“චන්දිමාල් හා දික්වැල්ල නැති එක ගැන පුදුමයි” – හිටපු පුහුණුකරු

7518

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පසුගිය වසර කිහිපය එතරම් සාර්ථක වූයේ නැහැ. මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වී සිටින, 2014 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් BBC සිංහල වෙබ් අඩවිය සමඟ වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ අදහස් දක්වා තිබුණා.

ලෝක කුසලාන ඉතිහාස පොතේ වාසිය ශ්‍රී ලංකාව අතට ගනී ද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 5කට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකා…..

“මහේල, සංගක්කාර කණ්ඩායමෙන් ඉවත් වුනාට පසු, වාස්, මුරලි, ජයසූරිය වැනි ක්‍රීඩකයින් විශ්‍රාම ගත්තාට පසුව නැගී එන නවක ක්‍රීඩකයින්ට එම හිස්තැන පිරවීම එතරම් පහසුවන්නේ නැහැ.” ෆාබ්‍රේස් අදහස් දක්වා තිබුණා.

“ඒ ඔවුන් පිළිබඳ බලාපොරොත්තු ඉතා ඉහළ නිසා”

“පහුගිය වසර කිහිපය තුළ සිදු වුණු එක් වැරැද්දක් තමයි තේරීම් කමිටු වරින් වර වෙනස් වුනා. ක්‍රීඩකයින් තෝරා ගැනීම ද වරින් වර වෙනස් වුනා.”

“ඕනෑම කණ්ඩායමකට ඕන ස්ථාවරත්වය. ඔබ යම් ක්‍රීඩකයෙකු තෝරා ගන්නේ නම් එම ක්‍රීඩකයාට ඔහුට දිග කාලයක් ක්‍රීඩා කරන්න ලබා දෙන්න ඕන. ඔහුට අවස්ථාවක් ලබා දෙන්න ඕන. මට කනගාටු එක් කරුණක් එය.”

“ඒ වගේම ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලි පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න ඕන. කිසිදු විවාදයක් නැහැ ශ්‍රී ලංකාවේ හරිම දක්ෂ ක්‍රීඩකයින් සිටිනවා.”

“මම ලංකාවේ සිටි සමයේ ශ්‍රී ලංකාව තුළ ප්‍රිමියර් ලීග් කණ්ඩායම් 10ක් විතර පමණයි තිබුණේ. එය ඉතා හොඳයි. යම් යම් පළාත් තරගාවලි කිහිපයකුත් තිබුණා. එය ඉතාම හොඳින් තිබුණා. අපි එක්දින තරග මෙන්ම විස්සයි විස්ස තරග ද ක්‍රීඩා කළා. එය තමයි සිදු විය යුතු දෙය.”

“පළාත් කණ්ඩායම් පහක් ක්‍රීඩා කළ යුතුයි. ක්‍රීඩා සමාජ මට්ටම වෙනස් කරන්නට අවශ්‍ය නැහැ. එයත් වැදගත්. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වැදගත්.”

“පාසල් අතර ද්වන්ධව ක්‍රිකට් තරගාවලි හරිම අපූරුයි.”

“ක්‍රීඩා සමාජ මට්ටමත් වැදගත් නමුත් මම හිතන්නේ ජාත්‍යන්තර මට්ටම හා ක්‍රීඩා සමාජ මට්ටම අතර පළාත් තරගාවලිත් පැවතිය යුතුයි. ඒ විට නැගී එන ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමට පිවිසෙන්නට නිශ්චිත මාර්ගයක් තිබෙනවා. ඔබ පාසල් මට්ටමෙන් ක්‍රීඩා සමාජ මට්ටමට එනවා. අනතුරුව පළාත් මට්ටමට පැමිණ ජාතික තලයට පිවිසෙනවා.”

“ඔබ තහවුරු කරගන්න ඕන ඔබේ දේශීය තරගාවලි ආකෘතිය නිවැරදියි කියලා. ඒ වගේම වැදගත් හරියට ක්‍රීඩකයින් තෝරන එක.”

ජෝ රූට්ගෙන් එංගලන්ත නායකයාට අමුතු විදියක ප්‍රශංසාවක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය 18 වැනිදා එංගලන්තය……

වත්මන් කණ්ඩායම පිළිබඳ ඔහු මෙසේ අදහස් දක්වා සිටියා.

“මම තේරීම් කමිටු සාමාජිකයෙකු නොවෙයි. ඒ නිසා මට කණ්ඩායම තෝරපු විදිය ගැන අදහසක් නැහැ. මම එයට සම්බන්ධ නැති නිසා. නමුත් දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයින් තෝරා නොගැනීම පුදුමයි. අවසන් වරට ශ්‍රී ලංකාව එංගලන්තයේ සංචාරය කරද්දී ඔහු තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම දක්ෂතා දැක්වූ පිතිකරු. ඔහුගේ තාක්ෂණය. ඔහු එංගලත්න තත්වයන් භාවිතා කළ ආකාරය ඒ වගේම ඔහු ගොඩක් එංගලන්තයේ ක්‍රීඩා කරනවා. මම පුදුම වෙනවා ඔහු කණ්ඩායමේ නොමැති එක ගැන.”

“දික්වැල්ල තවත් එවැනි ක්‍රීඩකයෙක්. ඔහු තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයෙක්. ඔහු සටන්කාමීයෙක්. ඔහු ප්‍රතිවාදියා වෙත තරගය රැගෙන යනවා. පිතිකරණ ලැයිස්තුව මුල ඔහු ඉතා භයානක පිතිකරුවෙක්.”

“ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට එන්න පුළුවන්. ඔවුන් අපූරු කණ්ඩායමක්. නමුත් අපි බලා ඉමු මොකද වෙන්නේ කියලා.”

BBC සිංහල ෆේස්බුක් පිටුවේ පළවූ වීඩියෝවක් ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<