් අබේරත්න 59, මාලින්ද පුෂ්පකුමාර 35, රොෂේන් ප්‍රනාන්දු 3/22, ඩිල්ශාන් මුණවීර 2/23, සහන් අදීශ 2/25 සහ දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 26 (7) එම්. පී. එම්. වීරසිංහ නොදැවී 24

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (35.5) පසිඳු ලක්ෂාන් 43, මාලින්ද පුෂ්පකුමාර 4/58, අශාන් ප්‍රියන්ජන් 6/24


මුවර්ස් සහ කෝල්ට්ස්

මුවර්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවි ලකුණු 214ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සත්කාරක ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 43ක් ලබා සිටියහ. 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු  ඉනිම සියලුම දෙනා දැවී 214 (71.3) සදීර සමරවික්‍රම 37, හේෂාන් ධනුෂ්ක 49, සංතුශ් ගුණතිලක 34, විශාද් රන්දික 24, ප්‍රියමාල් පෙරේරා 27, චතුර රන්දුණු 5/42, රමේෂ් මෙන්ඩිස් 2/27

මුවර්ස් ක්‍රීඩා සමාජය ; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 43 (18) දිනුක ඩිල්ශාන් නොදැවී 19

පොලිසිය, යූත් ක්‍රීඩකයන්ට තරවටු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B පළමු පෙළ ක්‍රිකට්…..

Group B

හලාවත මේරියන්ස් සහ බදුරලිය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් මේරියන්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් පිටියට පිවිසි අතර ඔවුන් තික්ෂිල ද සිල්වාගේ ශතකයත් සමගින් ලකුණු 206ක් ලබා ගත්තේය. 

තික්ෂිල පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 119ක් ලබා ගත්තේය. 

එම ඉනිමේ කඩුලු 5ක් ලකුණු 86කට දවා ගත් ලහිරු සමරකෝන් තම පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීමට සමත් වීම ද කැපී පෙණුනි. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 206  (51.1) ඔසඳ ප්‍රනාන්දු 24, තික්ෂිල ද සිල්වා නොදැවී 119, ලහිරු සමරකෝන් 5/86, බුද්ධික සංජීව 2/55, ටී.එන්. සම්පත් 2/58

බදුරලිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 128 (34) යසෝද ලංකා 51, දමිත් පෙරේරා නොදැවී 44


රාගම සහ ටැමිල් යූනියන්

මේට්ලන්ට් පෙදෙස එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ටැමිල් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 369ක් ලබා සිටියහ. 

එම ඉනිම වෙනුවෙන් මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 156 හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තේය. මනෝජ් මෙම තරග වාරයේ රැස් කරන ලද දෙවැනි ශතකයයි මේ. 

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 369 (90) තරංග පරණවිතාන 35, කිත්රුවන් විතානගේ 35, මනෝජ් සරත්චන්ද්‍ර 113, රන්මිත් ජයසේන නොදැවී 81, මධුක ලියනපතිරණගේ නොදැවී 21, ඉෂාන් ජයරත්න 2/72, කල්හාර සේනාරත්න 2/102

කැන්ගරු දේශයේ අණසක පතුරුවන්නට සැරසෙන සිංහ ධේනුවන්

එක්දින ලෝක ශූරියන් ලෙස කිරුළ පැලඳූ එංගලන්ත කණ්ඩායම මොහොතකට නිරුත්තර……

සැරසන්ස් සහ ලංකන් 

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සැරසන්ස් ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුව පහර දීමට පිටියට පිවිසි ලංකන් ක්‍රීඩකයෝ ලකුනු 229ක් ලබා ගත්තේ මාලිංග අමරසිංහගේ ලකුණු 76ක් ද සමඟිනි. ඔහු පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේය. 

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 229 (73) කසුන් අබේරත්න 33, දමිත සිල්වා 27, සවන් කංකානම්ගේ 25, මාලිංග අමරසිංහ 76, සාලිය සමන් 44/2, මොහොමඩ් ඩිල්ෂාඩ් 2/65, චාමිකර එදිරිසිංහ 4/61 

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 28 (3.5) සිතාර ගිම්හාන් නොදැවී 27

මෙම සියලු තරග හෙට (22) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<