ඉවත් කළ පුහුණුකරු නැවතත් බඳවා ගනී

73

මතභේදාත්මක ලෙස පුහුණුකාර ධූරයෙන් ඉවත් කර පිල් සිමන්ස්ව වසර තුනකට පසුව නැවතත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර සඳහා බඳවා ගෙන ඇති බව වාර්තා වේ.

මත භේදාත්මක සුපිරි පන්දුවාරයේ නීති කිහිපයක් වෙනස් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විධායක කමිටු රැස්වීම ඊයේ (14) ඩුබායි නුවර දී පැවැත්වුණු අතර එහි දී 2019 ලෝක කුසලාන…

ඔහුගේ නව කොන්ත්‍රාත්තු ගත කාලසීමාව වන්නේ වසර 4ක කාලයකි. සිමන්ස් යනු ඔවුන්ගේ ලැයිස්තුගත අයදුම්කරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු වන අතර ඔහු සමඟ තරග කළ අනෙක් දෙදෙනා වන්නේ ඩෙස්මන් හේන්ස්, ෆ්ලොයිඩ් රෙයිෆර් ය. 

2016 සැප්තැම්බරයේ දී සිමන්ස්ව කොදෙව් පුහුණුකාර ධුරයෙන් පහකරනු ලැබුවේ කොදෙව්වන් දෙවන වරටත් විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කර මාස 6කට පසුවයි. ඔවුන් එහි දී ඉදිරියට යනු ලැබුවේ “සංස්කෘතික හා උපාය මාර්ගික ප්‍රවේශයේ වෙනස” යන පාඨයත් සමඟිනි.

ඔවුන් 2019 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීම ඔහු දුටුවේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසිනුයි. ඒ අතරතුර ඔහු බාබඩෝස් ට්‍රිඩෙන්ට්ස් කණ්ඩායමේ පුහුණුකාරීත්වය දැරූ අතර ඔවුන් පසුගිය ඉරිදා CPL ශූරතාව දිනා ගැනීමට ද සමත් විය. ඊට පෙරාතුව සිමන්ස් අයර්ලන්ත කණ්ඩායමේ ද පුහුණුකාරීත්වය දරනු ලැබීය.

“පිල් සිමන්ස් නැවත ගෙන්වා ගැනීම යනු අතීත වැරැද්දක් නිවැරදි කිරීම පමණක් නොවේ. නමුත් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම කාර්යභාරය සඳහා නියම වේලාවට සුදුසුම පුද්ගලයා තෝරාගෙන තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඉතාමත් දක්ෂයෙකු වන ෆ්ලොයිඩ් රෙයිෆර් සහය පුහුණුකරු ලෙස සිටිය දී වෙහෙස මහන්සි වී වැඩ කිරීම සම්බන්ධව මම ඔහුටත් ස්තූතිවන්ත වෙනවා.” ලෙස බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රිකී ස්කෙරිට් මහතා පැවසීය.

අහිමි කළ සාමාජිකත්වය පිළිබඳ ICCය සලකා බලයි

අහිමි වූ සාමාජිකත්වය නැවත වතාවක් හිමිකර ගනිමින් කඩා වැටී තිබෙන තම ක්‍රිකට් ක්‍රීඩාව විධිමත්ව යලි නඟා සිටුවීමේ අවස්ථාවක්…

මෙහි දී කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ සහ ඉල්ලුම්කරුවන් තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයේ සාමාජිකයෙකු ද වූ ජිමී ඇඩම්ස් පැවසූයේ, ඉතාමත් හොඳ බඳවා ගැනීමේ ක්‍රියාවලියකින් අනතුරුව  ප්‍රධාන පුහුණුකරුගේ තනතුර සඳහා පිල්ව පත්කිරීම පිළිබඳව තමා සතුටු වන බවයි. 

“පිල් අපගේ ජාත්‍යන්තර සංචිත වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නායකත්ව කුසලතා සහ පළපුරුද්ද ලබාදෙන බවට මට කිසිදු සැකයක් නැහැ. මම ඔහුගේ කාර්යභාරයට සහය ලබාදෙමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා” ලෙසින් ද ඔහු පැවසීය.

සඳුදා (ඔක්තෝබර් 14) පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටුව විසින් ඔවුන්ගේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් ද නිවේදනය කරනු ලැබීය. 

බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොජර් හාපර් පිරිමි කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස නම් කරන ලද අතර එයට මයිල්ස් බාස්කොම්බ් ද ඇතුළත් ය. ඈන් බ්‍රවුන් කාන්තා කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියායි. මේ අතර පිරිමි කණ්ඩායමේ කුසලතා හැඳුනුම් කළමනාකරු ලෙස රොබට් හේන්ස් පත් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<