Home Sinhala චන්දිගේ හුදෙකලා සටනෙන් පසු පාකිස්තානයෙන් රතු එළියක්!

චන්දිගේ හුදෙකලා සටනෙන් පසු පාකිස්තානයෙන් රතු එළියක්!

119

තරගාවලි ජයග්‍රහණයක් වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. කරච්චි හිදී ක්‍රියාත්මක වන මෙම තරගය අද (20) දිනයට නතර කරන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු පිළ කිසිවෙකු නොදැවී ලකුණු 57ක් ලබා සිටියි. ඒ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 23ක සුළු පරතරයක් සහිතවයි.

ලහිරු – ලසිත් සුසංයෝගය හමුවේ පාකිස්තානු පිතිපෙළ බිඳ වැටෙයි

ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ ඉහළට යාම සඳහා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සටන් වදින ටෙස්ට් තරගාවලියේ……

අද උදෑසන නියමිත වේලාවට තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකා පිළ සිටියේ සත්කාරක පාකිස්තානු පිළට වඩා ලකුණු 127ක් පිටුපසිනි. නමුත් කණ්ඩායමේ මුල්පෙළ කඩුලු තුනක් ඊයේ දිනයේම ලකුණු 64ක් තුලදී බිඳ වැටීම කණ්ඩායමේ ජයග්‍රහණ සැලසුම් සෑහෙන දුරකට වෙනස් කිරීමට හේතුවිය. ඒ අනුව අද උදෑසන පිටියට පිවිසෙන්නේ ඇන්ජෙලෝ මැතිව්ස් සමඟින් ඊයේ සන්ධ්‍යාවේ රාත්‍රී රැකවලා ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණියයි. 

තම රාජකාරිය ඉටුකළ ලසිත් අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 13කට දැවී යද්දී ඇන්ජෙලෝ මැතිව්ස් ද ඔහු අනුගමනය කරමින් ඊට සමාන ලකුණු ගණනකට දැවී යාම කණ්ඩායමට බරපතල පාඩුවක් විය. එම තීරණාත්මක කඩුල්ල අයත් වූයේ ශහීන් අෆ්රිඩිටයි. පසුගිය තරගයේ විශිෂ්ට ශතකයක් වාර්තා කරගත් ධනංජය ද සිල්වා ද මෙම පන්දු යවන්නන්ට උචිත තණතිල්ලේ අවාසනාවන්ත වූයේ ලකුණු 32ක ආරම්භය ඉදිරියට ගෙන යන්නට අපොහොසත් වෙමිනි.

නවෝද් – කමිල් ශතක සබඳතාවය පරාජයකින් කෙලවර වෙයි!

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වෙන යොවුන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග…..

මේ නිසා ශ්‍රී ලංකා ඉනිම සහ පාකිස්තානු ඉනිම අතර බොහෝ දෙනා අපේක්ෂා කළ තරමේ පරතරයක් නොතිබෙනු ඇති බව පැහැදිලි විය. කෙසේවෙතත් කලකට පසු නැවතත් ජාතික කණ්ඩායම සමඟ එක්වුණු චන්දිමාල්ගේ සටන්කාමී අර්ධ ශතකයත්, දිල්රුවන්ගේ පිත්ත කලකට පසු ක්‍රියාත්මක වීමත් නිසා ශ්‍රී ලංකාවට තම ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 80ක ඉදිරියක් ලබා ගැනීමට හැකිවිය.

තම ටෙස්ට් දිවියේ 17 වැනි අර්ධ ශතකය චන්දිමාල් අද වාර්තා කළේ එක්ස්ට්‍රා කවර් කලාපය හරහා එල්ල කර ලද අලංකාර ඩ්‍රයිව් පහරක් සමඟයි. ඉන් නොනැවතුනු ඔහු පන්දු 143කට මුහුණ දෙමින් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් විය. ඒ හතරේ පහර 10ක් එල්ල කරමිනි. අනෙක් විශේෂඥ පිතිකරුවන් සියල්ල පසුකර යමින් කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ දිල්රුවන් පෙරේරා මෙම දුෂ්කර තණතිල්ලේ ඉතාමත් සීරුවට පන්දුවට පහර දෙමින් ලකුණු 48ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟයි.

පන්දු යැවීමේ දී ශහීන් අෆ්රිඩි ටෙස්ට් තරගයක තම පළමු ඉනිමක කඩුලු 5 දවා ගැනීම අද දිනයේ වාර්තා කර ගත්තේය. ඒ ලකුණු 77ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. මීට අමතරව මොහොමඩ් අබ්බාස් ඉනිම පුරාවට ඉතාමත් තර්ජනාත්මක පන්දු යැවීමක යෙදෙමින් කඩුලු 4කට හිමිකම් කීවේය. ඒ අනුව ලකුණු 271කට ශ්‍රී ලංකා පළමු ඉනිම නිමාව දුටු අතර පාකිස්තානු පිළට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට අද දිනය තුල පැයක පමණ කාලයක් ඉතිරි විය. 

සඳුන් වීරක්කොඩි වේගවත්ම ශතකය ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දී එස්. එස්. සී. කණ්ඩායම……

දිනයක් නිමා වීමට ආසන්න මෙම කාල සීමාව සාම්ප්‍රදායිකව ටෙස්ට් තරගයක පිතිකරුවන්ට අවාසිදායක වන බැවින් ශ්‍රී ලංකා පිළ බලාපොරොත්තු තැබුවේ කඩුලු දෙක තුනක් ඉක්මනින් දවාගෙන ටෙස්ට් ජයග්‍රහණයක් වෙනුවෙන් පාර කපා ගැනීමටයි. නමුත් කිසිවෙකු නොසිතූ ලෙස වේගවත්ව සහ විශ්වාසනීයව පන්දුවට පහර දුන් පාකිස්තාන ආරම්භක පිතිකරුවන් යුගලය අද දිනය අවසන් කළේ කිසිදු කඩුල්ලක් අහිමි කර නොගෙන ලකුණු 57ක් ලබා ගනිමිනි.

ඒ අනුව මේ වනවිට ඔවුන් ශ්‍රී ලංකා පිළට වඩා පිටුපසින් සිටින්නේ ලකුණු 23ක් පමණි. මේ වනවිට නොදැවී පන්දුවට පහර දෙන අබීද් අලි හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ද, ශාන් මසූඩ් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද ලබා සිටියි. පන්දුවාර 14ක මෙම කෙටි පරාසය තුල ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද තරමක ප්‍රහාරයකට ලක්වූ අතර ලහිරු කුමාර යැවූ පන්දුවාර 3ට ලකුණු 20ක්ම උදුරා ගැනීමට ප්‍රතිවාදීන් සමත් විය.

උදානට කෝටියකට වැඩි ඉල්ලුමක්!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉසුරු උදාන 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස්……

එබැවින් හෙට දිනයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙම තණතිල්ලේ දක්වන දස්කම් තරගයේ තීරණය කෙරෙහි සෘජුවම බලපෑම් එල්ල කරනු ඇත. ඉදිරි දින වලදී වර්ෂාවෙන් බාධා එල්ල නොවුනහොත් අනිවාර්යයෙන්ම තීරණයක් අපේක්ෂා කළ හැකි මෙම තරගයේ යම් හෙයකින් පාකිස්තානය ලකුණු 250කට වැඩි ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නොත් සිව්වැනි ඉනිමේ එය හඹා යාමද ශ්‍රී ලංකා පිතිකරුවන්ට පහසු නොවනු ඇත.

Result


Sri Lanka
271/10 (85.5) & 212/10 (62.5)

Pakistan
191/10 (59.3) & 555/3 (131)

Batsmen R B 4s 6s SR
Shan Masood b Vishwa Fernando 5 15 1 0 33.33
Abid Ali lbw b Lahiru Kumara 38 66 7 1 57.58
Azhar Ali b Vishwa Fernando 0 2 0 0 0.00
Babar Azam st Niroshan Dickwella b Lasith Embuldeniya 60 96 8 1 62.50
Asad Shafiq c Vishwa Fernando b Lahiru Kumara 63 126 6 0 50.00
Haris Sohail lbw b Lasith Embuldeniya 9 30 0 1 30.00
Mohammad Rizwan b Lahiru Kumara 4 2 1 0 200.00
Yasir Shah lbw b Lahiru Kumara 0 1 0 0 0.00
Mohammad Abbas c Dhananjaya de Silva b Lasith Embuldeniya 0 9 0 0 0.00
Shaheen Shah Afridi c Angelo Mathews b Lasith Embuldeniya 5 9 1 0 55.56
Naseem Shah not out 1 1 0 0 100.00


Extras 6 (b 4 , lb 2 , nb 0, w 0, pen 0)
Total 191/10 (59.3 Overs, RR: 3.21)
Fall of Wickets 1-10 (6.1) Shan Masood, 2-10 (6.3) Azhar Ali, 3-65 (20.3) Abid Ali, 4-127 (39.5) Babar Azam, 5-167 (51.5) Haris Sohail, 6-172 (52.2) Mohammad Rizwan, 7-172 (52.3) Yasir Shah, 8-179 (55.5) Mohammad Abbas, 9-185 (58.1) Asad Shafiq, 10-191 (59.3) Shaheen Shah Afridi,

Bowling O M R W Econ
Vishwa Fernando 13 3 31 2 2.38
Lahiru Kumara 18 5 49 4 2.72
Dimuth Karunaratne 1 0 11 0 11.00
Lasith Embuldeniya 20.3 3 71 4 3.50
Dilruwan Perera 7 0 23 0 3.29
Batsmen R B 4s 6s SR
Oshada Fernando c Mohammad Rizwan b Shaheen Shah Afridi 4 19 0 0 21.05
Dimuth Karunaratne b Mohammad Abbas 25 42 4 0 59.52
Kusal Mendis c Haris Sohail b Mohammad Abbas 13 27 1 0 48.15
Angelo Mathews c Mohammad Rizwan b Shaheen Shah Afridi 13 44 1 0 29.55
Lasith Embuldeniya c Asad Shafiq b Mohammad Abbas 13 34 1 0 38.24
Dinesh Chandimal c Shan Masood b Haris Sohail 74 143 10 0 51.75
Dhananjaya de Silva c Mohammad Abbas b Shaheen Shah Afridi 32 56 2 1 57.14
Niroshan Dickwella b Mohammad Abbas 21 35 3 0 60.00
Dilruwan Perera lbw b Shaheen Shah Afridi 48 84 6 1 57.14
Vishwa Fernando not out 5 32 0 0 15.62
Lahiru Kumara b Shaheen Shah Afridi 0 2 0 0 0.00


Extras 23 (b 4 , lb 10 , nb 3, w 6, pen 0)
Total 271/10 (85.5 Overs, RR: 3.16)
Fall of Wickets 1-28 (6.2) Oshada Fernando, 2-39 (12.2) Dimuth Karunaratne, 3-61 (16.2) Kusal Mendis, 4-78 (26.3) Lasith Embuldeniya, 5-80 (29.1) Angelo Mathews, 6-147 (47.3) Dhananjaya de Silva, 7-184 (58.6) Niroshan Dickwella, 8-235 (72.5) Dinesh Chandimal, 9-271 (85.3) Dilruwan Perera, 10-271 (85.5) Lahiru Kumara,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 26.5 5 77 5 2.91
Mohammad Abbas 27 9 55 4 2.04
Naseem Shah 16 1 71 0 4.44
Yasir Shah 13 0 43 0 3.31
Haris Sohail 3 0 11 1 3.67
Batsmen R B 4s 6s SR
Shan Masood c Oshada Fernando b Lahiru Kumara 135 198 7 3 68.18
Abid Ali lbw b Lahiru Kumara 174 281 21 1 61.92
Azhar Ali st Niroshan Dickwella b Lasith Embuldeniya 118 157 13 0 75.16
Babar Azam not out 100 131 8 1 76.34
Mohammad Rizwan not out 21 19 2 0 110.53


Extras 7 (b 0 , lb 5 , nb 0, w 2, pen 0)
Total 555/3 (131 Overs, RR: 4.24)
Fall of Wickets 1-278 (68.3) Shan Masood, 2-355 (90.1) Abid Ali, 3-503 (123.1) Azhar Ali,

Bowling O M R W Econ
Vishwa Fernando 24 2 105 0 4.38
Lahiru Kumara 29 5 139 2 4.79
Lasith Embuldeniya 50 4 193 1 3.86
Dilruwan Perera 21 1 94 0 4.48
Dhananjaya de Silva 7 0 19 0 2.71


Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne c Mohammad Rizwan b Mohammad Abbas 16 28 2 0 57.14
Oshada Fernando c Asad Shafiq b Yasir Shah 102 180 13 0 56.67
Kusal Mendis c Babar Azam b Naseem Shah 0 4 0 0 0.00
Angelo Mathews c Mohammad Rizwan b Shaheen Shah Afridi 19 33 1 0 57.58
Dinesh Chandimal lbw b Naseem Shah 2 29 0 0 6.90
Dhananjaya de Silva b Yasir Shah 0 8 0 0 0.00
Niroshan Dickwella b Haris Sohail 65 76 11 0 85.53
Dilruwan Perera c Mohammad Rizwan b Naseem Shah 5 8 1 0 62.50
Lasith Embuldeniya c Mohammad Rizwan b Naseem Shah 0 1 0 0 0.00
Vishwa Fernando b Naseem Shah 0 9 0 0 0.00
Lahiru Kumara not out 0 1 0 0 0.00


Extras 3 (b 0 , lb 3 , nb 0, w 0, pen 0)
Total 212/10 (62.5 Overs, RR: 3.37)
Fall of Wickets 1-39 (9.4) Dimuth Karunaratne, 2-40 (10.3) Kusal Mendis, 3-70 (20.4) Angelo Mathews, 4-96 (30.1) Dinesh Chandimal, 5-97 (31.5) Dhananjaya de Silva, 6-201 (57.3) Niroshan Dickwella, 7-212 (60.1) Dilruwan Perera, 8-212 (60.2) Lasith Embuldeniya, 9-212 (61.5) Oshada Fernando, 10-212 (62.5) Vishwa Fernando,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 14 3 51 1 3.64
Mohammad Abbas 12 2 33 1 2.75
Naseem Shah 12.5 4 31 5 2.48
Yasir Shah 20 3 84 2 4.20
Haris Sohail 4 0 10 1 2.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<