Home Sinhala නවක අබීද් අලි ශ්‍රී ලංකා කඳවුර හොල්ලයි!

නවක අබීද් අලි ශ්‍රී ලංකා කඳවුර හොල්ලයි!

112
AFP

පුරා වසර 15කට පසුව පාකිස්තානයේ දී ලබන ටෙස්ට් ජයක් පිලිබඳව සිහින මවමින් සිටි ශ්‍රී ලංකාවට අද දිනය (21) කිසිසේත්ම සුබවාදී වූයේ නැත. ඒ කරච්චි නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද දිනය පුරාවට ඔවුන්ට දවා ගැනීමට හැකිවූයේ ප්‍රතිවාදී කඩුලු දෙකක් පමණක් වූ බැවිනි. ඒ අනුව පාකිස්තානු පිළ මේ වනවිට මුළු ලකුණු 395ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටියි.

චන්දිගේ හුදෙකලා සටනෙන් පසු පාකිස්තානයෙන් රතු එළියක්!

තරගාවලි ජයග්‍රහණයක් වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි …

පළමු ඉනිම අවසන් වනවිට ලකුණු 80ක ඉදිරියක් ලබා සිටි ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණයකින් කෙලවර කර ගැනීමේ වැඩි ඉඩක් නිර්මාණය වී තිබුනත් දෙවැනි ඉනිමේ දෙපිළේ ක්‍රීඩා රටාව සම්පූර්ණයෙන්ම වෙනස් විය. පාකිස්තානුවන් ඒ වෙනුවෙන් සුබවාදී ආරම්භයක් ලබා ගත්තේ ඊයේ දිනය නිමා වනවිට තම දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 57ක් ලබා ගනිමිනි. අද එතැන් පටන් සටන ආරම්භ කළ අබීද් අලි සහ ශාන් මසූඩ් පාකිස්තානු පිළේ දෛවය කණපිට හැරවූයේ පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 278ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නගමිනි.

තම දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අබීද් අලි අද දෙවැනි ශතකයත් වාර්තා කර ගත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ශතක රැස් කිරීම විනෝදාංශයක් බවට පත්කර ගනිමිනි. මේ වනවිට 32 වැනි වියේ පසුවන ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට කෝඩුකාරයෙකු වුවද ශතකය වෙනුවෙන් ලකුණු රැස්කළ ආකාරය පරිණත පිතිකරුවෙකුගේ ලක්ෂණ විදහා දැක්වීය. පන්දු 281කට මුහුණ දුන් ඔහු අද ලකුණු 174ක් රැස් කලේ හතරේ පහර 21ක් සහ එක් හයේ පහරක් සමඟිනි.

ටෙස්ට් තරග 18ක අත්දැකීම් ඇති ශාන් මසූඩ් අද පාකිස්තානු ඉනිමට අමතර ජවයක් එක් කරමින් ලකුණු 135ක් රැස්කර ගත්තේය. ඒ පන්දු 198කට මුහුණ දෙමිනි. එහිදී අබීද්ටත් වඩා හොඳ ප්‍රහාරක වේගයක් රඳවාගත් ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් එල්ල කළේය. නිරන්තරයෙන්ම අන්තය හුවමාරු කර ගනිමින් පීඩනයකින් තොරව මොවුන් දෙදෙනා ලකුණු රැස් කල රිද්මය බිඳින්නට හෝරා ගණනාවක් ගතවන තුරුත් කිසිදු පන්දු යවන්නෙකුට හැකි වූයේ නැත.

නවෝද් – කමිල් ශතක සබඳතාවය පරාජයකින් කෙලවර වෙයි!

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වෙන යොවුන් තුන්කොන් එක්දින ක්‍රිකට්…

ඒ අනුව බොහෝ වේලාවක් කල් මැරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට තමන් සොයා ගිය දඩයම සාර්ථක කර ගැනීමට හැකි වන්නේ පාකිස්තානු ඉනිමේ 69 වැනි පන්දුවාරයේදීය. ලහිරු කුමාර යැවූ කෙටි පන්දුවකට ඒ වනවිට ආත්ම විශ්වාසයෙන් උපරිම තලයේ සිටි ශාන් මසූඩ් පුල් පහරක් එල්ල කළ අතර කල් මැනීම අසාර්ථක වීම නිසා පන්දුව රැඳුනේ ඕෂධ ප්‍රනාන්දුගේ දෑත් අතරයි. ඒ අනුව පැය 5ක පමණ කාලයක් පා ආවරණ පැළඳ බලා සිටි අසාර් අලිට පිටියට පිවිසීමට වරම් උදාවිය.

එතැන් පටන් දෙවැනි කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා පිළට තවත් පන්දුවාර 22ක් බලා සිටීමට සිදුවූ අතර ඒ වනවිට තෙවැනි දිනයේ අවසන් හෝරාවද උදාවී තිබුණි. අද දිනයේ සාර්ථක යැයි සැලකිය හැකි එකම පන්දු යවන්නා වන ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ එවර දැවී යන්නේ තම මංගල ද්විත්ව ශතකයට ක්‍රමයෙන් ආසන්න වෙමින් සිටි අබීද් අලියි. මෙහිදී කඩුල්ල මුවා කිරීමේ වරදට විනිසුරු ලබාදුන් තීරණය අබීද් විසින් අභියෝගයට ලක් කලද එය කෙලින්ම කඩුල්ල විනිවිද යන අවස්ථාවක් බවට පුනරූපන මගින් තහවුරු විය.

කෙසේවෙතත් මෙම කඩුලු දෙක දවා ගැනීමද ඉතාමත්ම ප්‍රමාද වූ නිසා ශ්‍රී ලංකාවට නැවතත් තරගයට අවතීර්ණ වීමට දිනය නිමා වනවිටත් හැකිවූයේ නැත. මේ වනවිටත් තෙවැනි කඩුල්ල වෙනුවෙන්ද පාකිස්තානු මැදපෙළ ලකුණු 40ක සබඳතාවයක් ගොඩ නගා අවසන්ය. එහිදී නැවතත් ලකුණු අතරට පිවිසි අසාර් අලි දිනය නිමා වනවිට හතරේ පහර 4ක් සමඟින් ලකුණු 57ක් ලබා සිටියි. ඒ අනුව පාකිස්තානු පිළ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 315ක් ඉදිරියෙන් පසු වන්නේ තරග ජයග්‍රහණයක් සඳහා සියලු සුදුසුකම් සපුරාලමිනි.

සඳුන් වීරක්කොඩි වේගවත්ම ශතකය ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට්…

මේ වනවිට ශ්‍රී ලංකා පිළෙන් මෙම තරගයේ පාලනය ගිලිහී ඇති නිසා ඔවුන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දීම ඉතාම සැලකිල්ලෙන් සිදු කිරීම වැදගත්ය. ඒ ඔවුන්ට බොහෝදුරට දින එකහමාරක කාලයක් පුරාවට පන්දුවට පහර දීමට සිදුවිය හැකි බැවිනි. එහිදී මුල්පෙළ පිතිකරුවන් ක්‍රීඩා කරන ආකාරය තරගාවලියේ අවසන් ප්‍රතිඵලය කෙරෙහි තීරණාත්මකව බලපාන බව ඉතාමත් පැහැදිලිය. එබැවින් කණ්ඩායමේ ස්ථානය පිළිබඳව ප්‍රේක්ෂකයින්ගේ නිරන්තර ප්‍රශ්න කිරීමට ලක්වන ක්‍රීඩකයින්ට ඊට පිලිතුරු ලබා දීමටද මීට වඩා සුදුසු අවස්ථාවක් යළි නොලැබෙන බවද සහතිකය.

Result


Sri Lanka
271/10 (85.5) & 212/10 (62.5)

Pakistan
191/10 (59.3) & 555/3 (131)

Batsmen R B 4s 6s SR
Shan Masood b Vishwa Fernando 5 15 1 0 33.33
Abid Ali lbw b Lahiru Kumara 38 66 7 1 57.58
Azhar Ali b Vishwa Fernando 0 2 0 0 0.00
Babar Azam st Niroshan Dickwella b Lasith Embuldeniya 60 96 8 1 62.50
Asad Shafiq c Vishwa Fernando b Lahiru Kumara 63 126 6 0 50.00
Haris Sohail lbw b Lasith Embuldeniya 9 30 0 1 30.00
Mohammad Rizwan b Lahiru Kumara 4 2 1 0 200.00
Yasir Shah lbw b Lahiru Kumara 0 1 0 0 0.00
Mohammad Abbas c Dhananjaya de Silva b Lasith Embuldeniya 0 9 0 0 0.00
Shaheen Shah Afridi c Angelo Mathews b Lasith Embuldeniya 5 9 1 0 55.56
Naseem Shah not out 1 1 0 0 100.00


Extras 6 (b 4 , lb 2 , nb 0, w 0, pen 0)
Total 191/10 (59.3 Overs, RR: 3.21)
Fall of Wickets 1-10 (6.1) Shan Masood, 2-10 (6.3) Azhar Ali, 3-65 (20.3) Abid Ali, 4-127 (39.5) Babar Azam, 5-167 (51.5) Haris Sohail, 6-172 (52.2) Mohammad Rizwan, 7-172 (52.3) Yasir Shah, 8-179 (55.5) Mohammad Abbas, 9-185 (58.1) Asad Shafiq, 10-191 (59.3) Shaheen Shah Afridi,

Bowling O M R W Econ
Vishwa Fernando 13 3 31 2 2.38
Lahiru Kumara 18 5 49 4 2.72
Dimuth Karunaratne 1 0 11 0 11.00
Lasith Embuldeniya 20.3 3 71 4 3.50
Dilruwan Perera 7 0 23 0 3.29
Batsmen R B 4s 6s SR
Oshada Fernando c Mohammad Rizwan b Shaheen Shah Afridi 4 19 0 0 21.05
Dimuth Karunaratne b Mohammad Abbas 25 42 4 0 59.52
Kusal Mendis c Haris Sohail b Mohammad Abbas 13 27 1 0 48.15
Angelo Mathews c Mohammad Rizwan b Shaheen Shah Afridi 13 44 1 0 29.55
Lasith Embuldeniya c Asad Shafiq b Mohammad Abbas 13 34 1 0 38.24
Dinesh Chandimal c Shan Masood b Haris Sohail 74 143 10 0 51.75
Dhananjaya de Silva c Mohammad Abbas b Shaheen Shah Afridi 32 56 2 1 57.14
Niroshan Dickwella b Mohammad Abbas 21 35 3 0 60.00
Dilruwan Perera lbw b Shaheen Shah Afridi 48 84 6 1 57.14
Vishwa Fernando not out 5 32 0 0 15.62
Lahiru Kumara b Shaheen Shah Afridi 0 2 0 0 0.00


Extras 23 (b 4 , lb 10 , nb 3, w 6, pen 0)
Total 271/10 (85.5 Overs, RR: 3.16)
Fall of Wickets 1-28 (6.2) Oshada Fernando, 2-39 (12.2) Dimuth Karunaratne, 3-61 (16.2) Kusal Mendis, 4-78 (26.3) Lasith Embuldeniya, 5-80 (29.1) Angelo Mathews, 6-147 (47.3) Dhananjaya de Silva, 7-184 (58.6) Niroshan Dickwella, 8-235 (72.5) Dinesh Chandimal, 9-271 (85.3) Dilruwan Perera, 10-271 (85.5) Lahiru Kumara,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 26.5 5 77 5 2.91
Mohammad Abbas 27 9 55 4 2.04
Naseem Shah 16 1 71 0 4.44
Yasir Shah 13 0 43 0 3.31
Haris Sohail 3 0 11 1 3.67
Batsmen R B 4s 6s SR
Shan Masood c Oshada Fernando b Lahiru Kumara 135 198 7 3 68.18
Abid Ali lbw b Lahiru Kumara 174 281 21 1 61.92
Azhar Ali st Niroshan Dickwella b Lasith Embuldeniya 118 157 13 0 75.16
Babar Azam not out 100 131 8 1 76.34
Mohammad Rizwan not out 21 19 2 0 110.53


Extras 7 (b 0 , lb 5 , nb 0, w 2, pen 0)
Total 555/3 (131 Overs, RR: 4.24)
Fall of Wickets 1-278 (68.3) Shan Masood, 2-355 (90.1) Abid Ali, 3-503 (123.1) Azhar Ali,

Bowling O M R W Econ
Vishwa Fernando 24 2 105 0 4.38
Lahiru Kumara 29 5 139 2 4.79
Lasith Embuldeniya 50 4 193 1 3.86
Dilruwan Perera 21 1 94 0 4.48
Dhananjaya de Silva 7 0 19 0 2.71


Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne c Mohammad Rizwan b Mohammad Abbas 16 28 2 0 57.14
Oshada Fernando c Asad Shafiq b Yasir Shah 102 180 13 0 56.67
Kusal Mendis c Babar Azam b Naseem Shah 0 4 0 0 0.00
Angelo Mathews c Mohammad Rizwan b Shaheen Shah Afridi 19 33 1 0 57.58
Dinesh Chandimal lbw b Naseem Shah 2 29 0 0 6.90
Dhananjaya de Silva b Yasir Shah 0 8 0 0 0.00
Niroshan Dickwella b Haris Sohail 65 76 11 0 85.53
Dilruwan Perera c Mohammad Rizwan b Naseem Shah 5 8 1 0 62.50
Lasith Embuldeniya c Mohammad Rizwan b Naseem Shah 0 1 0 0 0.00
Vishwa Fernando b Naseem Shah 0 9 0 0 0.00
Lahiru Kumara not out 0 1 0 0 0.00


Extras 3 (b 0 , lb 3 , nb 0, w 0, pen 0)
Total 212/10 (62.5 Overs, RR: 3.37)
Fall of Wickets 1-39 (9.4) Dimuth Karunaratne, 2-40 (10.3) Kusal Mendis, 3-70 (20.4) Angelo Mathews, 4-96 (30.1) Dinesh Chandimal, 5-97 (31.5) Dhananjaya de Silva, 6-201 (57.3) Niroshan Dickwella, 7-212 (60.1) Dilruwan Perera, 8-212 (60.2) Lasith Embuldeniya, 9-212 (61.5) Oshada Fernando, 10-212 (62.5) Vishwa Fernando,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 14 3 51 1 3.64
Mohammad Abbas 12 2 33 1 2.75
Naseem Shah 12.5 4 31 5 2.48
Yasir Shah 20 3 84 2 4.20
Haris Sohail 4 0 10 1 2.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<