යසීර් ෂා වාර්තා තබමින් නවසීලන්තය මෙල්ල කරයි

186
Pakistan cricketer Yasir Shah celebrates after he dismissed Australian Marnus Labuschagne during day five of the first Test cricket match in the series between Australia and Pakistan at the Dubai International Stadium in Dubai on October 11, 2018. (Photo by GIUSEPPE CACACE / AFP)

වමතින් දඟපන්දු යවන යසීර් ෂා තම ටෙස්ට් තරග දිවියේ තරගයක හොඳම පන්දු යැවීම, ඉනිමක හොඳම පන්දු යැවීම, පාකිස්තානය වෙනුවෙන් දඟපන්දු යවන්නෙක් දැක්වූ ඉහළම දක්ෂතාව, ඩුබායි පිටියේ පන්දු යවන්නෙක් දැක්වූ ඉහළම දක්ෂතාව සහ නවසීලන්තයට එරෙහිව පාකිස්තාන පන්දු යවන්නෙක් දැක්වූ හොඳම පන්දු යැවීම යන වාර්තා තබමින් නවසීලන්ත ක්‍රීඩකයන්ට අමතක නොවන පරාජයක් හිමිකර දීමට සමත් විය.

ප්‍රබල තුරුම්පු කිහිපයක් නවසීලන්ත තරගාවලියට සූදානමින්

පසුගිය දා නිමා වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය …

එම දක්ෂතා හේතුවෙන්ම ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති පාකිස්තාන – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පාකිස්තානය ඉනිමකින් සහ ලකුණු 16ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලිය 1-1ක් සේ සම තත්ත්වයට පත් කර ගැනීමට ද සමත් විය.  

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 418ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට ආරාධනා කරන ලදි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට තම පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 90කි. ලකුණු 328ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්තයට එවර ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී 312ක් පමණි.

පාකිස්තාන ඉනිමේ ආරම්භක කඩුලුවලට වැඩි ලකුණු ප්‍රමාණයකට යෑමට නවසීලන්ත ක්‍රීඩකයෝ ඉඩ සැලසුවේ නැතත් අසාර් අලි සහ හැරිස් සොහායිල් එම තත්ත්වය වෙනස් කිරීමට සමත් වූහ. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 126ක සබඳතාවක් ගොඩ නැගූහ. අසාර් අලි දුවද්දී දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව නිමා කර ගත් අතර ඒ වෙද්දී ඔහු පන්දු 187කට මුහුණ දෙමින් හතරේ 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 81ක් ලබා සිටියේ ය. අලි අද රැස් කළේ තම ටෙස්ට් තරග දිවියේ 31 වැනි අර්ධ ශතකයයි.

අනතුරුව සිව්වැනි කඩුල්ලේ දී ලකුණු 186ක සබඳතාවක් එක් කිරීමට හැරිස් සොහායිල් සහ බාබර් අසාම් සමත් වූහ. ඔවුන්ගේ කඩුලු සබඳතාව අහෝසි වූයේ හැරිස් සොහායිල්ගේ දැවී යෑමත් සමඟිනි. හැරිස් ඒ වෙද්දී පන්දු 421කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 147ක් ලබා සිටියේ ය. ඔහුගේ එම ඉනිම තම ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම වූ අතර දෙවැනි ශතකය විය.

අවිශ්ක – අරින්ද සාන්ත අන්තෝනි විද්‍යාලයට වාසිය ගෙනේ

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුහද …

පාකිස්තාන ඉනිම අතරම මග අත්හිටුවන විට බාබර් අසාම් තම ටෙස්ට් තරග දිවියේ මංගල ශතකය සේ ම හොඳම ඉනිම ද ක්‍රීඩා කරමින් සිටියේ ය. ඔහු පන්දු 263කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 127ක් ලබා සිටියේ ය.

ඊට අමතරව අනෙක් අන්තයෙන් සෆ්රාෂ් අහමඩ් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී කොලින් ඩී ග්‍රෑන්ඩ්හූම් කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක් වූහ. ඒ ජිට් රාවල් සහ ටොම් ලතම් අතර ය. ජිට් රාවල් පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටිය දී යෂීර් ෂාට ගොදුරු විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජිට්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟින් උද්දාම වූ ෂා ඉනිමේ 28 වැනි පන්දුවාරයේ දී පන්දුවක් හැර පන්දුවක දී කඩුලු 3ක් බිඳ හෙළමින් නවසීලන්ත ක්‍රීඩකයෝ අමාරුවේ දැමීමට පෙරමුණ ගත්තේ ය.

එසේ කඩුලු දඩයම ආරම්භ කළ ෂා අවසන් කඩුලු දෙක ද එකම පන්දු වාරයක දී දවා ගනිමින් නවසීලන්ත ඉනිම අවසන් වෙන විට පන්දුවාර 12.3ක් යවමින් ලකුණු 41කට කඩුලු 8ක් දවා ගෙන සිටියේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා පොත් අතරට එක් විය. ඊට පෙර ඔහුගේ මෙම වාර්තාවේ ප්‍රතිවාදීන් වී සිටියේ ශ්‍රී ලංකාව ය. ඒ 2015 වසරේ දී ගාල්ලේ දී ලකුණු 76කට ලබා ගත් කඩුලු 7යි.

ෂාගේ මෙම දක්ෂතා හමුවේ ටොම් ලතම් (22) සහ නායක කේන් විලියම්සන් (28*) යන්තම් ලකුණු ගැටගසා ගනිමින් ඉනිම ඉදිරියට ගෙන යෑමට උත්සාහ කළ ද අනෙකුත් පිතිකරුවෝ කිසිවෙක් ඔවුන්ගේ සහයෝගයට නොවුණි. නවසීලන්ත ඉනිමේ කිසිදු ලකුණක් ලබා නොගත් පිතිකරුවෝ 6 දෙනෙකි.

නවසීලන්තය දෙවැනි ඉනිමේ දී තම පරාජය අවම කර ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 312ක් රැස් කර ගනිමිනි. එම ඉනිමට ටොම් ලතම් (50), රොස් ටේලර් (82) සහ හෙන්රි නිකොල්ස් (77)  එක් කළ අර්ධ ශතක 3 ඇතුලත් විය.

නවසීලන්ත ලකුණු පුවරුව තරමක් ශක්තිමත් වූවද එම ඉනිමේ දී ද කඩුලු 6ක් තමන් නමින් වෙන්කර ගැනීමට යසීර් ෂා සමත් විය. ඔහු ඒ වෙනුවෙන් එවර ලකුණු 143ක් ලබා දුන්නේ ය. ඒ අනුව යසිර් ෂා මෙම තරගයේ දී ලකුණු 184කට කඩුලු 14ක් ලබා ගනිමින් වාර්තා රැසක් නැවත ලියන්නට මුල් වූ අතර තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය.

නවසීලන්ත දෙවැනි ඉනිමේ දී හසන් අලි ද ලකුණු 46කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

පාකිස්තානය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 418 (167): අසාර් අලි 81, හැරිස් සොහායිල් 147, බාබර් අසාම් නොදැවී 127, සෆ්රාෂ් අහමඩ් නොදැවී 30, කොලින් ඩී ග්‍රෑන්ඩ්හූම් 2/44

නවසීලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 90 (35.3) ජිට් රාවල් 31, ටොම් ලතම් 22, කේන් විලියම්සන් නොදැවී 28, යසිර් ෂා 8/41

නවසීලන්තය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 312 (112.5) ටොම් ලතම් 50, කෙන් විලියම්සන් 30, රොස් ටේලර් 82, හෙන්රි නිකොල්ස් 77, බී.ජේ. වේටින්ග් 27, හසන් අලි 3/46, හසිර් ෂා 6/143

දෙරට අතර පැවැත්වෙන අවසාන සහ තීරණාත්මක තෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් මස 3 වැනිදා අබුඩාබි නගරයේ දී ආරම්භ වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<