තෙවන සතිය අවසානයේ ලිවර්පූල් පෙරමුණේ

126

2018-19 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි සති අන්තයේ තරග බොහොමයක් බලාපොරොත්තු වූ ප්‍රතිඵල සමඟ අවසන් වූ නමුත් තරග කිහිපයක් අවසන් වූයේ ප්‍රබල කණ්ඩායම්වල බලාපොරොත්තු බිඳ දමමිනි.

පෙබරවාරි මාසයට පසුව සංචාරක තරගයක දී අමාරුවේ වැටුණු වත්මන් ශූර මැන්චෙස්ටර් සිටි කණ්ඩායම වුල්ෆ්ස් කණ්ඩායම හමුවේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තේ ගෝල 1-1ක් ලෙසය. ඒ නිසා මැන්චෙස්ටර් සිටි කණ්ඩායම පළමු ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා ඇද වැටුණු අතර වුල්ෆ්ස් කණ්ඩායම 14 වන ස්ථානයේ රැඳී සිටියි.

නිව් කාසල් යුනයිටඩ් ක්‍රීඩකයෝ චෙල්සී කණ්ඩායමට ජයග්‍රහණය පූජා කරයි

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි සති අන්තයේ තවත් තරගයක් ඊයේ (26)..

ලිවර්පූල් කණ්ඩායම තෙවැනි සති අන්තය අවසානයේ ලකුණු සටහනේ පෙරමුණට පත්වූයේ බ්‍රයිටන් කණ්ඩායමට එරෙහිව ගෝල 1-0ක් ජයක් වාර්තා කරමිනි. ඒ අනුව බ්‍රයිටන් කණ්ඩායම 12 වන ස්ථානයේ රැඳී සිටියි.

සතියේ ප්‍රබලයින්ගේ ගැටුම ලෙස මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හා ටොටන්හැම් කණ්ඩායම තරග වැදුණු අතර යුනයිටඩ් කණ්ඩායම අන්ත අසරණ කරමින් ගෝල 3-0ක් ලෙස තරගය ජය ගන්නට හැරී කේන් ප්‍රමුඛ ටොටන්හැම් කණ්ඩායම සමත් විය. ඒ අනුව ටොටන්හැම් ක්‍රීඩකයින් ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිද්දී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට 13 වන ස්ථානය දක්වා පල්ලම් බසින්නට සමත් විය.

Sarriගේ චෙල්සි කණ්ඩායම ඔවුන්ගේ අපරාජිත වාර්තාව දිගටම පවත්වා ගත් අතර අපහසු තරගයකින් පසුව නිව් කාසල් යුනයිටඩ් කණ්ඩායම පරාජය කරමින් තරගයේ ජය හිමිකර ගැනීමට චෙල්සි කණ්ඩායම සමත් විය. 83 වන මිනිත්තුවේ දී නිව්කාසල් කණ්ඩායම සිදු කළ අත්වැරදීමක් නිසා තියුණු තරගයක ජය චෙල්සි කණ්ඩායම හිමිකරගත් අතර චෙල්සි 3 වන ස්ථානයේ රැඳී සිටිද්දී නිව් කාසල් 16 වන ස්ථානයේ රැඳී සිටියි.  

වැට්ෆෝර්ඩ් කණ්ඩායම ද තමන්ගේ අපරාජිත වාර්තාව දිගටම පවත්වා ගනිමින් ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටියි. මේ සති අන්තයේ දී ඔවුන් ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කළ අතර පසුගිය සති අන්තයේ මෙන්ම ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම 10 වන ස්ථානයේ රැඳී සිටියි.

පළමු සතිය අවසානයේ ලිවර්පූල් පෙරමුණේ; චෙල්සි දෙවන ස්ථානයේ

වෙස්ට්හැම් යුනයිටඩ් කණ්ඩායම හමුවේ ගෝල 4-0ක දැවැන්ත ජයක් ලබා ගත් ලිවර්පූල්….

බර්න්මවුත් කණ්ඩායම හා එවර්ටන් කණ්ඩායම අතර තරගය ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර එම නිසා බර්න් මවුත් කණ්ඩායම හයවැනි ස්ථානයේත්, එවර්ටන් අටවන ස්ථානයේත් රැඳී සිටියි. සවුත්හැම්ප්ටන් ගෝල 2-1ක් ලෙස පරාජය කළ ලෙස්ටර් කණ්ඩායම හත්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි අතර සවුත්හැම්ප්ටන් කණ්ඩායමට සිදු වූයේ 17 වන ස්ථානය දක්වා පහතට බැසීමටය.

තෙවන සති අන්තයේ දී ජයග්‍රහණයක පහස විඳින්නට ආර්සනල් කණ්ඩායම සමත් වූ අතර වෙස්ට්හැම් යුනයිටඩ් කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරාජය කරන්නට ඔවුන් සමත් විය. ඒ අනුව 17 වන ස්ථානයේ සිට 9 වන ස්ථානයට පැමිණීමට ඔවුන් සමත් වූ අතර වෙස්ට්හැම් කණ්ඩායම ලකුණු සටහනේ අවසන් ස්ථානය දක්වා ඇද වැටුණි.    

ෆුල්හැම් කණ්ඩායම ද සිට පළමු ජය වාර්තා කළ අතර බර්න්ලි කණ්ඩායම ගෝල 4-2ක් ලෙස පරාජය කරන්නට ඔවුන් සමත් විය. ෆුල්හැම් කණ්ඩායම 11 වන ස්ථානයට පැමිණෙද්දී බර්න්ලි කණ්ඩායම 18 වන ස්ථානය දක්වා ඇද වැටුණි.

හඩර්ස්ෆිල්ඩ් කණ්ඩායම හමුවේ ගෝල 0-0ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට කාඩිෆ් සිටි කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව කාඩිෆ් 15 වන ස්ථානයේ ද හඩර්ස්ෆිල්ඩ් කණ්ඩායම 19 වන ස්ථානයේ ද රැඳී සිටියි.

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<