මොහොමඩ් අබ්බාස් ඕස්ට්‍රේලියානුවෝ අමාරුවේ දමයි

177
ABU DHABI, UNITED ARAB EMIRATES - OCTOBER 17: Mohammad Abbas of Pakistan reacts during day two of the Second Test match between Australia and Pakistan at Sheikh Zayed stadium on October 17, 2018 in Abu Dhabi, United Arab Emirates. (Photo by Francois Nel/Getty Images)

පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (19) අබුඩාබි ෂෙයික් ෂායිඩ් ක්‍රීඩාංගණයේ දී නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 373ක ජයග්‍රහණය කළ පාකිස්තාන ක්‍රීඩකයෝ තරගාවලිය 1-0ක් සේ ජයග්‍රහණය කිරීමට ද සමත් වූහ.

දෙරට අතර පැවති පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර මෙම තරගය දිනයක් ඉතිරිව තිබිය දී ම අවසන් විය.

හයේ 6කින් ක්‍රිකට් වීරයාව පුදුම කළ ඇෆ්ගන් යොවුන් තරුව

ඉකුත් 14 වැනිදා සාජාහි පැවති ඇෆ්ගනිස්තානු ප්‍රිමියර් ලීගයේ තරගයක දී තමාගේ…

මෙම තරගයේ දී පාකිස්තාන ලැබූ ජයග්‍රහණය ඔවුන්ගේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරගයක දී ලකුණු සමගින් ජයග්‍රහණය කියැවෙන තරග අතුරින් පළමු තැන ගත්තේ ය. ඊට ප්‍රථම ඔවුන් ඕස්ට්‍රේලියාවටම එරෙහිව මෙම ක්‍රීඩාංගණයේ දී ම 2014 වසරේ දී ලකුණු 356කින් ලැබූ ජයග්‍රහණයයි මෙම සටහනේ ඉදිරියෙන් සටහන්ව තිබුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 282ක් ලබා ගත්හ. එම ඉනිමේ වැඩිම ලකුණුලාභීන් වූයේ ෆකාර් ෂාමන් සහ සෆ්රාෆ් අහමඩ් ය. ඔවුන් දෙදෙනාම ලබා ගත්තේ ලකුණු 94 බැගිනි.

ෆකාර් ෂාමන් තම මංගල තරගයේ දී ම අර්ධ ශතකයක් ලබා ගන්නා අතර නායක සෆ්රාෆ් අහමඩ් ලබා ගත්තේ තම 16 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

පන්දු යැවීමෙන් නෙතන් ලයන් ලකුණු 78කට කඩුලු 4ක් දවා ගත් අතර මාර්නුස් ලැබස්චේග්නේ කඩුලු 3ක් දවා ගත්තේ ය.

තරගයේ පළමු දිනය අවසන් වූයේ ඕස්ට්‍රේලියානුවන්ගේ පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 20ක් ලෙසින් සටහන් ව තිබිය දී ය. දෙවැනි දිනයේ ද පිටියට පිවිසෙමින් ඕස්ට්‍රේලියානුවෝ තම පළමු ඉනිමට රැස් කර ගත්තේ ලකුණු 145ක් පමණි. මෙම ඉනිමේ දී   ලකුණු 33කට කඩුලු 5ක් දවා ගත් පාකිස්තානයේ දකුණතින් වේගපන්දු යවන මොහොමඩ් අබ්බාස් තම ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් විය.

එමෙන්ම මෙම ක්‍රීඩාංගණයේ වේගපන්දු යවන්නෙක් විසින් දැක්වූ ඉහළම දක්ෂතාව ද මෙය වීම විශේෂ වේ. මීට පෙර මෙම වාර්තාවේ හිමිකම තිබුණේ ශ්‍රී ලංකාවට එරෙහිව 2013 වසරේ දී ජුනයිඩ් ඛාන් විසින් ලකුණු 151කට ලබා ගත් කඩුලු 8යි.

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා පොඩ්ඩන්ට ලකුණු 13ක් හරස් වේ

සිව් දිනක් මුළුල්ලේ කොළඹ එන්. සී. සී. පිටියේ පැවති නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ දී…

මොහොමඩ් අබ්බාස් ඕස්ට්‍රේලියා ඉනිමේ ආරම්භක පිතිකරු උස්මාන් කවාජා (03) දවා ගනිමින් තම 50 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගත්තේ ය. දෙවැනි දිනයේ සැදෑ සමයේ තම දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 144ක් ලබා සිටිය හ.

පාකිස්තාන දෙවැනි ඉනිමේ දී අර්ධ ශතක 4ක් ලකුණු පුවරුවට එක් විය. ඉන් වැඩිම ලකුණු ලාභියා වූයේ දකුණත් පිතිකරු බාබර් අසාම් ය. ඔහු තම මංගල ටෙස්ට් ශතකය මෙම ඉනිමේ දී අහිමි කර ගත්තේ එක් ලකුණක් මෙපිට සිටිමිනි. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව බාබර් අසාම් දැවී යන විට පන්දු 171කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් තම ඉනිමට ඇතුලත් කර තිබුණේ ය. ටෙස්ට් තරගයක දී ලකුණු 99 දී දැවී ගිය 11 වැනි පාකිස්තාන පිතිකරුවා වූයේ බාබර් අසාම් ය.

එම ඉනිමට අමතරව මංගල තරගයට ක්‍රීඩා කරන ෆකාර් ෂාමන් පළමු ඉනිමෙන් නොනැවතී දෙවැනි ඉනිමේ දී ද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය. ලකුණු අතරට පිවිසි අසාර් අලි තම 29 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරද්දී නායක සෆ්රාස් අහමඩ් ද නැවත වතාවක් අර්ධ ශතකයක් වාර්තා කළේය.

මේ දක්ෂතාත් සමඟින් පාකිස්තාන දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 400ක් වෙද්දී සෑහීමකට පත් වූ පාකිස්තාන නායකයා ඕස්ට්‍රේලියානුවන්ට නැවත පිටියට බාර  දුන්නේ ජයග්‍රහණය සඳහා ලකුණු 538ක ඉලක්කයක් ලබා දෙමිනි.

මොරටු මහා විද්‍යාලයට අමතක නොවන ජයක්

අනාගතයේ ලොව දිනන ක්‍රිකට් තරු සොයා යන ගමනට සහය වනු පිණිස ශ්‍රී ලංකා…

පාකිස්තාන දෙවැනි ඉනිමේ දී නෙතන් ලයන් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. එවර ඔහුට ප්‍රතිවාදීන්ට ලකුණු 135ක් ලබා දීමට සිදු විය.

මේ යන ගමනේ දී තරගයේ තෙවැනි දිනය නිමා වූයේ ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 47ක් ව තිබිය දී ය. තරගයේ සිව්වැනි දිනයේ යැවුණ 38 වැනි පන්දු වාරයේ දී ඕස්ට්‍රේලියා ඉනිම ලකුණු 164කට සීමා කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.

එහි දී නැවත වතාවක් ක්‍රියාත්මක වූයේ මොහොමඩ් අබ්බාස් ය. ඔහු එවර ලකුණු 62කට කඩුලු 5ක් දවා ගත්තේ ය. ඊට අමතරව යසීර් ෂා ද ලකුණු 45කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිමේ දී වැඩිම ලකුණුලාභියා වූයේ මාර්නුස් ලැබස්චේග්නේ ය. ඔහු පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේ ය. ඕස්ට්‍රේලියා හඹායන ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 19ක් තුළ දවා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ. මේ අතුරින් උස්මාන් කවාජා දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට නොපිවිසේ ය. ඒ පිටියේ දී ඇති වූ ආබාධිත තත්ත්වයක් හේතුවෙනි.

තරගයේ දී ලකුණු 95කට කඩුලු 10ක් දවා ගත් මොහොමඩ් අබ්බාස් තරගයේ වීරයා සේ ම තරගාවලියේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගත්තේ ය.

මෙම තරගයේ දී පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට 28 හැවිරිදි දකුණතින් පන්දුවට පහර දෙන ෆකාර් ෂාමන් සහ වමතින් වේග පන්දු යවන 26 හැවිරිදි මිර් හම්ෂා සමත් වූ හ.

පාකිස්තානය: පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (81): ෆකාර් ෂාමන් 94, සෆ්රාෂ් අහමඩ් 94, යසීර් ෂා 28, මිචෙල් ස්ට්‍රාක් 2/37, නෙතන් ලයන් 4/78, මාර්නුස් ලැබස්චේග්නේ 3/45

ඕස්ට්‍රේලියාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (50.4): ඒරන් ෆින්ච් 39,මාර්නුස් ලැබස්චේග්නේ 25, මිචෙල් සට්‍රාක් 34, මොහොමඩ් අබ්බාස් 5/33, බිලාල් අසිෆ් 3/23

පාකිස්තානය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 400 (120): ෆකාර් ෂාමන් 66, අෂාර් අලි 64, අසාද් ශෆික් 44, බාබර් අසාම් 99, සෆ්රාෂ් අහමඩ් 81, නෙතන් ලයන් 4/135, මාර්නුස් ලැබස්චේග්නේ 2/74

ඕස්ට්‍රේලියාව; දෙවැනි ඉනිම 164 (49.4): ඒරන් ෆින්ච් 31, ට්‍රැවිස් හෙඩ් 36, මාර්නුස් ලැබස්චේග්නේ 43, මිචෙල් ස්ට්‍රාක් 28, මොහොමඩ් අබ්බාස් 5/62, යසීර් ෂා 3/45

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<