පාකිස්තානුවෝ නවසිලන්තයට යනඑන මං නැති කරයි

296
Photo AFP

පාකිස්තානය සහ නවසිලන්තය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (02) නිමා වූ දෙවැනි තරගයේ දී කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ විසඳුමත් සමඟ තවත් තරගයක් තිබිය දී ම පාකිස්තානය තරගාවලිය 2-0ක් සේ ජයග්‍රණය කිරීමට ද සමත් විය. මේ ඔවුන් පිට පිටම ලැබූ 11 වැනි තරගාවලි ජයග්‍රහණයයි.

නවසීලන්තයට බැට දී පාකිස්තානය වැඩ අරඹයි

පාකිස්තානය සහ නවසිලන්තය අතර ආරම්භ වූ තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී ලකුණු දෙකක තියුණු ජයග්‍රහණයක්…..

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 153ක් ලබා ගත් අතර පාකිස්තාන කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 154ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනෙක් වූහ. ඒ කොලින් මුන්රෝ සහ කොරි ඇන්ඩර්සන් ය. ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ පන්දු 28ක දී ලකුණු 44ක් ලබා ගන්නේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කර ගනිමිනි. ඔහු ග්ලේන් පිලිපිස් (05) සමඟ එක් වෙමින් පළමු වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතවාවක් පවත්වන්නේ පන්දු 35ක් පමණක් උපයෝගී කර ගනිමිනි.

කොරි ඇන්ඩර්සන් පන්දු 25ක දී ලකුණු 44ක් ලබා ගන්නේ නොදැවී පිටියේ රැඳී සිටිමිනි. ඔහුගේ ඉනිම ද හතරේ පහර 4කින් සහ හයේ පහර 2කින් අලංකාර වී තිබුණි. නායක කේන් විලියම්සන් සහ කොරි ඇන්ඩර්සන් අතර 5 වැනි කඩුල්ලට ලකුණු 42ක සම්බන්ධතාවක් ගොඩ නැගුණි. එය නවසීලන්ත ඉනිම කඩා වැටෙමින් තිබිය දී එක් වීම කැපී පෙණුනි. කේන් විලියම්සන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 37කි. පන්දු 34කට මුහුණ දුන් ඔහු හතරේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කළේය.

කඩුලු ලබා ගැනීමේ දී 18 හැවිරිදි වමතින් වේගපන්දු යවන ෂාහීන් අෆ්රිඩි ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය. ඊට අමතරව ඉමාඩ් වසිම් සහ මොහොමඩ් හෆීස් කඩුල්ල බැගින් දවා ගත්හ.

ඉන්දියාව සිය අභිමානය ඉහළින්ම බේරා ගනී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර තිරුවනන්තපුරම් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (1) පැවති පස්වැනි…….

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්තානය තම ඉනිමේ තවත් පන්දු 2ක් ඉතිරිව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තේ ය. එහි දී කැපී පෙනෙන කඩුලු සබඳතාවක් එක් කිරීමට බාබර් අසාම් සහ අසීෆ් අලි සමත් වූහ. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් එක් කරමින් පාකිස්තාන ජය වෙනුවෙන් වැඩි මෙහෙවරක් කළහ. බාබර් අසාම් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තේ ය.

ඔහු පළමු කඩුල්ල වෙනුවෙන් ෆකාර් ෂාමන් සමඟ එක්වෙමින් ලකුණු 40ක සබඳතාවක් ද ගොඩ නැගූහ. ෆකාර් සාමාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24කි. හතරේ පහර 3ක් සහ හයේ පහරක් එම ඉනිමට ඇතුලත් විය.

පුහුණු තරගයේ දී අකලංක සහ ලහිරුගෙන් හොඳ දස්කම්

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවති දෙවැනි පුහුණු තරගය අද (02) කොළඹ සී. සී. සී. පිටියේ……

අසීෆ් අලි පන්දු 34ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 38ක් ලබා ගන්නේ ය.

තරගය නිමා වෙන විට මොහොමඩ් හෆීස් පන්දු 21කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියේ ය. ඔහු සොයිබ් මලික් (10) සමඟ එක්ව සිව්වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 38කි.

පන්දු යැවීමේ දී ඇඩම් මිල්නේ ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත් අතර ටීම් සවුති සහ කොලින් මුන්රෝ කඩුල්ල බැගින් බෙදා ගත්හ.

නවසීලන්තය; කඩුලු 7ක් දැවි 153 (20): කොලින් මුන්රෝ 44, කේන් විලියම්සන් 37, කොරි ඇන්ඩර්සන් නොදැවී 44, ෂහීන් අෆ්රිඩි 3/20

පාකිස්තානය; කඩුලු 4ක් දැවී 154 (20): ෆකාර් ෂාමන් 24, බාබර් අසාම් 40, අසිෆ් අලි 38, මොහොමඩ් හෆීස් නොදැවි 34, ඇඩම් මිල්නේ 2/25

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන විස්සයි විස්ස තරගය මේ මස 4 වැනිදා ඩුබායි නුවර දී පැවැත්වීමට නියමිත අතර තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<