ලෝක කුසලානයට ඩැහැගන්න අලුත් කණ්ඩායමක්

78

2020 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට පැපුවා නිව් ගිනියා කණ්ඩායම පසුගිය දා සමත් විය. ඒ සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් තරගයේ දී කෙන්යා කණ්ඩායම පරාජය කරමිනි. තරගය ඩුබායි හිදී පැවති අතර පැපුවා නිව් ගිනියා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක් සඳහා පිවිසෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. 

ආබාධ රකුසාගේ නවතම ගොදුර!

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ……

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී පැපුවා නිව් ගිනියා කණ්ඩායම ලකුණු 45කින් කෙන්යා කණ්ඩායම පරාජය කිරීමට සමත් විය. කෙසේ වෙතත් පැපුවා නිව් ගිනියා කණ්ඩායමට තම ලෝක කුසලාන සහභාගිත්වය ස්ථීර කර ගැනීමට නම් ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය අතර තරගයේ ප්‍රතිඵලය එනතුරු සිටිය යුතු විය. 

ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය අතර තරගයේ ජයග්‍රහණය නෙදර්ලන්තය සතු වූයේ කඩුලු 4කිනි. නමුත් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කාණ්ඩ ප්‍රථමයා දල ලකුණු වේගයෙන් තීරණය වූ අතර නෙදර්ලන්තයට කාණ්ඩ ප්‍රථමයා වීමට තම ජයග්‍රාහී ලකුණු 131 පන්දුවාර 12 පන්දු 3ක දී ලබා ගැනීමට සිදුව තිබුණි. අදාල පන්දුවාර සංඛ්‍යාව තුල එම ඉලක්කය පසුකර යාමට නෙදර්ලන්තය අපොහොසත් වූ නිසා ඔවුන් කාණ්ඩයේ දෙවැනියා වෙමින් තරගාවලිය නිමා කළේය. 

“මම ගොඩක් හැඟීම්බර වෙලා ඉන්නේ. මේක ඉතාමත් අමාරු වසර දෙකක් වුනා. එයාලට මේක ගොඩක් ලොකු ජයග්‍රහණයක්. ඔවුන්ට ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමම විශේෂ කරුණක්. “ පැපුවා නිව් ගිනියා කණ්ඩායමේ පුහුණුකරු වන ඕස්ට්‍රේලියා ජාතික ජෝ ඩේව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පැවැත්වූ සාකච්ඡාවක දී පවසා සිටියා. 

ජො ඩේව්ස් ක්වීන්ස්ලන්ඩ් කණ්ඩායමේ හිටපු වේගපන්දු ‍යවන්නෙකු වන අතර ඔහු තවදුරටත් පවසා සිටියේ එළඹෙන ලෝක කුසලානය සඳහා සැලසුම් කිරීම ඔවුන් ආරම්භ කර ඇති බවයි. 

“අපි ඒක ගැන හිතන්න පටන් ගන්නවා. අපි මේ ලෝක කුසලාන අත්දැකීම විඳගන්න ආසාවෙන් ඉන්නේ. මේ අවස්ථාව ක්‍රීඩකයන්ට ගොඩක් විශේෂ අවස්ථාවක්. ඒ වගේම ඔවුන්ගේ රටටත් මේක ගොඩක් ලොකු ගෞරවයක්. ” 

වෝනර්ගේ උපන්දින ශතකය ඉදිරියේ ශ්‍රී ලංකාව දණ නමයි!

මුල්පෙළ පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණයත්……..

කෙන්යා තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් පැපුවා නිව් ගිනියා කණ්ඩායම එක් අවස්ථාවක දී ලකුණු 19කට කඩුලු 6ක් දැවී අසීරු අවස්ථාවකට පත්ව සිටියහ. එම අවස්ථාවේ දී පිටියෙහි එක්වූ නෝර්මන් වැනූවා හා සෙස් බාවු හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 77ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය. නෝර්මන් වැනූවා පන්දු 48ක දී ලකුණු 54ක් වාර්තා කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. පළමු ඉනිම සඳහා පැපුවා නිව් ගිනියා කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව 118 කි. 

කෙන්යා ‍කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් පන්දුවාර 12ක් තුල ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සිදුව තිබුණි. කෙසේ වෙතත් කෙන්යා පිතිකරුවන් එම ඉලක්කය පසුකර යාමට අසමත් විය. කෙන්යා ඉනිමේ වාර්තා වූ එකම හතරේ පහරට හිමිකම් කීමට ආරම්භක පිතිකරු ඉර්ෆාන් කරීම් සමත් විය. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 29කි.

කෝල්ට්ස් හා ගුවන් හමුදාව නැගී එන ක්‍රිකට් පිටිය අලංකාරවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන…..

කෙන්යා කණ්ඩායම සියලු දෙනා ලකුණු 73ක් තුල දවා ගැනීමට පැපුවා නිව් ගිනියා කණ්ඩායම සමත් විය. පැපුවා නිව් ගිනියා කණ්ඩායම වෙනුවෙන් නොසීනා පොකානා ලකුණු 21කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. 

ඩුබායි හි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මුල් ස්ථාන 6 දිනා ගන්නා කණ්ඩායම් එළඹෙන වසරේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<