ආසියානු වොලිබෝල් තරගාවලි සඳහා ඔබටත් අවස්ථාවක්

311

ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන 2018 ආසියානු වොලිබෝල් තරගාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ ඒ වයස් කාණ්ඩ යටතේ සංචිත කිහිපයක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත. ඒ සඳහා සහභාගී වන වොලිබෝල් සංචිතයන් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම් කටයුතු පහත පරිදි සිදු කෙරේ.

අවුරුදු 20න් පහළ පිරිමි (1999.01.01 දින හෝ ඊට පසු උපන් ක්‍රීඩකයින්)

2018 ජනවාරි 22 වන දින මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණය

විවෘත පිරිමි

2018 ජනවාරි 26 වන දින මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණය

විවෘත කාන්තා

2018 ජනවාරි 29 වන දින ක්‍රීඩා අමාත්‍යාංශ ටොරිංටන් ටොරිංටන් ගෘහස්ථ ක්‍රීඩා පිටිය කොළඹ 07

19න් පහළ කාන්තා (2000.01.01 දින හෝ ඊට පසු උපන් ක්‍රීඩිකාවන්)

2018 පෙබරවාරි 02 වන දින ක්‍රීඩා අමාත්‍යාංශ ටොරිංටන් ගෘහස්ථ ක්‍රීඩා පිටිය කොළඹ 07

18න පහළ පිරිමි

2018 පෙබරවාරි 03 වන දින ක්‍රීඩා අමාත්‍යාංශ ටොරිංටන් ගෘහස්ථ ක්‍රීඩා පිටිය කොළඹ 07

ඒ අනුව සංචිතයන් හි තේරීම් පරීක්ෂණ සඳහා සහභාගි වීමට කැමති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහත සඳහන් දිනයන් හි උදෑසන 8 වන විට අදාළ ක්‍රීඩා පිටියට පැමිණිය යුුතුව ඇත.

>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<