නවසීලන්තය 2-1කින් පාකිස්තාන ටෙස්ට් තරගාවලිය දිනා ගනී

148
AFP

පාකිස්තානය සහ නවසීලන්තය අතර අබුඩාබි හිදී පැවති අවසාන ටෙස්ට් තරගයේ දී ලකුණු 123ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නවසීලන්තය ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ තරග 3කින් පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ද නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

පාකිස්තානයේ යසීර් ෂා වසර 82ක වාර්තාවක් බිඳ දමයි

පාකිස්තානයේ සුපිරි පා දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන යසීර් ෂා අඩුම ක්‍රිකට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 200 ලබා ගැනීමේ වාර්තාව තමන්…

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 274ක් ලබා ගත් අතර එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක කේන් විලියම්සන් ය. ඔහු පන්දු 176කට මුහුණ දී හතරෙත් පහර 7ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තේ ය. ඊට අමතරව කඩුලු රකින ක්‍රීඩක බී. ජේ. වේටින්ග් ලකුණු 77ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිමට පන්දු 250ක් වැය වූ අතර හතරේ පහර 4ක් එම ඉනිමට ඇතුළත් විය.

පන්දු යැවීමේ දී බිලාල් අසීෆ් ලකුණු 65කට කඩුලු 5ක් දවා ගත්තේ ය. ඊට අමතරව යසිර් ෂා ලකුණු 75කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

පාකිස්තාන පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 348කි. එම ඉනිමට ශතක දෙකක් එක් විය. ඒ අසාර් අලි සහ අසාද් ශාෆික් ගෙනි. අසාර් අලි පන්දු 297කට මුහුණ දී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 134ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 15 වැනි ශතකයයි.

අසාද් ශාෆික් තම ටෙස්ට් තරග දිවියේ 12 වැනි ශතකය වාර්තා කර ගනිමින් පන්දු 259කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර 4 වැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 201කි.

කඩුලු ලබා ගැනීමේ දී විලියම් සමර්විල් ලකුණු 75කට කඩුලු 4ක් ලබා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

දුෂාන්, ඔසඳ සහ ඇන්ජලෝ ශතක ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග ආරම්භක දිනයේ දී ශතක තුනක් වාර්තා වීම කැපී පෙණුනි.

ලකුණු 74ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්ත ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 353ක් ලබා ගත්තේ ය. ඔවුන්ගේ එම ඉනිමට ද ශතක දෙකක් එක් විය. ඒ නායක කේන් විලියම්සන් සහ හෙන්රි නිකෝල්ස් වෙතිනි.

කේන් විලියම්සන් පන්දු 283කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 139ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 19 වැනි ශතකය විය. හෙන්රි නිකෝල්ස් පන්දු 266කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 126ක් ලබා ගත් අතර එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ තෙවැනි ශතකය විය.

ලකුණු 280ක් ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් සිව්වැනි ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 156ක් පමණි. එම ඉනිම වෙනුවෙන් බාබර් අසාම් පන්දු 114කට හතරේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ ය.

නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් පන්දු යැවීමේ දී ටිම් සෝති, අජාස් පටෙල් සහ විලියම් සමර්විල් කඩුලු 3 බැගින් දවා ගනිමින් තම ජයග්‍රහණය සහතික කළහ.

මෙම තරගයේ දී නවසීලන්තය වෙනුවෙන් විලියම් සමර්විල් සහ පාකිස්තානය වෙනුවෙන් ෂාහීන් ෂා අෆ්රිඩි ටෙස්ට් වරම් ලබා ගත්හ.

කමිඳුගේ තුන් ඉරියව් දස්කම් සමඟින් ශ්‍රී ලංකාවට පහසු ජයක්

නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අරඹමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (07) පැවති තරගය මුළු මනින්ම තමන්ගේ තරගයක්…

අවසන් තරගයේ වීරයා ලෙසින් කේන් විලියම්සන් සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා ලෙසින් යසීර් ෂා නම් කෙරුණි.

නවසීලන්තය; පළමු ඉනිම් සියලුම දෙනා දැවී 274 (116.1) ජිට් රාවල් 45, කේන් විලියම්සන් 89, බී.ජේ. වේටින්ග් 77, කොලින් ද ග්‍රෑන්ඩ්හූම් 20, යසීර් ෂා 3/75, බිලාල් අසිෆ් 5/65

පාකිස්තානය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 348 (135) අසාර් අලි 134, අසාද් ශාෆික් 104, සර්ෆාස් අහමඩ් 25, ට්‍රෙන්ට් බෝල්ට් 2/66, අජාස් පටෙල් 2/100, විලියම් සමර්විල් 4/75

නවසීලන්තය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 353 (113) කේන් විලියම්සන් 139, රොස් ටේලර් 22, හෙන්රි නිකෝල්ස් 126, කොලින් ද ග්‍රෑන්ඩ්හූම් 26, ශහීන් අෆ්රිඩි 2/85, යසීර් ෂා 4/129

පාකිස්තානය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 156 (56.1) ඉමාම් උල් හක් 22, බාබර් අසාම් 51, සර්ෆාස් අහමඩ් 28, ටිම් සෝති 3/42, අජාස් පටෙල් 3/42, විලියම් සමර්විල් 3/52

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<