ආසියානු පාසල් පාපන්දු ශූරතාවයට 22ක්

382
Pool selected for Asian Schools’ Championship

ඉදිරියේ දී ඉරානයේ ශිරාස් නුවර දී ආරම්භ වීමට නියමිත “45 වැනි ආසියානු වයස අවුරුදු 18න් පහළ පාසල් පාපන්දු ශූරතාවලිය” සඳහා විසි දෙදෙනෙකුගෙන් යුතු සංචිතයක් තෝරා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනය (SLSFA) සමත් වී ඇත.

16න් පහළ දිස්ත්‍රික් පාපන්දු ශූරයෝ

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය විසින් සංවිධානය කරන 2017 සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 16න් පහළ පාපන්දු…

ශූරතාවය සඳහා වන තේරීම් තරග, පසුගිය ජූලි මාසයේ දී පැවති අතර තරගාවලිය සැප්තැම්බර් මස 8 වැනි දා සිට 16 වැනි දා දක්වා පැවැත්වෙනු ඇත.

තෝරා ගෙන ඇති 22 දෙනාගේ සංචිතයට ගෝල රකින්නන් තිදෙනෙක්, පසුපෙළ ක්‍රීඩකයින් 4 දෙනෙක්, මැදපෙළ ක්‍රීඩකයින් 9 දෙනෙක් සහ ඉදිරිපෙළ ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇතුළත් වේ.

බම්බලපිටිය සාන්ත පීතර විදුහලෙන් ක්‍රීඩකයින් තිදෙනෙක්, යාපනය මැදි විදුහලෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහලෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ගම්පොල සහිරා විදුහලෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙම සංචිතයේ වේ. මරදාන සහිරා සහ හමීඩ් අල් හුසෙයිනි විදුහලෙන් එක් ක්‍රීඩකයෙකු බැඟින් ද සංචිතයට වරම් දිනා ගෙන ඇත.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස මොහොමඩ් අසාර්ඩ් කටයුතු කරන අතර සහය පුහුණුකරු ලෙස ඩී. එස්. සමරතුංග කටයුතු කරයි.

Name School Position
නුවන් ගිම්හාන කොළඹ නාලන්ද විද්‍යාලය ගෝල රකින්නා
අනූප්‍රිය ගමගේ මහනුවර ධර්මරාජ විද්‍යාලය ගෝල රකින්නා
මොහොමඩ් අස්රාජ් කින්නියා මධ්‍ය මහා විද්‍යාලය ගෝල රකින්නා
මොහොමඩ් මුස්නි මීගමුව අල් හිලාල් විද්‍යාලයීය පසුපෙළ ක්‍රීඩක
එස්. සජේතන් යාපනය මධ්‍ය මහා විද්‍යාලය පසුපෙළ ක්‍රීඩක
පැතුම් විමුක්ති කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර පසුපෙළ ක්‍රීඩක
මොහොමඩ් නිෆ්ලාන් ගම්පොල සහිරා විද්‍යාලය පසුපෙළ ක්‍රීඩක
අමන් ෆයිසර් හමීඩ් අල් හුසේනි විද්‍යාලය මැදපෙළ ක්‍රීඩක
ආකිබ් ෆයිසාල් මරදාන සහිරා විද්‍යාලය මැදපෙළ ක්‍රීඩක
ධනංජය සුපුමිත් කොළඹ සාන්ත පීතර විද්‍යාලය මැදපෙළ ක්‍රීඩක
ආර්. රෙම්සන් යාපනය මධ්‍ය මහා විද්‍යාලය මැදපෙළ ක්‍රීඩක
ඉෂාර සඳරුවන් වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය මැදපෙළ ක්‍රීඩක
කවින් සුචරිත් වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය මැදපෙළ ක්‍රීඩක
මොහොමඩ් මැසහිරා මාවනැල්ල බදුරිය මධ්‍ය මහා විද්‍යාලය මැදපෙළ ක්‍රීඩක
මොහමඩ් මුජාහිඩ් ගම්පොල සහිරා විද්‍යාලය මැදපෙළ ක්‍රීඩක
යස්මිළ ෂෙහාන් කොළඹ සාන්ත පීතර විද්‍යාලය මැදපෙළ ක්‍රීඩක
ශබීර් රාසූනියා කොළඹ සාන්ත පීතර විද්‍යාලය ඉදිරිපෙළ ක්‍රීඩක
නෙත්ම මල්ෂාන් සාන්ත ජෝසප් විද්‍යාලය, අනුරාධපුරය ඉදිරිපෙළ ක්‍රීඩක
රිෆ්කාන් මොහොමඩ් කින්නියා අල් අක්ෂා විද්‍යාලය ඉදිරිපෙළ ක්‍රීඩක
මොහොමඩ් ජකීර් සහිරා විද්‍යාලය, පුත්තලම ඉදිරිපෙළ ක්‍රීඩක
තාරුක චමත්කාර බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපෙළ ක්‍රීඩක
ෆස්ලූන් ෆාහීම් සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල ඉදිරිපෙළ ක්‍රීඩක

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට