අවිනිශ්චිත තරගාවලිය නිශ්චිත වේ

64

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය පිළිබඳව පොදු එකඟතාවකට පැමිණීමට මේ වන විට දෙරටේම ක්‍රිකට් පාලක මණ්ඩලයන් සමත්ව තිබේ.

ඉන්දියාවට සුපිරි කෑමක්!

ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් වූ ඩේවිඩ් වෝනර් සහ ආරොන් ෆින්ච් විසින් ඉන්දීය එක්දින ක්‍රිකට් පිටිය සලිත කරවමින්…

පාකිස්තාන ක්‍රිකට් පාලක මඩුල්ලේ සභාපති මෙන්ම තේරිම් කමිටුව භාර ප්‍රධාන නිලධාරියා ලෙස ද කටයුතු කරන එහ්සාන් මනි මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ මැදිහත් වීම සහ අධීක්ෂණය යටතේ ඊයේ (14) ඩුබායි හීදි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධරයින් හමුවී මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක නිරත විය. 

එහි දී තරගාවලිය පෙර සැලසුම් කළ පරිදි නව කාලසටහනක් යටතේ පැවැත්වීමට දෙපාර්ශවයම කැමැත්ත පළකොට සිටි අතර විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරගයක් සහ ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් ද තරගාවලිය සඳහා ඇතුළත් කර තිබේ.

එහ්සාන් මනි මහතාගේ මතයට අනුව පාකිස්තානය යනු තවදුරටත් තරග සංචාරය කිරීමට  නුසුදුසු, අනාරක්ෂිත රටක් නොවන බවත් එම වැරදි දුර්මතයන් ඉවත් කරදමමින් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය යලි දිනා ගැනීමේ කාලය දැන් එළඹ ඇති බවත්ය.

“මෙය ඇත්තටම පාකිස්තානය පමණක් නෙමෙයි සමස්ත ක්‍රිකට් ප්‍රජාවම ලද ජයග්‍රහණයක්. මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා ICC සභාපතිතුමා, ෂස්කන්ක් මනෝහර් මහතාට මෙවැනි වාතාවරණයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය සහයෝගය මුල සිටම අපිට ලබා දීපු එක ගැන.”

ලෙවිස්ගේ ශතකයෙන් කොදෙව් පිළට පූර්ණ තරගාවලි ජයක්!

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවති තෙවැනි එක්දින තරගයත් කඩුලු 5කින් ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයක්….

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වසීම් ඛාන් මහතා ද ඊයේ දිනයේ දී පැවති සාකච්ඡාවක් සඳහා එක්වෙමින් පවසා සිටියේ මෙවැනි පොදු එකඟතාවකට පැමිණීමට හැකි වීම දෙරටේම ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත උන්නතිය සඳහා ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

“මම ඇත්තටම සතුටු වෙනවා කලින් තිබ්බ ගැටලු සියල්ල නිරාකරණය කරගෙන තරගාවලිය මේ විදියට ඉදිරියට සැලසුම් කරගෙන යන්න ලැබුණු අවස්ථාව පිළිබඳව. ඇත්තටම තරගාවලිය පවත්වනවා ද නැද්ද කියන එක ගැන තිබ්බේ ලොකු අවිනිශ්චිතතාවක්. දැන් ඒ තත්ව සියල්ලම වගේ මඟ හැරිලා, හොඳ පසුබිමක් සකස් වෙලා තියෙනවා අපිට තරගාවලිය හොඳින් සංවිධානය කරන්න.”

“බංග්ලාදේශය තුන් වතාවක් පකිස්තානයට පැමිණ නැවත යා යුතුයි. ඉතින් අපි ඔවුන්ට නිදහස් මනසකින් යුතුව තරග වදින්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ආරක්ෂක විධි විදාන සහ ඒ හා සම්බන්ධ වැඩපිළිවෙළ තදින්ම ක්‍රියාවට නංවන්න අපේක්ෂා කරනවා.”

“තරග සියල්ලම එකම ක්‍රීඩාංගණයකට සීමා නොකර ක්‍රීඩා පිටි තුනක් පුරාවට පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා. මොකද සෑම ක්‍රීඩාලෝලියකුටම තමන් ආදරය කරන ක්‍රීඩකයින්, කණ්ඩායම් මුණ ගැසෙන්න සම අවස්ථාව සලසලා දිය යුතුයි.”

තරග කාලසටහන

  • ජනවාරි 24 – පළමු විස්සයි විස්ස තරගය, ලාහෝර්
  • ජනවාරි 25 – දෙවන විස්සයි විස්ස තරගය, ලාහෝර්
  • ජනවාරි 27 – තෙවැනි විස්සයි විස්ස තරගය, ලාහෝර්
  • පෙබරවාරි 7 – 11 – පළමු ටෙස්ට් තරගය, රාවල්පිණ්ඩි
  • අප්‍රේල් 3 – එක්දින තරගය, කරච්චි
  • අප්‍රේල් 5 -9 – දෙවන ටෙස්ට් තරගය, කරච්චි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<