පලස්තීනයෙන් ශ්‍රී ලංකාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක්

273

2020 වයස අවුරුදු 23න් පහළ AFC ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිය ආරම්භක තරගයෙන් ගෝල 9-0ක දැවැන්ත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ පාපන්දු කණ්ඩායමට සිදු විය. ඒ පලස්තීන කණ්ඩායමට එරෙහිවයි. B කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය ඊයේ (24) බහරේන් හී කලීෆා ස්පෝර්ට්ස් සිටි ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

මතභේද රැසක් සමඟින් 23න් පහළ පාපන්දු සංචිතයක් නම් කරයි

ආසියානු පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන…..

තරග ආරම්භයෙන් සුළු මොහොතකට පසු පලස්තීන කණ්ඩායම පළමු වරට ගෝල රැස් කළේ Mousa Farawiගේ හා Mahmoud Al-Iwisatගේ සුසංයෝගයෙන්. Mousaගේ හරස් පන්දු යොමු කිරීමක් Al-Iwisat ඉතා පහසුවෙන් ගෝලය වෙත යොමු කළ අතර ඊට මිනිත්තු තුනකට පසු Yousef Emghamis අධිවේගයෙන් පන්දුව ගෝල රාමුවේ ඉහළ කොනෙන් ඇතුළට යොමු කළේ අලංකාර ලෙසයි.   

දඬුවම් පහර චතුරශ්‍රයේ කොනේ සිට ශ්‍රී ලංකාවට නිදහස් පහර දෙකක් හිමි වුනත් සුන්තරාජ් නිරේෂ් එම අවස්ථා දෙකම සාර්ථක කර ගන්නට සමත් වූයේ නැත.

24 වන මිනිත්තුවේ දී පලස්තීන නායක Ibrahim Dabbagh පහසුවෙන් පන්දුව ගෝලය වෙත යොමු කළ අතර ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයින්ගේ දුර්වලතාවයක් මනා ලෙස ප්‍රයෝජනයට ගනිමින් Emghamis සිය දෙවන ගෝලයත් වාර්තා කරන්නට සමත් විය.

පළමු අර්ධය: පලස්තීනය 4 -0 ශ්‍රී ලංකාව

දෙවන අර්ධය ආරම්භයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩක රිෆ්කාන් මොහොමඩ් හට ආසන්න අවස්ථාවක් ලැබුනත් ඔහුගේ ප්‍රහාරය ව්‍යර්ථ කරන්නට ගෝල රකින්නා ඔමාර් නෆාවී සමත් විය. මිනිත්තු 60 සිමාවේ දී Dawoud දිගු ප්‍රහාරයකින් ගෝල රැස් කළ අතර අතිරේක ක්‍රීඩක මොහොමඩ් සල්මා Raed Dahlaගේ පන්දු යොමු කිරීමක් ගෝල බවට හරවන්නට සමත් විය.     

මිනිත්තු හතක් ඇතුළත ජූඩ් සමන් පලස්තීනයට දඬුවම් පහර දෙකක් ලබා දුන් අතර ඉන් එකක Mousa Farawi හා අනෙක් Dahla විසින් ගෝල බවට පරිවර්තනය කරන ලදි.   

මතභේද දුරු කරන්නට හේතු එළිදකී

මේ මස 22 වැනිදා සිය 26 වැනිදා දක්වා බහරේන් හිදී පැවැත්වීමට නියමිත වයස අවු.23න් පහළ ආසියානු….

Dabbaghගේ ප්‍රහාරයක් ශ්‍රී ලංකා ගෝල රකින්නා රාසික් රිෂාඩ් වැළැක්වුවත් නැවත පැමිණි පන්දුව Saadou Abdelsalam ගෝලය වෙත යොමු කළේ තරගයේ අවසාන ගෝලය ලෙසයි.  

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අත්දැකීම් අඩු බව මෙම තරගයේ දී කැපී පෙනුණු අතර දක්නට ලැබුණු එකම සුබ ලකුණ නම් නායක රාසික් රිෂාඩ්ගේ අලංකාර ගෝල රැකීම් කිහිපයක් පමණි.

අවසන් ලකුණු තත්වය: පලස්තීනය 09 – 00 ශ්‍රී ලංකාව

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

පලස්තීනය –  Mahmoud Al-Iwisat 7’, Yousef Emghamis 10’ & 30’, Ibrahim Dabbagh 24’, Dawoud Iraqi 60’, මොහොමුද් සල්මා 68’, Mousa Farawi 70’(P), Raed Dahla 72’(P), Saadou Abdelsalam 79’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<