පාකිස්තානයට ක්‍රිකට් ගෙන යාමට ශ්‍රී ලංකාව සූදානම්

55

වසර 10ක දීර්ඝ විවේකයකින් අනතුරුව පාකිස්තානය වෙත නැවතත් ටෙස්ට් ක්‍රිකට් රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සූදානම්ව සිටිනවා. පාකිස්තාන ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය රාවල්පින්ඩි හා කරච්චි හිදී පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් මස 11 සිට 15 දක්වා පවත්වන අතර දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් මස 19 සිට 23 දක්වා කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 

දින දෙකෙන් තරගය නිමා කළ කෝල්ට්ස් අවසන් 4ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ……..

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් මාසයේ දී ටෙස්ට් තරගාවලියක් සඳහා ද, දෙසැම්බර් මස එක්දින තරගාවලියක් සඳහා ද සහභාගි වීමට නියමිතව තිබුණි. නමුත් එක්දින තරගාවලිය ඔක්තෝබර් මස පවත්වමින් ටෙස්ට් තරගාවලිය සඳහා එරට සුදුසු ක්‍රීඩාංගණය තෝරාගැනීම සිදු කිරීමට දෙරටෙහි ක්‍රිකට් ආයතන තීරණය කර තිබුණි. 

ශ්‍රී ලංකා පකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා වන කාලසටහන නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරගාවලිය සඳහා අනුමැතිය ලබා දීමෙන් අනතුරුවය. මෙම පාකිස්තාන සංචාරය එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව සහතිකයක් ලබා දෙනු ඇති බවත්, ප්‍රේක්ෂකයන්ගෙන් පිරුණු ක්‍රීඩාංගණය ද එරට ආරක්ෂක තත්ත්වය ලොවට කියාපාන බවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ විශ්වාසයයි. එය පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සඳහා වැදගත් වන බව ද ඔවුන්ගේ මතයයි. 

මෙම ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් පාකිස්තානය ක්‍රිකට් ආයතන අධ්‍යක්ෂක සකීර් ඛාන් අදහස් දක්වා සිටියා. 

“මේක පාකිස්තානයට ගොඩක් ලොකු ප්‍රවෘත්තියක් වේවි. මේ තරගාවලියෙන් ලබා දෙන ආදර්ශය අපේ ක්‍රිකට් ආරක්ෂිතයි කියලා ලොවට කියාවි. අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව, විශේෂයෙන් දීර්ඝ තරග සංචාරයක් සඳහා. ඒක පාකිස්තානය ක්‍රිකට් ආයතනයට ඔවුන් නැවත පාකිස්තානයට ක්‍රිකට් ගෙන ඒමට කරන උත්සාහයට කරන ලොකු උපකාරයක්. 

මේ අවස්ථාව නව ප්‍රේක්ෂකයන් ආකර්ශනය කරගැනීම සඳහා නව අවස්ථාවක් වේවි. දැන් මේ තරගාවලිය ස්ථීර වෙලා තියන නිසා අපිට දැන් අවශ්‍ය ආරක්ෂක තත්ව සූදානම් කළ යුතු යි. ඒවා ඉතාම උසස් තත්වයෙන් සූදානම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ තරගාවලිය අපේ ක්‍රීඩකයන්ට, නිලධාරීන්ට, ප්‍රේක්ෂකයන්ට වගේම සෑම දෙනාටම අමතක නොවන තරගාවලියක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

පන්දුව කෙසේ වෙතෙත් නම්බුව පළුදු වේ!

ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම …….

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා මහතා ද අදහස් දක්වා සිටියා. 

“අපි සතුටෙන් දැනුම් දෙනවා පාකිස්තානයට නැවත සංචාරයක් සඳහා එක්වන බව. අපි එහි ආරක්ෂක තත්ත්වය ගැන සතුටුදායක වෙනවා. අපි හිතනවා මේ තත්ව ටෙස්ට් තරගාවලියක් සඳහා සුදුසුයි කියලා. අපි විශ්වාස කරනවා සෑම කණ්ඩායමක්ම පාකිස්තානයට සහයෝගය දැක්විය යුතුයි කියලා. ඔවුන්ට පාකිස්තානයේ තරගාවලි පැවැත්වීමට සහයෝගය දීම අපේ යුතුකමක්. අපේ අසල්වැසි ක්‍රිකට් රටක් විදිහට අපි සෑම වෙලාවකම පාකිස්තානයට සහයෝගය දක්වනවා. අපේ මුල් දිනවල අපිට සහයෝගය දැක්වූයේ පාකිස්තානයයි. 

ලෝක ටෙස්ට් ශූරතාවයේ අපේ පළමු තරගාවලිය ලෙස නවසීලන්ත තරගය පැවැත්වුනා. මම හිතනවා මේ පාකිස්තාන තරගාවලියත් ප්‍රබල තරගකාරී තරගාවලියක් වේවි කියලා. ඒ වගේම මම හිතනවා මේක ප්‍රේක්ෂකයන්ට අළුත් අත්දැකීමක් වේවි කියලා.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ තරග කාල සටහන

  • පළමු ටෙස්ට් තරගය – දෙසැම්බර් 11 සිට 15 දක්වා – පින්ඩි ක්‍රිකට් තරගාවලිය, රාවල්පිණ්ඩි
  • දෙවන ටෙස්ට් තරගය – දෙසැම්බර් 19 සිට 23 දක්වා – ජාතික ක්‍රීඩාංගණය – කරච්චි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<