වාර්තා පොත් අලුත් කරමින් පන්ට් ඉදිරියටම

86

ඉන්දීය ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් වසර 71ක කාලයක් පුරාවට ඔවුන් හට අත්විඳීමට නොහැකි වූ ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක පහස විඳ ගැනීමට කෝලී ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම පසුගිය දා සමත් වූයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හී ප්‍රබල වෙනස්කම්  කිහිපයකට ද මංපෙත් විවර කරමිනි.

කෝලි ප්‍රමුඛ ඉන්දියානුවන් ඕස්ට්‍රේලියාවේ දී ඉතිහාසය වෙනස් කරයි

මේ මස 3 වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ සංචාරක ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර තරග 4කින් සමන්විත් ටෙස්ට් තරගාවලියේ…

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති තරග හතරකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය ඉතා උණුසුම් පුවත් මැවූ, ලොව පුරා විසිරී සිටින ක්‍රිකට්ලෝලින්ගේ අවධානය ඇඳ බැඳ තබා ගත් තරගාවලියක් බවට පත් වූයේ දෙපිලේම ක්‍රීඩකයින් කරට කර පෙන්වූ සටන්කාමි තරග විලාසය නිසාවෙනි.

ඒ අතරින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පිත්තෙන් සහ කඩුල්ල පිටුපස සිට සිය උපරිම දායකත්වය ලබා දුන් නැඟී එන යොවුන් ක්‍රීඩක රිෂාබ් පන්ට් වාර්තා පොත් අලුත් කරමින් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියටම පැමිණීමට සමත් වීම වඩාත් කැපී පෙණුනි.

21 වැනි ස්ථානයේ සිට 17 වැනි ස්ථානය දක්වා ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණ නාමාවලියේ උසස් වීමක් ලබා ගැනීමට සමත් වූ 21 හැවිරිදි මෙම වමත් පිතිකරුවා ඉන්දීය කඩුලු රකින්නෙකු විසින් ටෙස්ට් පිතිකරණ නාමාවලියෙහි අත්කරගත් ඉහළම ස්ථානය ලෙස 1973 ජනවාරි මාසයේ දී ෆරෝක් ඉන්ජිනියර් විසින් තැබූ වාර්තාව සම කිරීමට සමත් විය.

තවද එම වර්ගීකරණ සටහනේ ප්‍රසාද ලකුණු 673ක් සිය නම ඉදිරියේ සටහන් කරගනිමින් හිටපු ඉන්දීය නායක මෙන්ම කඩුලු රකින ක්‍රීඩකයා ලෙස කටයුතු කළ මහේන්ද්‍ර සිං දෝනි විසින් තබා තිබූ ප්‍රසාද ලකුණු 662ක වාර්තාව අභිබවා යමින් නව වාර්තාවක් තමන් සතු කරගැනීමට පන්ට් සමත් විය.

තිසර නැවතත් දස්කම් දක්වද්දී ශ්‍රී ලංකාවට පූර්ණ පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ එක්දින තරගාවලියේ තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (8) නෙල්සන් හි සැක්ස්ටන්…

2016 වසරේ පැවති වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ දී නේපාල කණ්ඩායමට එරෙහිව පන්දු 19ක් පමණක් වැය කරමින් ලබා ගත් ප්‍රවේගකාරී අර්ධ ශතකයෙන් ක්‍රිකට් ප්‍රජාවේ ඇස තමා වෙත යොමු කරගැනීමට සමත් වූ පන්ට් ටෙස්ට් ක්‍රිකට් පිටියට තවමත් කෝඩුකාරයෙකු වූවත් මාස 9ක් වැනි කෙටි කලක් තුල දී ඉතා ශීඝ්‍ර දියණුවක් පෙන්වමින් නිමා වූ තරගාවලියේ එක් ශතකයක් සමඟින් ලකුණු 350ක් රැස් කිරීමට සමත් වූ අතර තරගාවලිය පුරා උඩපන්දු 20ක් ආරක්ෂිතව රැකගනිමින් තමා පිතිකරුවෙකු වශයෙන් පමණක් නොව සාර්ථක කඩුලු රකින්නෙකු බව ද ලොවට හඬ ගා කීමට ඔහුගේ දක්ෂතා ප්‍රමාණවත් විය.

ඕස්ට්‍රේලියානු සංචාරය පුරාවටම ඉන්දීය කණ්ඩායමේ ලකුණු මැෂිම ලෙස ක්‍රියාත්මක වූ චෙතේශ්වර් පුජාරා ඉනිම් 5ක දී වැදගත් ලකුණු 521ක් සිය කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා රැස් කිරීමට සමත් වූ අතර ඔහු ඉවසිලිමත්ව, සංවිධානාත්මකව ගොඩ නැගූ දිගු ඉනිම ඕස්ට්‍රේලියානු පිලෙන් ජයග්‍රහණය උදුරා ගැනීමට තරම් ප්‍රබල විය. මෙසේ ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පුද ලැබීමට වාසනාවන්ත වූ අතර පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී එක් ස්ථානයක් ඉදිරියට ගමන් කරමින් ලොව තෙවන හොඳම ටෙස්ට් පිතිකරුවා බවට පත් වීමේ ගෞරවය ද තමන් සතු කරගත්තේය.

cricket.com.au  චෙතේශ්වර් පුජාරා

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර  ජඩේජා සහ ඉන්දීය ආරම්භක පිතිකරු මයන්ක් අගර්වාල් පිළිවෙළින් ශ්‍රේණිගත කිරීම්වල 57 වැනි සහ 62 වැනි ස්ථාන දක්වා ඉහළට ගමන් කිරීමට සමත් වී ඇත.

ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් විමසා බැලූ විට ඉන්දී‍ය දඟපන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම වර්ගීකරණ ස්ථානය (45 වන ස්ථානය) දිනා ගැනීමට සමත් වී තිබෙන්නේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 99කට කඩුලු 5ක් බිඳ හෙළීම නිසාවෙනි. තවද ඉන්දීය පිලේ ආරම්භක පන්දු යවන්නාගේ භූමිකාවට පණ පොවන වේගපන්දු යවන මොහොමඩ් ෂැමී හට එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් වර්ගීකරණ නාමාවලියෙහි 22 වැනි ස්ථානය අත් කරගැනීමට හැකි වී තිබේ.

දඟපන්දුවේ බලයෙන් තෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන තරගය අද (07) පී සරා…

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඔවුන්ගේ ආරම්භ පිතිකරුවා ලෙස කටයුතු කරන මාර්කස් හැරිස් පිතිකරුවන් 21ක් දෙනෙකු පසු කරමින් 69 වැනි ස්ථානය දක්වා උසස් වීමක් ලබා ඇති අතර ප්‍රබල පා දඟපන්දු යවන නේතන් ලයන් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හී 13 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ජය ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් සමත් වූ අතර එහි දී දෙපිලේම කැපී පෙනෙන දස්කම් පෑ ක්‍රීඩකයින් හට ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට ඒමට අවස්ථාව උදා වී තිබේ.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක එයිඩ්න් මාක්‍රම් නැවතත් පිතිකරුවන් වර්ගීකරණ නාමලේඛනයේ හොඳම 10දෙනා අතරට තේරී පත් වීමට සමත් වී ඇති අතර (10 වන ස්ථානය) තෙම්බා බවුමා එක් ඉනිමක දී ලබාගත් ලකුණු 75 නිසාවෙන් හොඳම පිතිකරුවන් 30දෙනා අතරට (26 වැනි ස්ථානය) එක් වීමට වරම් ලබා තිබේ. නායක ෆෆ් ඩූ ප්ලෙසිස් පළමු ඉනිමේ දී වාර්තා කළ විශිෂ්ට ශතකය ඔහුව එම නාමාවලියේ 16 වැනි ස්ථානය දක්වා ඉදිරියට රැගෙන ඒමට උපකාරී විය.

espncricinfo.com එයිඩ්න් මාක්‍රම්

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අතරින් ආරම්භ පන්දු යවන වර්නන් ෆිලැන්ඩර් සහ ඩුවෙනේ ඔලිවර් පිළිවෙළින් 3 ස්ථානය සහ 32වන දක්වා සිය දක්ෂතා වර්ධනය කරගැනීමට සමත් වී ඇත.

පාකිස්තාන පිතිකරුවන් වන අෂාඩ් ශෆීක් (24 වැනි ස්ථානය), බාබර් අසාම් (25 වන ස්ථානය), ෂාන් මසූඩ් (65 වැනි ස්ථානය) සහ නායක සෆ්රාස් අහමඩ් (37 වැනි ස්ථානය) ශ්‍රේණිගත කිරීම් හී වෙනසක් සිදු කරමින් නාමාවලියේ ඉහළට පැමිණ තිබෙන අතර වමත් වේගපන්දු යවන ශහීන් අෆ්රිඩි හට පන්දු යවන්නන්ගේ නාමලේඛනයේ 60වන ස්ථානය දක්වා උසස් වීමක් ලබා ගැනීමට හැකි වී ඇත.

ගියවර ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හී  කණ්ඩායම් හිමිකරගෙන තිබූ ස්ථානයන්ගේ කිසිදු වෙනසක් මෙවර සිදු වී නෙමැත.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <