ලෝක කුසලානයෙන් පසු ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන පුහුුණුකරු ඉවත් වෙයිද?

181
Peter Della Penna

ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණූකරු ලෙස කටයුතු කරන ෆිල් සිමන්ස් තවත් දින 9කින් ආරම්භ වීමට නියමිත 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

පාකිස්තානයේ තිදෙනෙක්ට ලෝක කුසලානයට දොර ඇරේ

වේගපන්දු යවන ක්‍රීඩකයින් වන මොහොමඩ් අමීර්……….

හිටපු බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරුවෙකු වන ෆිල් සිමන්ස් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්වූයේ 2017 වසරේ දෙසැම්බර් මසදීය.

එවකට ඔහුට ලබාදුන් අභියෝගනය වන ‘ඇෆ්ගනිස්තානය 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ අභියෝගය’ ඔහු සාක්ෂාත් කර ගැනීමෙන් පසු ඔහු මෙලෙස එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබීම විශේෂත්වයකි.

සිමන්ස් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයට පසුගිය සෙනෙසුරාදා දිනයේදී සිය ඉල්ලා අස්වීම පිළිබඳව පවසා ඇත්තේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සහ ෆිල් සිමන්ස් සමඟ  ඇති ගිවිසුම යාවත්කාලීන කිරීම සඳහා පැවැති සාකච්ඡාවකදීය.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆිල් සිමන්ස් පවසා ඇත්තේ තමන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සමඟ එකඟ වී ඇති ගිවිසුම යාවත්කාලීන නොකරන බව ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දුන් බවත් එළඹෙන ජූලි මස 15 වනදායින් එම ගිවිසුම අවසන් වන බවත්ය.

සිය පුහුණුකාරීත්වය යටතේ මාස 18ක කාලයක් පුරාවට ඇෆ්ගනිස්තාන කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණ ලබාගත් බවත්, 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට හැකි වීම ඉන් ප්‍රධානතම කරුණක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඇෆ්ගනිස්තානය පරදවා අයර්ලන්තයට පහසු එක්දින ජයක්!

පසුගිය දා බංග්ලාදේශයට ශූරතාවය හිමිකර ……….

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එළඹෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දක්වන දක්ෂතා මත ෆිල් සිමන්ස්ගේ ගිවිසුම් කාලය දිර්ඝ කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතනයේ පාලක මණ්ඩලය අතර ඇතිවූ මතභේදයක් හේතුවෙන් ෆිල් සිමන්ස් මෙම තීරණය ගැනීමට හේතුව වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<