විනිසුරු තීරණයට උරණ වූ පොලාර්ඩ්ට වැඩ වරදී

230

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ (13) හයිද්‍රාබාද් හිදී පැවැත්වුණු අතර එම තරගය අතරතුර දී විනිසුරු විසින් ලබා දුන් තීරණයක් නිසාවෙන් උරණ වී හැසිරුණු මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩක කිරන් පොලාර්ඩ්ගේ තරග ගාස්තුවෙන් 25%ක මුදලක් කපා හැරීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත.

විශිෂ්ට තරගයකින් පසු IPL රන් කිරුළ මුම්බායි පිළට!

සමස්ථ ක්‍රිකට් ලෝකයම තම වසඟයට ගනිමින් ……….

අවසන් මහා තරගයේ දී චෙන්නායි කණ්ඩායම විසින් යැවුණු අවසන් පන්දුවාරයේ දී, ඩ්වේන් බ්‍රාවෝ විසින් යැවුණු පළමු පන්දු 3ම පිට ඉන්නෙන් පිටතට (Off – Side) යැවුණු wide පන්දු වූ අතර පිටියේ විනිසුරු ලෙස කටයුතු කළ නිතින් මෙනන් එම පන්දු 3ම නීත්‍යනුකූල පන්දු ලෙස තීරණය කළ නමුත් පොලාර්ඩ් එම තීරණය හා එකඟ නොවෙමින් පිටියේ හැසිරෙණු දක්නට ලැබුණි.

ඉන්පසුව බ්‍රාවෝ විසින් 4 වැනි පන්දුව යොමු කිරීමට දිව එමින් සිටින විට දී පොලාර්ඩ් පිට ඉන්නෙන් ඉවතට ගොස් සම්පූර්ණයෙන්ම කඩුල්ල නිරාවරණය කිරීමට කටයුතු කළේය. බ්‍රාවෝ 4 වැනි පන්දුව යොමු කිරීමට මදක් දුරක් දිවවිත් නැවතුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙනන් සහ ඉයන් ගුල් විනිසුරුවන් විසින් පොලාර්ඩ්ට අවවාද කරනු රූපවාහිනි දර්ශනවලින් දිස්විය.

කෙසේ නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානයේ පවතින නීතිරීති අනුව අදාළ පන්දු 3ම  නීත්‍යනුකූල පන්දු බවට මෙනන් විසින් තීරණය කරන්නේ, පොලාර්ඩ් එම පන්දු 3ටම පහර දීම සඳහා සම්පූර්ණයෙන්ම කඩුල්ල ආවරණය කරමින් පිට ඉන්නෙන් පිටත (Off – Side) ප්‍රදේශය ද ආවරණය වන පරිදි පාද යොමු කරමින් පන්දුවට පහර දීමට උත්සාහ කිරීම නිසාවෙනි.

මෙම සිදුවීම පාදක කරගනිමින් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම යටතේ පොලාර්ඩ්ට ඔහුගේ තරග ගාස්තුවෙන් 25%ක මුදලක දඩයක් පැනවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ටෙස්ට් ක්‍රිකට් තරු 150 බිහිවූ පාසල්

2019 වසරේ මැයි මස පළමු සතිය අවසන් වනවිට …….

“තරගයෙන් පසුව පොලාර්ඩ් ඔහුගේ වැරැද්ද පිළිගත්තා.  IPL තරගාවලියේ ක්‍රීඩක නීතිරීති හා රෙගුලාසිවල 2.8 වගන්තිය ඔහු විසින් කඩ කරලා තියෙනවා. එය පළමු මට්ටමේ වරදක්.” යැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් IPL තරගාවලියේ තරග සංවිධායකයින් පවසා සිටියේය.

ඊයේ රාත්‍රියේ දී කිරන් පොලාර්ඩ් පන්දු 25කින් නොදැවී ලකුණු 41ක් වාර්තා කරමින් මුම්බායි ලකුණු පුවරුව ලකුණු 149ක් දක්වා වර්ධනය කිරීමට දායක විය.

කෙසේ නමුත් සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය දිනා ගනිමින්, ඊයේ නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නොතිබූ ජයග්‍රහණයක් අත්කර දෙන්නට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හැකි විය. ඒ අවසන් පන්දුවාරයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 9ක් ආරක්ෂා කර දෙමිනි. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින් ශූරතා කුසලානය දිනා ගත්තේ එක් ලකුණක තියුණු ජයක් සමඟිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<