රමේෂ් මෙන්ඩිස් ත්‍රිත්ව ශතකලාභීන්ගේ සමාජයට

144

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේ නොදැවී ද්වත්ව ශතයකයක් ලබා සිටි මුවර්ස් ක්‍රීඩා සමාජයේ රමේෂ් මෙන්ඩිස් අද (01) එම ඉනිම ත්‍රිත්ව ශතකයක් කරා ගෙන යමින් අතලොස්සක් වූ පළමු පෙළ ත්‍රිත්ව ශතකලාභීන්ගේ සමාජයට එක් විය. 

මේ අතර අද (01) ආරම්භ වූ එන්. සී. සී. සහ රාගම අතර තරගයේ දී එන්. සී. සී. කණ්ඩායමේ  ලහිරු උදාර ද ද්වත්ව ශතකයක් වාර්තා කළේය.

ආරම්භක දිනයේ දී රමේෂ්ගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ…

Group A

මුවර්ස් සහ මීගමුව අතර තරගය 

මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති තරගයේ දී රමේෂ් පෙර දිනය නිමා කළේ පන්දු 207කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 205ක් ලබා ගනිමිනි. අද ඔහු තවත් පන්දු 65කට මුහුණ දෙමින් ලකුණු 95ක් ලබා ගනිමින් තම ත්‍රිත්ව ශතකය වාර්තා කළේය. 

මුවර්ස් පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 652ක්ව තිබිය දී නතර කරන විට රමේෂ් පන්දු 270කට මුහුණ දී හතරේ පහර 28ක් සහ හයේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 300ක් ලබා සිටියේය. 

පෙර දිනයේ අර්ධ ශතකයක් වාර්තා කළ නිමන්ද සුබසිංහ අද තම ඉනිම ලකුණු 90කට සීමා කර ගත්තේය. ඒ වෙද්දී ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේය. 

පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු ලකුණු 74කට කඩුලු 3ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. 

පිළිතුරු ඉනිමේ දී වමත් පිතිකරු රොස්කෝ තටිල් පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 77ක් ලබා ගනිමින් මිගමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඊට අමතරව ලක්ෂිත මනසිංහ (53), විදෙස් ක්‍රීඩක සාඩ් නසීම් (58) අර්ධ ශතක ලබා ගත්හ.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරග නතර කරන විට පන්දුවාර 90ක දී කඩුලු 6ක් දැවී 509) කඩුලු 8ක් දැවී 652 (109.1) චරිත කුමාරසිංහ 51, පබසර වඩුගේ 21, සචිත්‍ර සේරසිංහ 149, රමේෂ් මෙන්ඩිස් නොදැවී 300, නිමන්ද සුබසිංහ 90, චනුර ප්‍රනාන්දු 3/101, සාඩ් නසීම් 3/197

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 302 (68) ඩිල්ශාන් මුණවීර 43, පසිඳු ලක්ශංක 23, සාඩ් නසීම් 58, රොස්කෝ තට්ටිල් 77, ලක්ෂිත මනසිංහ 53, කවිශ්ක අංජුල 2/46, සචිත්‍ර සේරසිංහ 3/66, රමේෂ් මෙන්ඩිස් 3/74

ඩිලන්ක අවර්ඩ් පොලිස් බලමුළු විනාශ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Premier League Tier B ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී…

සී. සී. සී. සහ එස්. එස්. සී. අතර තරගය 

සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පෙර දිනයේ නොදැවී ලකුණු 113ක් ලබා සිටි සී. සී. සී. කණ්ඩායමේ ලසිත් අබේරත්න අද තම ඉනිම 153ක් දක්වා රැගෙන ගියේය. ඔහු පන්දු 191කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 153ක් ලබා ගත්තේය.

ඊට අමතරව තරගය අවසන් වෙන විට පවෙන් රත්නායක පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 74ක් ලබා සිටියේය. 

එස්. එස්. සී. කණ්ඩායම වෙනුවෙන් කවිඳු කුලසේකර පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 84ක් ලබා ගනිමින් එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.

සී. සී. සී.; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 90ක දී කඩුලු 6ක් දැවී 430) සියලුම දෙනා දැවී  548 (119) එම්. පී. එම්. වීරසිංහ 37, මිනෝද් භානුක 114, අශාන් ප්‍රියන්ජන් 90, ලසිත් අබේරත්න 153, වනිඳු හසරංග 23, මළිඳු මදුරංග 21, පවෙන් රත්නායක නොදැවී 71,  හිමේෂ් රාමනායක 2/71, තරිඳු රත්නායක 2/99, ආකාශ් සේනාරත්න 4/120, චරිත් අසලංක 2/53 

එස්. එස්. සී.; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 234 (61) සඳුන් වීරක්කොඩි 24, චරිත් අසලංක 33, කවිඳු කුලසේකර 84, පසිඳු සූරියබණ්ඩාර 48, උස්මාන්  ඉසක් 2/58, මාලින්ද පුෂ්පකුමාර 3/52

යුද හමුදාව සහ බී. ආර්. සී. අතර තරගය 

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී යුද හමුදා කණ්ඩායමේ නායක අසේල ගුණරත්න අද අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුවට එක් විය. ඔහු පන්දු 151කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 82ක් ලබා ගත්තේය. 

එම තරගයේ දී ප්‍රතිවාදීන් පළමු ඉනිමේ දී ලකුණු 88කට සීමා කරමින් පන්දුවෙන් දක්ෂතා දැක්වීමට දුෂාන් විමුක්ති සමත් විය. ඔහු ලකුණු 20කට කඩුලු 5ක් දවා ගත්තේය. මෙම තරගයේ දී බී. ආර්. සී. ක්‍රීඩකයෝ පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 288ක් ලබා ගත යුතු අතර ඒ වෙනුවෙන් ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුලු 8ක් පමණි.   

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනය නතර කරන විට පන්දුවාර 89ක් අවසානයේ කඩුලු 3ක් දැවී 279) සියලුම දෙනා දැවී 435 (125.4) ලක්ෂාන් එදිරිසිංහ 99, දුශාන් විමුක්ති 82, හිමාෂ ලියනගේ 48, අසේල ගුණරත්න 82, සීක්කුගේ ප්‍රසන්න 42, සාගර් මංගලකර් 2/64, දුවිඳු තිලකරත්න 4/80

බී. ආර්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 88 (25.5) තරිඳු කෞෂාල් නොදැවී 19, හේෂාන් හෙට්ටිආරච්චි 3/30, දුෂාන් විමුක්ති 5/20 සහ දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 59 (16.4) සාගර් මංගලකර් නොදැවී 36

ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයන්ට විනය පුහුණුවක්

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගීවී …

Group B

ටැමිල් යූනියන් සහ සැරසන්ස් අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී ටැමිල් කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 83ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 296 (84.5) ගමිඳු කනිශ්ක නොදැවී 129, මිලින්ද සිරිවර්ධන 76, චාමිකර එදිරිසිංහ 28, විමුක්ති පෙරේරා 3/46, ජීවන් මෙන්ඩිස් 4/85

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනය පන්දුවාර 1ක දී කිසිවෙක් නොදැවී 01) කඩුලු 9ක් දැවී 245 (91) මධුක ලියනපතිරණගේ 26, ප්‍රසන්සන ජයමාන්න 23, ජීවන් මෙන්ඩිස් 83, මනෝජ් සරත්චන්ද්‍ර 26, මොහොමඩ් ඩිල්ශාඩ් 3/31 

මෙම තරගය සියල්ල හෙට (පෙබරවාරි 02) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය.

එන්. සී. සී. සහ රාගම අතර තරගය 

අද (01) එන්. සී. සී. පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ දී සත්කාරක කණ්ඩායමේ ලහිරු උදාර ද්වත්ව ශතකයක් ලබා ගැනීම කැපී පෙනුණි. ඔහු පන්දු 257කට මුහුණ දෙමින් හතරේ පහර 25ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 256ක් ලබා ගත්තේය. 

ඊට අමතරව එම තරගයේ දී ඇන්ජලෝ පෙරේරා (74) චතුරංග ද සිල්වා (57) සහන් ආරච්චිගේ (55) අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වුහ

එන්. සී. සී.; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 482 (90) ලහිරු උදාර නොදැවී 256, ඇන්ජලෝ පෙරේරා 74, චතුරංග ද සිල්වා 57, සහන් ආරච්චිගේ 55, අමිල අපෝන්සු 2/125, ඉෂාන් ජයරත්න 2/89

මෙම තරගය හෙට (02) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<