Home Sinhala පරාජයේ අඳුරු සෙවනැලි මැද ඕෂධගෙන් ශතකයක්!

පරාජයේ අඳුරු සෙවනැලි මැද ඕෂධගෙන් ශතකයක්!

116

මුල් ඉනිම අවසන් වෙද්දී වැඩි වාසි ලබාගෙන තිබූ ටෙස්ට් තරගයක් දෙවැනි ඉනිමේ දැක්වූ දියාරු ක්‍රීඩා විලාශය නිසා බන්දේසියක තබා ප්‍රතිවාදීන්ට තිලිණ කිරීමට ශ්‍රී ලංකා පිළ මේ වනවිටත් සූදානම් වී සිටියි. ඒ කරච්චි හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තානු දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය (22) නිමාවට පත් වනවිට ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සත්කාරක පාකිස්තානයට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 3ක් පමණක් වන බැවිනි. 

දෙපිළ අතර පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමා වීම නිසා මෙය හුදෙක් තරග පරාජයක් පමණක් නොව ටෙස්ට් තරගාවලි පරාජයක් බවට පත් වීමද මේ වනවිට වැළැක්වීමට නොහැකි වී ඇත.

නවක අබීද් අලි ශ්‍රී ලංකා කඳවුර හොල්ලයි!

පුරා වසර 15කට පසුව පාකිස්තානයේ දී ලබන ටෙස්ට් ජයක් පිලිබඳව සිහින මවමින් සිටි ශ්‍රී ලංකාවට…

අද සිව්වැනි දිනය සඳහා තරගය ආරම්භ වන මොහොත වනවිටත් ශ්‍රී ලංකාව සිටියේ ජයග්‍රහණයට ගව් ගානක් ඈතින්ය. ඒ දෙවැනි ඉනිම ඇරඹූ ශාන් මසූඩ් සහ අබීද් අලි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් පළමු කඩුල්ලටම ද්විත්ව ශතක සබඳතාවයක් ගොඩ නැගූ බැවිනි. ඒ අනුව ඊයේ දිනය නිමා වෙද්දී ඔවුන් කඩුලු 8ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 315ක් ඉදිරියට පසුවිය. ශ්‍රී ලංකා නව පුහුණුකරු පැවසුවේ පළමු ඉනිමේ වැඩි වාසි ලබාගත් ශ්‍රී ලංකා පිළට මෙවන් ඉරණමක් අත්වූයේ සැලසුමෙන් පිට පන්දු යැවූ නිසා බවයි.

කෙසේවෙතත් ඊයේ දිනයේ ශතක වාර්තා කරගත් පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ අඩිපාරේ යමින් අද උදෑසන ශතකය කරා ලඟා වන්නට අසාර් අලිට හැකිවිය. ඒ වනවිටත් තම කණ්ඩායම හොඳ අඩිතාලමක් දමා තිබූ නිසා පීඩනයකින් තොරව පන්දුවට පහර දුන් ඔහුට ලකුණු 118ක් ලබා ගැනීමට වැයවූයේ පන්දු 157ක් පමණි. ඊට හතරේ පහර 13ක් අන්තර්ගත විය. හිතේ හැටියට ලකුණු රැස් කිරීමෙන් පසු ඔහු දැවී යන්නේ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට ලක් වෙමිනි.

එය ශ්‍රී ලංකාව අද දිනයේ දවාගත් එකම කඩුල්ල බවට පත්විය. ඉන් අනතුරුව නැවතත් පාකිස්තානු ඉනිම ඉහළ නැගීම ආරම්භ වූ අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ද නොබිඳුනු අර්ධ ශතක සබඳතාවයක් වර්ධනය විය. ඒ බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් අතරයි. හරියටම අද දිවා විවේකය දක්වා ඇදී ගිය මෙම සබඳතාවයට අවසානයේ නැවතුමක් තබන්නේ පාකිස්තානු නායක අසාර් අලි ඉනිම අත්හිටුවීමට ගත් තීරණයත් සමඟයි. ඒ තම විශ්වාසනීය කණ්ඩායම් සගයා වන බාබර් අසාම් තම ශතකයට ලඟා වීමත් සමඟයි.

එංගලන්තය පරදා සිංහ පැටව් තුන්කොන් ශූරතාවය දිනති!

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන සුබ පෙරනිමිති පහළ කරමින් විශිෂ්ට ජයක් තහවුරු කර ගැනීමට අද…

බාබර් අසාම්ගේ ඉනිමට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ අතර පන්දු 131ක් තුල තම ශතකය වාර්තා කර ගැනීමට ඔහුට හැකිවිය. මේ අනුව පන්දුවාර 131ක් දක්වා ඉතාමත් වෙහෙසකර කාර්යයක යෙදුනු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රතිවාදී කඩුලු 3ක් පමණක් දවා ගනිමින් දිවා ආහාරයට පිය නගන්නට සිදුවිය. එහිදී විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් තිදෙනාම පෞද්ගලිකව ලකුණු 100කට වඩා ලබා දී තිබීමද කැපී පෙනුණි.

මේ අනුව ලකුණු 476ක අති දැවැන්ත ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඒ වෙනුවෙන් සම්පූර්ණ සැසි 5ක් සඳහා නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සිදුවිය. නමුත් එවන් පීඩනයක් දරා ගැනීමට නොහැකි වූ ඔවුන් අද දිනය නිමා වෙද්දීම පිතිකරණ ලැයිස්තුවේ යටි පෙළ දක්වාම විවර කර දුන්නේ හෙට දිනයේ නිසැක ජයක් ලබා ගැනීමට පාකිස්තානයට ඉඩ ලබා දෙමින්ය. මේ වනවිට ශ්‍රී ලංකාව කඩුලු 3ක් පමණක් අතැතිව පාකිස්තානු ඉනිමට වඩා ලකුණු 264ක් පිටුපසින් සිටියි.

දෙවැනි ඉනිමේ එකම සැනසීම ලෙස ඕෂධ ප්‍රනාන්දු තම මංගල ටෙස්ට් ශතකය ලබා ගැනීම සැලකිය හැකි අතර අනෙක් පිතිකරුවන්ගෙන් ඔහුට ප්‍රමාණවත් සහයක් හිමිවූයේ නැත. මේ වනවිට නොදැවී ලකුණු 102ක් ලබාගෙන ශ්‍රී ලංකා පිළ අවමානයෙන් මුදා ගැනීමට සටන් වදින ඕෂධ පන්දු 175කට මුහුණ දී හතරේ පහර 13ක් එල්ල කර තිබේ. මීට අමතරව නිරෝෂන් දික්වැල්ල ලකුණු 65ක් ලබාගත් අතර ඕනෑම තත්ත්වයක් යටතේ වේගයෙන් පිත්ත හැසිරවීමට රුචිකත්වයක් දක්වන ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 76ක් පමණි.

සඳුන් වීරක්කොඩි වේගවත්ම ශතකය ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දී එස්…

කුසල් මෙන්ඩිස් නැවතත් ප්‍රේක්ෂක දෝෂාරෝපණයට ලක් වෙමින් ලකුණු නොලබාම දැවී ගියේ අසාර්ථක තරග සංචාරයක නිමාව සනිටුහන් කරමිනි. මීට අමතරව පළමු තරගයේ ශතකයක් වාර්තා කළ ධනංජය ද සිල්වා ද ලකුණු නොලබාම දැවී යද්දී මුල් ඉනිමේ සාර්ථක වූ දිනේෂ් චන්දිමාල් ද රැස් කළේ ලකුණු 2ක් පමණි. මෙවන් දස්කම් ටෙස්ට් ජයක් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බවත් ටෙස්ට් පිතිකරුවෙකු යනු ඕනෑම රළු තත්වයකට අනුගත වී පැය කිහිපයක් පුරාවට පිටියේ රැඳී සිටිය හැකි ක්‍රීඩකයින් බවත් කණ්ඩායම දැන්වත් තේරුම් ගත යුතුය.

පන්දු යැවීමේ දී තවමත් 16 හැවිරිදි වියේ පසුවන නසීම් ශා මෙම පරිණත ශ්‍රී ලංකා පිතිකරුවන් පහසුවෙන් මට්ටු කරමින් කඩුලු 3ක් දවා ගත්තේය. අනෙක් සියලු පන්දු යවන්නන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. මේ අනුව අද දිනය නිමා වෙද්දීම කඩුලු 7ක් දැවී ගොස් අසරණව සිටින ශ්‍රී ලංකා පිළ ලබාගෙන සිටින්නේ ලකුණු 212ක් පමණි. එබැවින් ආශ්චර්යයක් සිදු නොවුන හොත් පාකිස්තානු පිළ හෙට දිනයේ ටෙස්ට් තරගාවලි ජයක් ලබා ගැනීම වැළැක්විය නොහැකි බව ඕනෑම ක්‍රීඩා ලෝලියෙකුට මේ වනවිටත් වැටහී අවසන්ය.

Result


Sri Lanka
271/10 (85.5) & 212/10 (62.5)

Pakistan
191/10 (59.3) & 555/3 (131)

Batsmen R B 4s 6s SR
Shan Masood b Vishwa Fernando 5 15 1 0 33.33
Abid Ali lbw b Lahiru Kumara 38 66 7 1 57.58
Azhar Ali b Vishwa Fernando 0 2 0 0 0.00
Babar Azam st Niroshan Dickwella b Lasith Embuldeniya 60 96 8 1 62.50
Asad Shafiq c Vishwa Fernando b Lahiru Kumara 63 126 6 0 50.00
Haris Sohail lbw b Lasith Embuldeniya 9 30 0 1 30.00
Mohammad Rizwan b Lahiru Kumara 4 2 1 0 200.00
Yasir Shah lbw b Lahiru Kumara 0 1 0 0 0.00
Mohammad Abbas c Dhananjaya de Silva b Lasith Embuldeniya 0 9 0 0 0.00
Shaheen Shah Afridi c Angelo Mathews b Lasith Embuldeniya 5 9 1 0 55.56
Naseem Shah not out 1 1 0 0 100.00


Extras 6 (b 4 , lb 2 , nb 0, w 0, pen 0)
Total 191/10 (59.3 Overs, RR: 3.21)
Fall of Wickets 1-10 (6.1) Shan Masood, 2-10 (6.3) Azhar Ali, 3-65 (20.3) Abid Ali, 4-127 (39.5) Babar Azam, 5-167 (51.5) Haris Sohail, 6-172 (52.2) Mohammad Rizwan, 7-172 (52.3) Yasir Shah, 8-179 (55.5) Mohammad Abbas, 9-185 (58.1) Asad Shafiq, 10-191 (59.3) Shaheen Shah Afridi,

Bowling O M R W Econ
Vishwa Fernando 13 3 31 2 2.38
Lahiru Kumara 18 5 49 4 2.72
Dimuth Karunaratne 1 0 11 0 11.00
Lasith Embuldeniya 20.3 3 71 4 3.50
Dilruwan Perera 7 0 23 0 3.29
Batsmen R B 4s 6s SR
Oshada Fernando c Mohammad Rizwan b Shaheen Shah Afridi 4 19 0 0 21.05
Dimuth Karunaratne b Mohammad Abbas 25 42 4 0 59.52
Kusal Mendis c Haris Sohail b Mohammad Abbas 13 27 1 0 48.15
Angelo Mathews c Mohammad Rizwan b Shaheen Shah Afridi 13 44 1 0 29.55
Lasith Embuldeniya c Asad Shafiq b Mohammad Abbas 13 34 1 0 38.24
Dinesh Chandimal c Shan Masood b Haris Sohail 74 143 10 0 51.75
Dhananjaya de Silva c Mohammad Abbas b Shaheen Shah Afridi 32 56 2 1 57.14
Niroshan Dickwella b Mohammad Abbas 21 35 3 0 60.00
Dilruwan Perera lbw b Shaheen Shah Afridi 48 84 6 1 57.14
Vishwa Fernando not out 5 32 0 0 15.62
Lahiru Kumara b Shaheen Shah Afridi 0 2 0 0 0.00


Extras 23 (b 4 , lb 10 , nb 3, w 6, pen 0)
Total 271/10 (85.5 Overs, RR: 3.16)
Fall of Wickets 1-28 (6.2) Oshada Fernando, 2-39 (12.2) Dimuth Karunaratne, 3-61 (16.2) Kusal Mendis, 4-78 (26.3) Lasith Embuldeniya, 5-80 (29.1) Angelo Mathews, 6-147 (47.3) Dhananjaya de Silva, 7-184 (58.6) Niroshan Dickwella, 8-235 (72.5) Dinesh Chandimal, 9-271 (85.3) Dilruwan Perera, 10-271 (85.5) Lahiru Kumara,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 26.5 5 77 5 2.91
Mohammad Abbas 27 9 55 4 2.04
Naseem Shah 16 1 71 0 4.44
Yasir Shah 13 0 43 0 3.31
Haris Sohail 3 0 11 1 3.67
Batsmen R B 4s 6s SR
Shan Masood c Oshada Fernando b Lahiru Kumara 135 198 7 3 68.18
Abid Ali lbw b Lahiru Kumara 174 281 21 1 61.92
Azhar Ali st Niroshan Dickwella b Lasith Embuldeniya 118 157 13 0 75.16
Babar Azam not out 100 131 8 1 76.34
Mohammad Rizwan not out 21 19 2 0 110.53


Extras 7 (b 0 , lb 5 , nb 0, w 2, pen 0)
Total 555/3 (131 Overs, RR: 4.24)
Fall of Wickets 1-278 (68.3) Shan Masood, 2-355 (90.1) Abid Ali, 3-503 (123.1) Azhar Ali,

Bowling O M R W Econ
Vishwa Fernando 24 2 105 0 4.38
Lahiru Kumara 29 5 139 2 4.79
Lasith Embuldeniya 50 4 193 1 3.86
Dilruwan Perera 21 1 94 0 4.48
Dhananjaya de Silva 7 0 19 0 2.71


Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne c Mohammad Rizwan b Mohammad Abbas 16 28 2 0 57.14
Oshada Fernando c Asad Shafiq b Yasir Shah 102 180 13 0 56.67
Kusal Mendis c Babar Azam b Naseem Shah 0 4 0 0 0.00
Angelo Mathews c Mohammad Rizwan b Shaheen Shah Afridi 19 33 1 0 57.58
Dinesh Chandimal lbw b Naseem Shah 2 29 0 0 6.90
Dhananjaya de Silva b Yasir Shah 0 8 0 0 0.00
Niroshan Dickwella b Haris Sohail 65 76 11 0 85.53
Dilruwan Perera c Mohammad Rizwan b Naseem Shah 5 8 1 0 62.50
Lasith Embuldeniya c Mohammad Rizwan b Naseem Shah 0 1 0 0 0.00
Vishwa Fernando b Naseem Shah 0 9 0 0 0.00
Lahiru Kumara not out 0 1 0 0 0.00


Extras 3 (b 0 , lb 3 , nb 0, w 0, pen 0)
Total 212/10 (62.5 Overs, RR: 3.37)
Fall of Wickets 1-39 (9.4) Dimuth Karunaratne, 2-40 (10.3) Kusal Mendis, 3-70 (20.4) Angelo Mathews, 4-96 (30.1) Dinesh Chandimal, 5-97 (31.5) Dhananjaya de Silva, 6-201 (57.3) Niroshan Dickwella, 7-212 (60.1) Dilruwan Perera, 8-212 (60.2) Lasith Embuldeniya, 9-212 (61.5) Oshada Fernando, 10-212 (62.5) Vishwa Fernando,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 14 3 51 1 3.64
Mohammad Abbas 12 2 33 1 2.75
Naseem Shah 12.5 4 31 5 2.48
Yasir Shah 20 3 84 2 4.20
Haris Sohail 4 0 10 1 2.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<