ThePapare.com ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා කවුද?

1411
පසුගිය වසරේ ජයග්‍රාහකයෝ, වමේ සිට දකුණට හම්සා රිසා (වැඩිම උත්සාහක දිනුම් ලාභියා - 2017, යුස්රාන් ලන්ත්‍රා ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා - 2017, සචිත් සිල්වා (වැඩිම ලකුණු ලාභියා - 2017)

පිට පිටම තෙවන වතාවටත්, 2018 පාසල් රග්බි ලීග් තරගාවලියේ ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා තේරීමට ThePapare.com අප සූදානම්.

දිනෙන් දින උණුසුම් වන පාසල් රග්බි පිටියේ දෙවන තරග අදියර මේ සති අන්තයේ දී පැවැත්වෙන අතර දක්ෂතා තුලින් සිය පාසල් ඉදිරියට ගෙන ආ පාසල් පිටියේ රග්බි තරු සොයා යන ThePapare.com සවාරිය දැන් ආරම්භ වී තිබේ.

ඉසිපතනයෙන් තර්ස්ටන් ක්‍රීඩකයින්ට අමතක නොවන සංග්‍රහයක්

කොළඹ ඉසිපතන විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය අතර 47 වැනි වරටත් පැවති අබ්දුල් ජබ්බාර්..

පාසල් රග්බි පිටියේ දක්ෂයින් සොයා යාමේ හා ඔවුන් අගය කිරීමේ අරමුණින් ආරම්භ වූ ThePapare.com ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා සම්මානය පළමු වසරේ දී රාජකීය විදුහලේ අංක අට ක්‍රීඩක සුපුන් වර්ණකුලසූරිය ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා ලෙස සම්මාන දිනූ අතර 2016 හා 2017 දී පිළිවෙළින් සාන්ත තෝමස් විද්‍යාලයේ නවීන් හේනකන්කානම්ගේ හා මරදාන සහිරා විදුහලේ යුස්රාන් ලන්ත්‍රා ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයෝ ලෙස සම්මාන දිනා ගත්හ.

2016 දී නවින් හේනකන්කානම්ගේ ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි නායක සුදර්ශන මුතුතන්ත්‍රීගෙන් (වමේ) සම්මාන ලබා ගනිමින්

මේ වසරේ දී ThePapare.com අප පාසල් අටකින් ක්‍රීඩකයින් අට දෙනෙකු වෙනුවෙන් ජනප්‍රියම පාසල් ක්‍රීඩකයාට හිමි සම්මානයට නාමයෝජනා ලබා ඇති අතර මේ එම ක්‍රීඩකයින්.

  • ජනිදු දිල්ශාන් – රාජකීය විද්‍යාලය
  • විශ්ව රණරාජා – ත්‍රිත්ව විද්‍යාලය  
  • ගැමුණු චේතිය – සාන්ත ජෝසප් විද්‍යාලය
  • ආසිරි සෙනෙවිරත්න – කිංග්ස්වුඩ් විද්‍යාලය
  • මනිල්ක රුබේරු – ඉසිපතන විද්‍යාලය   
  • මුර්ශිඩ් සුබයිර් – වෙස්ලි විද්‍යාලය
  • මින්හාජ් ශම්සුදින් – සහිරා විද්‍යාලය
  • ජේසන් කරුණාරත්න – සාන්ත පීතර විද්‍යාලය  
>> බේ ඡන්දය ප්‍රකාශ කරන්න මෙතැන Click කරන්න.

ජනප්‍රියම රග්බි ක්‍රීඩකයා සඳහා ජුනි 20 වැනිදා සිට ජුලි 10 වැනිදා දක්වා ඔබට මනාපය පල කළ හැක. අනාගත රග්බි තරු බබළවන්නට එක්වන්න ඔබත් ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<