කසුන් සහ සහන් වැලැන්ටයින් සමරති

125

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) ආරම්භ වූ තෙවැනි සතියේ තරගවල දිනයේ වීරයන් බවට පත් වීමට සැරසන්ස් ක්‍රීඩා සමාජයේ කසුන් රාජිත සහ එන්. සී. සී. කණ්ඩායමේ සහන් ආරච්චිගේ සමත් වූහ.  

නවින් සහ අකීල් කැපී පෙනෙන දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B…

Group A

මුවර්ස් සහ බී. ආර්. සී.

බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් මුවර්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස ලකුණු 353ක් ලබා ගත්හ. 

මෙම ඉනිම වෙනුවෙන් නායක පබසර වඩුගේ, සචිත්‍ර සේරසිංහ සහ අදීශ තිලාංචන අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙණුනි. එහි දී කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළේ සචිත්‍ර සේරසිංහ ය. ඔහු පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 94ක් ලබා ගත්තේය. 

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 353 (77.3) පබසර වඩුගේ 76, සචිත්‍ර සේරසිංහ 94, අදීශ තිලාංචන 64, ප්‍රවීන් ජයවික්‍රම නොදැවී 30, චතුර රන්දුණු 20, දුවිඳු තිලකරත්න 3/103, තරිඳු කෞෂාල් 2/58, සොහයිබ් උල්ලා 2/34

බී. ආර්. සී. ; පළමු ඉනිම කඩුල්ලක් දැවී 23 (10) 

දෙවන පෙළ කාන්තා පාසල් ක්‍රිකට් ශූරතාව වේල්ස් කුමරියන්ට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස…

කෝල්ට්ස් සහ එස්. එස්. සී. 

කොළඹ කෝල්ට්ස් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ දී සංචාරක කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි සහ ක්‍රිශාන් සංජුල අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. 

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 301 (76) සඳුන් වීරක්කොඩි 55, චරිත් අසලංක 32, කවිඳු කුලසේකර 36, ක්‍රිශාන් සංජුල 54, සම්මු අශාන් 41, සචිත්‍ර සේරසිංහ 39, ප්‍රභාත් ජයසූරිය 4/89, ධනංජය ලක්ෂාන් 2/49

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 14 (6) සචිත්‍ර සේනානායක 2/04

මීගමුව සහ යුද හමුදාව 

කොළඹ මුවර්ස් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ දී අමාරුවේ වැටි සිටි යුද හමුදා ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට හිමාෂ ලියනගේ සමත් විය. ඔහු පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තේය. 

පිළිතුරු ඉනිමට පිටියට පිවිස මීගමුව ක්‍රිකට් සමාජය වෙනුවෙන් අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට ආරම්භක පිතිකරු අශේන් සිල්වා (61) සහ ඇන්ජලෝ ජයසිංහ (51) සමත් වූහ. ඔවුන් දෙදෙනා මේ වන විට තම ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණ ලකුණු 96ක සබඳතාවක් ගොඩ නගා ඇත. 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 155 (42.1) හිමාෂ ලියනගේ 56, හේෂාන් හෙට්ටිආරච්චි 19, ඩිල්ෂාන් මුණවීර 2/29, උපුල් ඉන්ද්‍රසිරි 3/73, සාඩ් නසීම් 2/04

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 164 (42.2) ඩිල්ෂාන් මුණවීර 40, අශේන් සිල්වා නොදැවී 61, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 51, සීක්කුගේ ප්‍රසන්න 2/66

ඩර්බන් පිටිය හඬවමින් දකුණු අප්‍රිකාවට ලකුණු 2ක තියුණු පරාජයක්!

එකකට එකක් පරදින්නට අකමැති සුපිරි කණ්ඩායම් දෙකක් අතර පැවැත්වුනු තවත් උණුසුම් T20 තරගයක්…

Group B

සැරසන්ස් සහ රාගම අතර තරගය

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී සැරසන්ස් ක්‍රිකට් සමාජයේ දකුණතින් වේගපන්දු යවන කසුන් රාජිත ලකුණු 31කට කඩුලු 8ක් දවා ගනිමින් රාගම ඉනිම ලකුණු 119කට සීමා කළේය. 

පිළිතුරු ඉනිමේ දී ආරම්භක පිතිකරුවන් වූ සිතාර ගිම්හාන් සහ නවිඳු නිර්මාණ අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුනි. එහි දී සිතාර ගිම්හාන් පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තේය. නවිඳු නිර්මාල් පළමු දිනය අවසන් වන විට පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටියේය. 

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 119 (53) ලහිරු තිරිමාන්න 28, කසුන් රාජිත 8/31

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 134 (37) සිතාර ගිම්හාන් 74, නවිඳු නිර්මාල් නොදැවී 52

හලාවත මේරියන්ස් සහ එන්. සී. සී. 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී සංචාරක කණ්ඩායමේ සහන් ආරච්චිගේ පන්දු 218කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 128ක් ලබා ගත්තේය. ඊට අමතරව චාමික ගුණසේකර ද අර්ධ ශතකයක් වාර්තා කළේය. 

ප්‍රතිවාදී සත්කාරක කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ අසිත ප්‍රනාන්දු කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. 

එන්. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 312 (79) චතුරංග ද සිල්වා 47, සහන් ආරච්චිගේ 128, චාමික ගුණසේකර 50, අසිත ප්‍රනාන්දු 5/46, නිමසර අතරගල්ල 2/58, ෂෙහාන් ජයසූරිය 2/90

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 35 (7) 

මෙම සියලු තරග අද (15) දෙවැනි දිනයට ක්‍රියාත්මකය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<