කවාජා හා පේන් ඕස්ට්‍රේලියාව බේරාගනී

481

පාකිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (11) ජය පරාජයෙන් තොරව නිමා විය. තරගයේ පළමු දින කිහිපය තුල පාකිස්තානය වැඩි වාසි හිමිකර ගත්ත ද, ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම වෙනුවෙන් උස්මාන් කවාජා හා නායක ටිම් පේන් එක්ව ගොඩනැගූ විශිෂ්ට පිතිකරණය නිසා ටෙස්ට් තරග  දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එසේ නිමා විය.

ඉන්දියාව එක් ලකුණකින් අපරාජිත බව රැක ගනී

සත්කාරක ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් හා සමඟ අද (10) ගොවේ නගරයේ දී පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී තියුණු අවසානයකින් යුක්ත තරගයක් නිර්මාණය කළ ශ්‍රී ලංකා…

මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් තරගයේ පළමු දින 1 1/2ක කාලය තුල සිය පළමු ඉනිම වෙනුවෙන් ඉතාමත් හොඳ අඩිතාලමක් සකස් කරගනිමින් පන්දුවට පහර දුන්නේ ඩුබායි තණතීරුවේ සහය ද උපරිම වශයෙන් ලබා ගනිමිනි. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ  මොහොමඩ් හෆීස් හා අසාද් ශාෆික් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 205ක අගනා ද්විත්ව ශතක සබඳතාවයක් ගොඩනැගුවේ පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්ල සඳහා පැවැත්වූ සම්බන්ධතා අතර පස්වැනියට හොඳම සම්බන්ධතාවය ලෙස සටහන් කරමිනි.

නේතන් ලයන්ගේ පන්දුවක් හමුවේ ටිම් පේන්ගේ අතට උඩ පන්දුවක් දෙමින් ඉමාම් උල් හක් දැවී යන විට ඔහු ලකුණු 76 ක් රැස්කරගෙන සිටියේය. මිනිත්තු 245ක පමණ කාලයක් පන්දුවට පහර දුන් ඉමාම් උල් හක් හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත් විය.

වසර 2කට වැඩි කාලයක් පුරාවට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි මොහොමඩ් හෆීස් මේ තරගයේ දී සිය 10 වැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් වූයේ මිනිත්තු 260ක පමණ කාලයක් කඩුල්ලේ රැඳී සිටිමිනි. හෆීස් පන්දු 208කට මුහුණ දුන් අතර දඟපන්දු යවන ක්‍රීඩක සිඩ්ල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විට හතරේ පහර 15ක් සමඟින් ලකුණු 126ක් රැස්කර ගත්තේය.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 255ක් ලබා සිටි පාකිස්තාන ක්‍රීඩකයෝ දෙවන දිනයේ ක්‍රීඩා කළ කාලය තුල සිය පළමු ඉනිමට තවත් ලකුණු 227ක් එක්කර ගත්හ. එහි දී සිය මංගල ශතකය ලබාගත් හැරිස් සොහෙල් එම ඉනිම හයේ පහර 2කින් සහ හතරේ පහර 8කින් අලංකාරවත් කළේය.

අසාද් ශාෆික් සමඟ එක්ව පාකිස්තාන පළමු ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 150ක සබඳතාවයක් ගොඩනැගීමට සොහෙල් සමත් වූ අතර ශාෆික්ගේ ලකුණු 80 එක් හයේ පහරකින් සහ හතරේ පහර 9කින් සමන්විත විය. මාර්නස් ලැබස්චේන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් අතට උඩ පන්දුවක් දෙමින් ශාෆික් දැවී යෑමත් සමඟ එම සම්බන්ධතාව නිමාව දුටුවේය. පාකිස්තානු මුල් ඉනිමේ අවසන් කඩුලු 6ක් ලකුණු 72ක් තුළ බිඳ වැටුණ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ පීටර් සිඩ්ල් ලකුණු 58කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

“ටිට්ලි” දඹුලු තරගය විනාශ කරයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙන් ඇරඹි “ටිට්ලි සුළි කුණාටුවත්” සමඟම මෙරට සංචාරයක නිරත වීමට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය අද (10) රංගිරි…

ඕස්ට්‍රේලියාව සිය දෙවන ඉනිමට සාර්ථක නමුත් ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් හට එම සබඳතාවය ඉනිම අවසන් වන තෙක් පවත්වා ගැනීමට නොහැකි විය. ඕස්ට්‍රේලියානු මුල් ඉනිම වෙනුවෙන් සාර්ථක වූ උස්මාන් කවාජා හා සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ එරන් ෆින්ච් අර්ධ ශතක ලබාගෙන ඔවුන්ගේ  කණ්ඩායම ලකුණු 202ක් වෙත රැගෙන යන ලදි. කවාජා 4 පහර 8ක් එල්ල කරමින් ලකුණු 85ක් ලබා ගන්නා විට ඔහුට සහය වූ වමතින් පිත්ත හසුරුවන ෆින්ච් ලකුණු 62ක් ලබා ගත්තේ 4 පහර 5ක් හා එක් 6 පහරක් වාර්තා කරගෙනයි. සිය මංගල තරගයට ක්‍රීඩා කළ දඟපන්දු යවන ක්‍රීඩක බිලාල් අසීෆ් ලකුණු 36කට කඩුලු 6ක් දවා ගත්තේ සිය ක්‍රීඩා දිවියට සාර්ථක අඩිතාලමක් සකස් කරගෙනයි.

ලකුණු 280ක පළමු ඉනිමේ වාසිය සහිතව සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කළ පාකිස්තානුවන් වෙනුවෙන් ලකුණු 48 ක් රැස්කළ වමත් පිතිකරු ඉමාම් උල් හක් ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ඉනිමේ දී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වෙද්දී අසාද් ශාෆික් ලකුණු 41 ක් රැස්කිරීමට සමත් විය. ජෝන් හෝලන්ඩ් කඩුලු 3ක් සහ නේතන් ලයන් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූහ.

සිව්වැනි දිනයේ තේ පානය තෙක් කඩුල්ලක් දවා ගැනීමට අපොහොසත් වූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ තේ පානය සඳහා ක්‍රීඩාගාරය වෙත පිවිසියේ ඉතාමත් කනස්සල්ලෙනි. පසුව නව ජවයකින් පිටියට පිවිසි ඔවුන් විවේකයේ දී සකසා ගත් සිය සැලසුම් ක්‍රියාත්මක කරමින් පාකිස්තානු කඩුලු කිහිපයක්ම ඉක්මනින් දවා ගන්නා ලදි. අවසානයේ ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබාගෙන සිය දෙවන ඉනිම අත්හිටවූයේ ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 462ක ඉලක්කයක් ලබා දෙමිනි.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන අතර ඕස්ට්‍රේලියාවට පන්දුවාර 90ක් තුළ දී ජයග්‍රහණය සඳහා ලකුණු 326ක් ලබා ගැනීමට හෝ පරාජයෙන් ගැලවීම සඳහා ඉතිරි කඩුලු 7 ආරක්‍ෂා කර ගත යුතුව තිබූ අත‍ර උස්මාන් කවාජා, ට්‍රැවිස් හෙඩ් හා ටීම් පේන්  යන පිතිකරුවන් එක්ව එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නේ පිළිවෙළින් ශතකයක් හා අර්ධ ශතක දෙකක් ලබා ගෙනයි. හෙඩ් දැවී ගිය පසුව 6 වන කඩුල්ල වෙනුවෙන් කවාජා (141) හා ටීම් පේන් (61) අතරේ ගොඩනැංවුණු ලකුණු 79 සබඳතාවය මේ තරගයේ දී ඕස්ට්‍රේලියාවේ වැඩි වාසියට හේතු විය. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර යසීර් ශා කඩුලු 4ක් දවා ගත්තේය. කවාජා සිය කණ්ඩායමේ දෙවන ඉනිම වෙනුවෙන් වාර්තා කර ගත් ලකුණු 141 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ඕස්ට්‍රේලියානු පිතිකරුවෙක් සිව්වන ඉනිම වෙනුවෙන් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා පොත් අතරට එකතු විය.

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 16 වැනිදා අබුඩාබි හිදී ආරම්භ වේ. එහි තොරතුර ද දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

 

පාකිස්තාන පළමු ඉනිම – 482 (164.2): මොහොමඩ් හෆීස් 126,  හැරිස් සොහෙල් 110, අසාද් ශාෆික් 80, ඉමාම් උල් හක් 76, පීටර් සිඩ්ල් 3/58,

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම – 202 (83.3): උස්මාන් කවාජා 85, එරන් ෆින්ච් 62, බිලාල් අසීෆ් 6/36, මොහොමඩ් අබ්බාස් 4/29.

පාකිස්තාන දෙවන ඉනිම – 181/6d (57.5): ඉමාම් උල් හක් 48, අසාද් ශාෆික් 41, හැරිස් සොහෙල් 39, ජෝන් හෝලන්ඩ් 3/83

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම – 362/8 (139.5): උස්මාන් කවාජා 141,  ට්‍රැවිස් හෙඩ් 72, ටීම් පේන් 61, යසීර් ශා 4/114.

තරගයේ වීරයා –  උස්මාන් කවාජා (ඕස්ට්‍රේලියාව)

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<