කාශ්මීර අර්බුදය ක්‍රිකට්වලටත් බලපායි ද?

400

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (6) පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගය අතරතුර “#Justice for Kashmir” හා “India stop genocide & free Kashmir” යන වැකි රැගත් බැනර් සහිත ගුවන් යානා හෙඩින්ග්ලි ක්‍රීඩා පිටියට ඉහළින් ගමන් කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. 

ශර්මා සහ රාහුල් ශ්‍රී ලංකාවට අමිහිරි සමුගැනීමක් තිළිණ කරයි

එම ජයග්‍රහණයත් සමඟින් ඉන්දියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ….

පසුගිය සතියේ ද පාකිස්තාන ඇෆ්ගනිස්තාන තරගය අතරතුර දී මෙවැනිම සිදුවීමක් වාර්තා වූ අතර එම සිදුවීම සිදු වුයේ ද මෙම ලීඩ්ස් ක්‍රීඩාංගණයේ දී ම වීම විශේෂත්වයක්.

කාශ්මීර් ප්‍රදේශය ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලකයින්ගෙන් නිදහස ලබා ගත් කාල වකවානුවේ පටන්ම ඉන්දියාව හා පාකිස්තානය බෙදා තිබුණු නමුත් ගැටලුව පැවතුණේ හිමාලය කලාපයට රටවල් දෙකම අයිතිවාසිකම් කීම නිසයි.

කෙසේ වෙතත් මෙම කලාපයේ පවතින නිරන්තර ගැටලු නිසා පසුගිය දශක තුනක කාලය තුළ සිවිල් වැසියන් ඇතුළු 70000ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

“අපි ඇත්තවශයෙන්ම කනගාටු වෙනවා මේ සිදුවීම යළිත් සිදුවීම පිළිබඳව.” අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි. ICC ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර කිසිදු දේශපාලන පණිවිඩයක් අපි අනුමත කරන්නේ නැහැ.”

“තරගාවලිය පුරා අපි පොලිසිය හා බොහොම සමීපව කටයුතු කළා මෙවැනි සිදුවීම් සිදුවීම වළක්වන්න. පළමු සිදුවීමෙන් පසුව බටහිර යෝක්ෂයර් පොලිසිය අපට සහතිකයක් ලබා දුන්නා මෙවැනි සිදුවීමක් යළිත් සිදුවන්නේ නැහැයි කියා. කෙසේ වෙතත් එය යළිත් සිදුවීම ඉතාම අප්‍රසන්නයි.”

ICCය පවසා සිටියේ අවසන් පූර්ව තරගයන් පැවැත්වෙන මැන්චෙස්ටර් හා බර්මින්හැම් හිදී මෙවැනි සිදුවීමක් සිදු නොවීමට පොලිසිය සියලු පියවර ගනු ඇති බවයි.

පසුගිය සතියේ පාකිස්තාන ඇෆ්ගනිස්තාන තරගයෙන් පසුව ප්‍රේක්ෂකයින් අතර කලහකාරී බවක් ද ඇති වුණු අතර ඒ පිළිබඳව තවමත් පොලිස් පරීක්ෂණ පැවැත්වේ.

අවසන් හතරට යන්නට ඕන ලොකුම ගතිගුණය අපිට තිබුණේ නැහැ – මහේල

මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව ස්ථාවර විදියට දක්ෂතා දැක්වූවා කියලා 2019 ICC…

එම තරගය අතරතුර දී ද “Justice for Balochistan” ලෙස සටහන් වූ බැනරයක් සමඟ ගුවන් යානයක් පියාසර කරන ලදි.

බලොකිස්ටාන් යනු පාකිස්තානයේ විශාලතම දුප්පත්ම ප්‍රාන්තය වන අතර එම ප්‍රාන්තය ඇෆ්ගනිස්තානයට හා ඉරානයට මායිම්ව පවතියි.

2004 වසරේ සිට පාකිස්තාන හමුදා එම ප්‍රාන්තයේ රැඳී සිටින අතර සිවිල් ගැටුම් එම ප්‍රාන්තයේ සුලබ දසුනක්.

ඊයේ ඉන්දියා පකිස්ථාන තරගය අතරතුර දී “Help end mob lynching in India” වදන් සටනක් වූ බැනරයක් ද පියාසර කරන ලදි.

ගවමස් අනුභවය හෝ ගවයින් ඝාතනය නිසා පසුගිය වසර පහ තුළ මිනිසුන් දොළහකට වඩා හින්දු කල්ලි විසින් ඝාතනය කර තිබීම මෙම බැනරයට හේතුවයි.

විචාරකයින් අදහස් දක්වන්නේ ප්‍රබල හින්දු දක්ෂිණාංශිකයෙකු වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොධි මහතා මේ පිළිබඳ සොයා නොබලන බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<