පාකිස්තානය ශ්‍රී ලංකාවට, ඕස්ට්‍රේලියාවට හා එංගලන්තයට අතවනයි

1030
GettyImages

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු පාකිස්තානය තුල අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සඳහා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ වේල්ස් ක්‍රිකට් ආයතනත් සමඟ සාකච්ඡා වටයක් පැවැත්වීමට සූදානමින් පසුවේ.

එලෙසම බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සමඟත් පාකිස්තානය තුල නැවත ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

නවසීලන්ත ක්‍රීඩකයාට ලෝක කුසලානය මග හැරෙයි ද?

ICC ක්‍රිකට් ලෝක කුසලානයේ නවසීලන්තයේ පළමු තරගය එළඹෙන ජුනි 1 දා ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන අතර නවසීලන්ත…

ඒ අනුව පාකිස්තාන ක්‍රිකට් ආයතන නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් ආයතන සමඟ සාකච්ඡාවක් එළඹෙන මැයි මස 26 වැනිදා පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේ දී පැවැත්වීමට නියමිතයි.

එළඹෙන වර්ෂයේ දී පාකිස්තානය සතුව ඇති ජාත්‍යන්තර විකාශන අයිතිය අවසන් වීමත්, රට තුල නැවත ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ඔවුන් මෙලෙස ක්‍රියාමාර්ග ගනිමින් සිටි.

එළඹෙන 2021 වසරේ සහ 2022 වසරේ දී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය පාකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට අපේක්ෂාවෙන් සිටින්නේ මෙහි එක් අදියරක් ලෙසයි.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ වසීම් ඛාන් සඳහන් කර ඇත්තේ එංගලන්ත ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරි ටොම් හැරිසන් එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු මාස 3කට ආසන්න කාලයක් පාකිස්තානයේ සංචාරයක නිරත වීමට  නියමිත බවය. එම කාලය තුල ටොම් හැරිසන් පාකිස්තානයේ වත්මන් වතාවරණය විමසා බලමින් 2021/22 සංචාරය පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීමට නියමිත බව ද සඳහන්.

වසර 14කට ආසන්න කාලයක් මුළුල්ලේ එංගලන්ත කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක නිරත නොවීම හේතුවෙන් මෙම තරගාවලිය ඓතිහාසික තරගාවලියක් වනු ඇත.

පළමු තරගය වැස්සට බිලිවෙයි!

පුරා මාස දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් දැක බලා ගැනීමට ඇඟිලි ගනිමින් සිටි ප්‍රේක්ෂකයින්ට…

කෙසේ වෙතත් වසීම් ඛාන් සඳහන් කර ඇත්තේ ටොම් හැරිසන් පාකිස්තානයේ සංචාරය කරන අතරතුර දී එරට ක්‍රිකට් ක්‍රීඩාංගණ සහ ආරක්ෂක තත්වය පිළිබඳව ද තොරතුරු විමසා බැලීමට නියමිත බවය.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියෙකු වන කෙවින් රොබට්ස් ද පාකිස්තානයේ තොරතුරු විමසා බැලීම එරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

මීට වසර 10කට පෙර පාකිස්තානයේ කරච්චි දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසු කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරයක යෙදුණේ නැත.

මේ දක්වා පාකිස්තානය තුල ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට අවශ්‍ය පසුබිම සලසා දීම සඳහා ප්‍රදර්ශනාත්මක තරග මෙන්ම පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වීමට ඔවුන් පියවර ගන්නා ලදි.

බලහත්කාරයෙන් ගත් ලකුණු දෙකෙන් ලෝක ශූරතාව දිනූ හැටි

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරග සාමාන්‍යයෙන් ඉතාම උණුසුම් ස්වරූපයක් උසුලයි. 1987 ලෝක කුසලාන වෙනුවෙන් දෙරට අතර පැවැත්වූ තරගය ද එවැන්නක්.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්තානය වෙත එළඹෙන සැප්තැම්බර් මාසයේ දී සහභාගී වීමට මේ වන විට සාකච්ඡා ගොඩනගමින් පවති. එළඹෙන මැයි මස 26 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ එහි පළමු අදියරයි.

ශ්‍රී ලංකා තරග සංචාරයෙන් පසු පාකිස්තාන ක්‍රිකට් ආයතනය බංග්ලාදේශයත් සමඟ තරගාවලියක් පැවැත්වීමට සූදානම්ව තිබේ. මීට පෙර අවස්ථා කිහිපයක දී ම පාකිස්තානය, බංග්ලාදේශය සමඟ තරගාවලි පැවැත්වීමට උත්සහ කළ ද එය අසාර්ථක විය.

2017 වසරේ දී බංග්ලාදේශය පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය අතහැර දැමූ අතර මෙම වසරේ ආරම්භයේ දී පැවැත්වීමට නියමිත තිබූ පන්දුවාර විස්සයි විස්ස තරග දෙකක් ද අත්හැර දැමීමට සිදු විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<