සිංගර් වෙළඳසේවා ක්‍රිකට් විස්සයි විස්ස කල් යයි

63

දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් අනිද්දා (28) දිනයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ වෙළඳසේවා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායකයින් කටයුතු කර තිබේ.

වෙළඳසේවා ශූරතාව දෙකට බෙදේ!

වෙ‍ළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ සිංගර් …….

ඒ නිසාවෙන් දැනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්වය තරමක් දුරට හෝ පහව යන තෙක් මේ තරගාවලිය ආරම්භ නොකිරීමට ඊයේ (25) පවත්වා තිබෙන වෙළඳසේවා ක්‍රිකට් රැස්වීමේ දී තීරණය ඇත.

මේ වසරේ දැනට පැවැත්වූ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලි රැසකට වර්ෂාවෙන් එල්ල වූ බාධා නිසා නිසි පරිදි තරගාවලි අවසන් කිරීමට නොහැකි වූ අතර එහි ආසන්තම සිදුවීම පසුගිය සෙනසුරාදා (23) දිනයේ දී වාර්තා විය. 

එදින LB ෆිනෑන්ස් සහ MAS යුනිචෙලා කණ්ඩායම් අතර කොළඹ වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ  අවසන් මහා තරගයේ දෙවන ඉනිම අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය අවසන් වූයේ දෙපිලම සම ශූරයින් බවට පත් කරමිනි. 

ජෙහාන්, විශාද් සහ ධනංජයගෙන් කෝල්ට්ස් වෙනුවෙන් අර්ධ ශතක

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය ………..

ඊට අමතරව වෙළඳසේවා B කොටසේ අවසන් මහා තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා MAS සිලුඒටා සහ  HNB යන කණ්ඩායම් දෙකට සම ශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු විය.

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ඇතුළු දෙස් විදෙස් කෙළිබිමේ උණුසුම් තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com කණ්ඩායම සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

2020 වෙළඳසේවා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 

  • A කාණ්ඩය – LB ෆිනෑන්ස්, මාස් යුනිචෙලා, හේලීස්, ජෝන් කීල්ස්
  • B කාණ්ඩය – ඩීමෝ , සම්පත් බැංකුව, ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<