ෆින්ච්ගේ නායකත්ව ඉනිම ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

148

ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච්ගේ සුපිරි නායකත්ව ඉනිම සහ ෂෝන් මාර්ස්ගේ ආක්‍රමණශීලී නොදැවුණු ඉනිම හේතුවෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම පරදා පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ (22) සමත් විය.

ඕස්ට්‍රේලියාව සාර්ථක ඉන්දියානු සංචාරයෙන් අනතුරුව පාකිස්තානය හමු වූ පළමු එක්දින තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘සාජා’ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ගේල්ට අභියෝගයක් වන්නට එංගලන්තයෙන් යොවුන් ක්‍රීඩකයෙක්

සරේ ප්‍රාන්ත කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයෙකු වන විල් ජැක්ස්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්…

ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායක ෂොයිබ් මලික් මුලින්ම පන්දුවට පහර දීම තෝරාගත් අතර, පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 280ක් රැස් කරන ලදි.

පාකිස්තානය වෙනුවෙන් පළමු කඩුල්ලට පිටියට පිවිසි හැරිස් සොහායිල් පාකිස්තානයේ නැංගුරම වෙමින් ඉනිමේ අවසානය තෙක් නොදැවී පිටියේ රැඳෙමින් පන්දු 115ක් වැය කර හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 101ක් ලබා ගත්තේය. සොහායිල්ට අනඟි සහයක් ලබා දෙමින් දෙවන කඩුල්ලට පිටියට පිවිසි උමාර් අක්මාල් පන්දු 50කින් ලකුණු 48ක් රැස් කළ අතර ඊට දැවැන්ත හයේ පහර 3ක් ඇතුළත් විය.

අනතුරුව සිව්වැනි කඩුල්ලට එක් වූ ෆාහිම් අස්රාෆ් හතරේ පහර 4ක් සමඟින් ලකුණු  28ක් රැස් කළ අතර පසුව පිටියට පිවිසි ඉමාඩ් වසීම් පාකිස්තාන ලකුණු පුවරුව වේගවත් කරමින් පන්දු 13කින් හතරේ පහර 4ක් සහ එක් 6 පහරක් ඇතුලත්ව නොදැවී ලකුණු 28ක් ලබා ගනිමින් පාකිස්තාන ඉනිම තරගකාරී ලකුණු සීමාවේ නතර කළේය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් නේතන් කෝල්ට්‍ර-නයිල් ලකුණු 61කට කඩුලු 2ක් සහ නේතන් ලයන් ලකුණු 38ක් ලබා දෙමින් එක් කඩුල්ලක් ද දවා ගත්හ.

තරග තහනමින් පසු කැමරන්ට නායකත්වයක්

පන්දුව පළුදු කිරීමේ සිදුවීමකට තරග තහනමට ලක්ව සිටි ඕස්ට්‍රේලියාවේ කැමරන් බෑන්ක්‍රොෆ්ට්, තරග තහනමින් පසුව ඔහුට එංගලන්ත ප්‍රාන්ත…

ඒ අනුව ලකුණු 281ක ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කිරීමට උස්මාන් කවාජා සමඟින් නායක ඒරන් ෆින්ච් ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළ අතර ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 63ක්ව තිබිය දී කවාජා ලකුණු 24කට දැවී ගියේය.

කෙසේ වෙතත් එම දැවී යාමෙන් සිය කණ්ඩායමට කිසිදු බලපෑමක් නොමැති බව සනාථ කරමින් අනතුරුව කඩුල්ලට පැමිණි ෂෝන් මාර්ස්, නායක ෆින්ච් සමඟින් එක්ව අගනා ලකුණු 172ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය.

ලකුණු 235 කඩඉමේ දී ඕස්ට්‍රේලියානු ඉනිමේ දැවී යන අවසන් කඩුල්ල ලෙසින් ඉනිමේ විශිෂ්ටයා වූ නායක ඒරන් ෆින්ච් ලකුණු 116කට දැවී යන අතර පන්දු 135ක් වැය කළ ෆින්ච්ගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත විය.

අනතුරුව පන්දු 45කින් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 46ක් ලබා ගත යුතුව තිබිය දී ඉවසිලිවන්ත සබඳතාවයක් ගොඩ නැගීමට පසුව පිටියට එක් වූ පීටර් හෑන්ඩ්ස්කොම්බ් දායක වූ අතර පන්දු 27කින් ඔහු නොදැවී ලකුණු 30ක් රැස් කළේය.

ඉන්දියානු සංචාරයේ දිගින් දිගටම අසාර්ථක වූ ෂෝන් මාර්ස් සුපුරුදු රිද්මයට පැමිණෙමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය පන්දු 6ක් ඉතිරිව තිබිය දී සම්පූර්ණ කිරීමට අනඟි සේවයක් ඉටු කළ අතර ජයග්‍රහණය තෙක්ම පිටියේ රැඳුණු මාර්ස් පන්දු 102කින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 91ක් ලබා ගන්නා ලදි.

ශ්‍රී ලංකාව පන්දුව අතට ගනියි; කණ්ඩායම වෙනස්කම් රහිතයි!

මීට දින දෙකකට ඉහතදී පැවති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු T20 තරගය සුපිරි පන්දුවාරය දක්වා ගිය ඉතාමත් උණුසුම් සටනක් බවට පත්වුණි….

හුරුපුරුදු සාජා තණ තීරුවේ ඕස්ට්‍රේලියාවට එරෙහිව කිසිදු පාකිස්තාන පන්දු යවන්නෙකුට වැඩි පීඩනයක් එල්ල කිරීමට නොහැකි වූ අතර  මොහොමඩ් අබ්බාස් සහ ෆාහීම් අස්රාෆ් ලකුණු 44 සහ 50 බැගින් ලබා දෙමින් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය වෙනුවෙන් දක්ෂ ඉනිමක් දියත් කරමින් සිය ක්‍රිකට් දිවියේ 12 වැනි ශතකය රැස් කළ නායක ඒරන් ෆින්ච් තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඒ අනුව මේ වන විට දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පෙරමුණ ගෙන සිටින අතර, මීළඟ තරගය ලබන (24) වැනිදා ‘සාජා’ හීදි පැවැත්වීමට නියමිතය.

පාකිස්තාන කණ්ඩායම: කඩුලු 5ක් දැවී 280 (50) හැරිස් සොහායිල් 101*, උමාර් අක්මාල් 48, ශාන් මසූඩ් 40, නේතන් කෝල්ට්‍රනයිල් 2/61, නේතන් ලයන් 1/38

ඕස්ට්‍රේලියා කණ්ඩායම: කඩුලු 2ක් දැවී 281 (49) ඒරන් ෆින්ච් 116, ෂෝන් මාර්ස් 91*, පීටර් හෑන්ඩ්ස්කොම්බ් 30*, මොහොමඩ් අබ්බාස් 1/44, ෆාහීම් අස්රාෆ් 1/50

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<