පැරා මලල ක්‍රීඩකයෝ සුගතදාසය දෙවනත් කරන්නට සැරසේ

299

2018 ශ්‍රී ලංකා ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලිය ජූලි මස 20 සහ 21 දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

තමාගේ දරුවා ගැන නොව රටේම දරුවන් ගැන සිතමින් තමාගේ මව නොව රටේ සියලු මව්වරුන් ගැන සිතමින් නිතර තම රටේ අභිවෘද්ධිය ගැන සිතුවුවෝ යුධ පිටියෙන් එපිට තරග වදින සැණකෙළියක් වේ නම් ඒ පැරා ක්‍රීඩා උළෙලයි.

ෆින්ලන්තයට ගිය පොඩ්ඩෝ දිවයිනට

ෆින්ලන්තයේ ටැම්පර් නුවර පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට (IAAF- අවුරුදු 20න් …

නොපසුබට දිරියෙන් හැකි සෑම විටම ලක්මාතාව රජ කරවන්නට මොවුන් කරනා මෙහෙය ගැන වචනයක් නොකියාම බැරි වූයේ පැරා උළෙලේ බහුතරයක් ක්‍රීඩකයින් රණවිරුවන් වන නිසාවෙනි.

ඇති හැකියන් අභිබවමින් රටේ සියල්ලන්ටම “හිත ඇති නම් කළ නොහැක්කක් නොමැත” යන්න ආදර්ශයෙන් පෙන්වන තරගාවලියක් වන මෙම තරගාවලිය ලෝකය ඉදිරියේ වීරයන් බිහිකරන තිඹිරිගෙයකි.

ඩන්කන් වයිට්, සුසන්තිකා ජයසිංහට පසුව ශ්‍රී ලංකාව ඔලිම්පික් පදක්කමක පහස ලබන්නේ ද පැරා ක්‍රීඩා නියෝජනය කරමින් වීම ආඩම්බරයට කරුණකි. ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ දී 400M T46 ලෝකඩ පදක්කම් ලාභී ප්‍රදීප් සංජය හා 2016 රියෝ ඔලිම්පික් තරගාවලියේ දී හෙල්ල විසිකිරීම F46 අවසන් තරගයේ දී ලෝකඩ පදක්කම් ලාභී දිනේෂ් හේරත් වැනි ජාත්‍යන්තරය ජය ගත් විශිෂ්ටයන් ද බිහිවන්නේ මේ ජාතික සංග්‍රාම භූමියේ දී ම ය.

දශක දෙකකටත් අධික කාලයක් පුරා රටේ ක්‍රීඩාවට උර දෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා සමාගම ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය හා අත්වැල් බැඳ ගනිමින් මෙවර ද අනුග්‍රහකත්වය දැක්වීමට ඉදිරිපත් වී සිටියි.

අප වෙනුවෙන් පෙනී සිටින උතුම් රණවිරුවන් වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කරන්නට උචිතම කාලයයි මේ. ඔවුන් අපේ ශක්තියයි, ඔබේ ඔල්වරසන් ඔවුන්ගේ ශක්තියයි. එන්න අපි ඔවුන්ට සවිය වෙමු. රටේ ක්‍රීඩාවට උර දෙමු.

සුපුරුදු පරිදි ජාතික පැරා ක්‍රීඩා උළෙලේ සියලු තතු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<