බාබර් අසාම් ඇතුළු පාකිස්තානුවන් හමුවේ ඕස්ට්‍රේලියාව දණ නමයි

436

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඊයේ (24) රාත්‍රියේ පැවති අතර එම තරගය ලකුණු 66කින් ජය ගැනීමට පාකිස්තානය සමත් විය. මේ තරගය අබුඩාබි ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.

ෂායි හොප්, කෝලිගේ වාර්තාගත ඉනිමේ සැර බාල කරයි

ඉන්දීය නායක විරාත් කෝලිගේ වාර්තාගත ඉනිමට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ බටහිර ඉන්දිය …..

කාසියේ වාසිය ජය ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඔවුන්ට එරෙහිව පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 155ක් රැස්කර ගත්තේය. ඊට පිළිතුරු දුන් ඕස්ට්‍රේලියාවට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 89ක් පමණි.

පළමුව පන්දුවට පහාර දීමට පිටියට පැමිණි පාකිස්තානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 14ක් ලබා සිටි ෆකාර් සමාන් ලකුණු 12කට දැවී ගිය අතර ඉන්පසුව පිටියේ එක්වූ දකුණතින් පිත්ත හසුරුවන බාබර් අසාම් හා මොහොමඩ් හෆීස් දෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 58ක් තුල ලකුණු 73ක වේගවත් සබඳතාවයක් ගොඩනැංවන ලදී. එම සබඳතාවය මේ තරගයේ වාර්තා වූ එකම ඉහළම හා එකම අර්ධ ශතකය වීම ද කැපී පෙනුනි.

සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 6 වන අර්ධ ශතකය වාර්තා කළ අසාම් පන්දු 55ක දී 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 68*ක් ලබාගෙන තරගයේ මුළු පන්දුවාර 20 පුරාවට පිටියේ රැඳී සිටියේය.

4 හා 6 පහර 2ක් සමඟ ලකුණු 39ක් ලබා ගත් හෆීස් පාකිස්තානු ඉනිමේ දෙවන කඩුල්ල ලෙස දැවී යන ලදි. එතැන්  සිට නම් පාකිස්තානු පිතිකරුවන්ව ඉතාමත් හොඳින් පාලනය කිරීමට බිලී ස්ටන්ලෙක්, ඇන්ඩෘ ටයි ඇතුළු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් සමත් විය.

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියාවලියේ වෙනසක්

ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා පසුගිය වසර කිහිපය පුරාවටම නිවැරදි තීන්දු තීරණ ගත් ජාත්‍යන්තර ක්‍රිකට් ….

නායක සෆ්රාස් අහමඩ්, ෆාහිම් අෂ්රෆ් යන ප්‍රබල පිතිකරුවන් ලකුණු නොලබාම දැවී යාම නිසා පකිස්තානු මැදපෙළ යම් බිඳ වැටීමකට ලක්වූ නමුත් පසුපෙළ පිතිකරුවන් සිදුවන්නට තිබුණු හානිය යම්තාක් මට්ටමකට අවම කිරීමට ඔහු දායකත්වය ලබා දෙන ලදි. ඒ බව ඉතාමත් හොඳින් සනාථ කළ හසන් අලී 4 පහර 2ක් හා එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු 17*ක් ලබාගත්තේය.

පන්දු යැවීමේ දී බිලී ස්ටන්ලෙක් හා ඇන්ඩෘ ටයි අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ලකුණු 156ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියාවේ පළමු කඩුලු 6 ලකුණු 22ක් තුල දැවී ගියේ වමතින් දඟපන්දු යවන ඉමාඩ් වසීම්ගේ දක්ෂ පන්දු යැවීම නිසයි. එම දැවී ගිය ඕස්ට්‍රේලියානු මුල්පෙළ පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ලබා ගත්තේ ක්‍රිස් ලියන් වන අතර ඔහු ලකුණු 14කට දැවී ගියේය. ග්ලේන් මැක්ස්වෙල්, ඒරන් ෆින්ච් යන අත්දැකීම් බහුල පිතිකරුවන් පවා අබුඩාබි තණතීරුව මත සිය දස්කම් ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් විය.

දකුණතින් පිතිකරණයේ නිරත වන නේතන් කොල්ටර් නයිල් 4 පහර 6ක් සමඟ ලකුණු 34ක් ලබා ගත්තේ පන්දු 29ක් තුලයි. යම්තාක් මට්ටමකට හෝ ඔහුට සහය වෙමින් ඕස්ට්‍රේලියානු පසුපෙළ සවිමත් කළ ඇෂ්ටන් ඇගර් කොල්ටර්, නයිල් හා එක්ව 7 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 38ක සබඳතාවය ඕස්ට්‍රේලියානු ඉනිම තුල වාර්තා  වූ ඉහළතම සබඳතාවය විය. කෙසේ නමුත් අවසානයේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 16යි පන්දු 5ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 89ක් පමණි.

අතීත ක්‍රිකට් හී රස කතා 10ක්

ක්‍රිකට් ක්‍රීඩාව මුළු ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක්. ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලැබෙන …..

2014 වසරට පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය තුල ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණයට සීමා කළ පාකිස්තානු පන්දු යවන්නන් වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත්තේ දඟපන්දු යවන ක්‍රීඩක ඉමාඩ් වසීම් වන අතර ඊට අමතරව ෆාහිම් අෂ්රෆ් හා ශහින් අෆ්රිඩි අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

පාකිස්තානය – 155/8 (20): බාබර් අසාම් 68, මොහොමඩ් හෆීස් 39, හසන් අලී 17*, බිලී ස්ටන්ලෙක් 3/21, ඇන්ඩෘ ටයි 3/24.

ඕස්ට්‍රේලියාව – 89/10 (16.5): නේතන් කොල්ටර් නයිල් 34, ඇෂ්ටන් ඇගර් 19, ඉමෑඩ් වසීම් 3/20.

තරගයේ වීරයා – ඉමාඩ් වසීම් (පාකිස්තානය)

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරගය හෙට (26) ඩුබායි හිදී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<