පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ආරාධනයක්

193
@THE NATION

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ආරාධනයක් සිදු කර ඇති බව වාර්තා වේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පැවැත්වීමට නියමිත ටෙස්ට් ශූරතාවලියට සමගාමීව මෙම තරගාවලිය පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.

අවසන් පන්දුවාරයෙන් ජයග්‍රහණය තීරණය විය

අවසන් පන්දුවාරය තෙක් දිග් ගැස්සුණු තියුණු තරගයකින් අනතුරුව සංචාරක පාකිස්තාන..

ටෙස්ට් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ සියලු තරග පාකිස්තානයේ කරච්චි නුවර සහ ලාහෝර් හිදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සැලසුම් කරයි. පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ එශාන් මානි සහ මෙහෙයුම් අධ්‍යක්ෂක වසීම් ඛාන් විසින් සිංගප්පූරුවේ දී පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේ දී නිල වශයෙන් මේ ආරාධනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සිදු කිරීමට නියමිතයි.

තරගාවලිය සඳහා සපයනු ලබන ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට පාකිස්තානයට පැමිණ පරීක්ෂා කර බලන ලෙසට ද එරට ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ.

මීට වසර 10කට පෙර පාකිස්තානයේ කරච්චි නුවර දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසු කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරයක යෙදුණේ නැත.

2009 වසරේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් ක්‍රීඩාංගණයට ගමන් කරමින් සිටින අතරතුර ක්‍රීඩකයින් රැගත් බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.

“ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් උපරිමය කරනවා” – කුසල් මෙන්ඩිස්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 02ක් පමණි…

මේ දක්වා පාකිස්තානය තුල ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට අවශ්‍ය පසුබිම සලසා දීම සඳහා ප්‍රදර්ශනාත්මක තරග මෙන්ම පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වීමට ඔවුන් පියවර ගන්නා ලදි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව එක් පන්දුවාර විස්සයි විස්ස තරගයක්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දුවාර විස්සයි විස්ස තරග 3ක්, පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් සහ ලෝක කණ්ඩායම සමඟ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක් පසුගිය වසර කිහිපයේ දී පාකිස්තානයේ දී පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග යළි එරට දී පැවැත්වීමේ අවස්ථාව උදා කර ගැනීමේ අරමුණෙනි.

අදාළ තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟතාවය පල කළහොත් වසර 10කට පසුව එරට දී ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වනු ඇති. මන්දයත් 2009 වසරෙන් අනතුරුව පාකිස්තානය සත්කාරකත්වය දරන සියලු තරග පැවැත්වීමට කටයුතු කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී වීම නිසාවෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<