සෙනසුරාදා සිදු වූ කලබලය ගැන විශේෂ පරීක්ෂාවක්

280

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගයේ දී ප්‍රේක්ෂකයින් අතර යම් කිසි කලහකාරී බවක් ඇතිවූ අතර එහි දී එංගලන්ත පොලිසිය විසින් ප්‍රේක්ෂකයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ද ගැනීමට කටයුතු කර ඇත. හෙඩින්ග්ලි හිදී ඇති වූ මෙම තත්වය පිළිබඳ එංගලන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ප්‍රේක්ෂක කලබල හමුවේ ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් වෙයි

2019 ලෝක කුසලානය දිනෙන් දින උණුසුම් වන අතර කාණ්ඩ වටයේ අවසන් තරග කීපය මේ දිනවල…

බටහිර යෝක්ෂයර් පොලිසිය පවසා සිටින්නේ ලීඩ්ස් හිදී සෙනසුරාදා පැවති තරගයේ දී ද  ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණයේ බිත්ති තරණය කර ගේට්ටුවේ සිටි නිලධාරීන්ට පහර දී තිබුණු බවටත් එක් ප්‍රේක්ෂකයෙකු ක්‍රීඩා පිටිය වෙත දිව ගිය බවටත් වාර්තා ලැබී ඇති බවයි.

සමාජ ජාල ඔස්සේ ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිටියට පිටත කලහකාරී ලෙස රණ්ඩු වන ආකාරය දැක්වෙන රූප රාමු කිහිපයක් නිකුත් වූ අතර එහි දී ඔවුන් මාර්ග බාධකයකට පහර දී පෙරළා දමන ආකාරය ද දක්නට ලැබුණි.

පොලීසිය පවසා සිටින්නේ එම දර්ශන ඔස්සේ මිනිසුන්ට පහර දෙන බව පෙනී ගිය අතර මෙම අවස්ථාව ඇසින් දුටු අයෙකු හෝ ප්‍රහාරයට ලක්වූ අයෙකු වේ නම් වහාම පොලිසිය සම්බන්ධ කර ගන්නා ලෙසයි.

ඉහල පොලිස් නිලධාරියෙකු වන ක්‍රිස් බ්‍රවුන් මහතා පවසා සිටියේ ලීඩ්ස් පොලිසිය සම්පූර්ණ හා විශ්වසනීය අපරාධ පරීක්ෂණයක අවශ්‍යතාව හඳුනා ගෙන ඇති බවයි. 

“මේවා හුදකලා සිද්ධි වුනත්, මේ සඳහා ක්‍රීඩා පිටියට පැමිණ සිටි කිහිප දෙනෙක්, බොහොම සුළු පිරිසක් සහභාගී වී තිබුණා. අපි දුටු සිදුවීම් ක්‍රිකට් තරගයක දැකිය යුතු සිදුවීම් නොවෙයි.” ඔහු පවසා සිටියා.

“අපිට රෝහල්ගත වූ ප්‍රේක්ෂකයින් ගැන දැනට වාර්තා ලැබී නැහැ. එනමුත් අපිට ලැබී ඇති වීඩියෝ දර්ශනවලින් පැහැදිලි වෙනවා මිනිසුන්ට පහර එල්ල වන ආකාරය.”

ඉන්දීය ප්‍රේක්ෂිකාවන් දෙදෙනෙක්ට වටිනා සිහිවටනයක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (02) බර්මින්ග්හැම් හිදී නිමා වූ ඉන්දියාව සහ…

තවදුරටත් අදහස් දක්වා සිටි බ්‍රවුන් පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෙවැනි ගැටුම් ගැන එපමණ වාර්තා වී නැති නිසා ක්‍රීඩාංගණයට එතරම් පොලිස් ආරක්ෂාවක් යෙදීම අත්‍යාවශ්‍ය නොවූ බවයි.

ඉදිරියේ පැවැත්වෙන තරගවල දී මෙවැනි සිදුවීමක් නොවීමට පොලිසිය වගබලා ගන්නා බවත්, ඉදිරියේ පැවැත්වෙන තරගවල දී ඉහළ ආරක්ෂාවක් යොදන බවත් ඔහු AFP වෙත අදහස් දක්වමින් පවසා තිබුණි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා තිබුණේ ඔවුන් මෙවැනි ක්‍රියා හෙලා දකින බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳ හා පිවිසෙන්න <<