Home Sinhala වෝනර් හා කමින්ග්ස් කැන්ගරුවන්ට ජය ගෙනෙයි!

වෝනර් හා කමින්ග්ස් කැන්ගරුවන්ට ජය ගෙනෙයි!

180

2019 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර අද (12) ටෝන්ටන් දී පැවති තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

දෙවැනි වතාවටත් වැස්ස ශ්‍රී ලංකාවට ආශීර්වාද කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සහ…

පෙර පැවති තරග දෙකම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම නිසා අද තරගය ක්‍රීඩා කිරීමට ලැබීම ලෝක කුසලාන තරගාවලියේ තරගකාරිත්වය පවත්වා ගැනීමට හේතු වූවා මෙන්ම නරඹන්නන්ගේ උද්යෝගයට ඉහළ දැමීමට ද හේතුවක් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තානු නායක සර්ෆරාස් අහමඩ් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා දුන් අතර ඔවුන් පන්දුවාර 49ක දී සියලු දෙනා දැවී ලකුණු 307ක් වාර්තා කරන ලදි.

මෙහි දී නායක ඒරන් ෆින්ච් හා ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ලට ලකුණු 146ක් එක් කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අඩිතාලම සකස් කරමිනි. ඊට පාකිස්තානු පන්දු රකින්නන්ගෙන් ද විශාල සහයක් හිමි වූයේ ඔවුන් වෙත ලැබුණු උඩ පන්දු කිහිපයක්ම ගිලිහී යාම හේතුවෙනි.

මොහොමඩ් අමීර් එක් අන්තයකින් දක්ෂ ලෙස පන්දු යවමින් ප්‍රතිවාදීන්ගේ ලකුණු වේගය අඩාල කිරීමට උත්සහ කළ ද ඊට අනෙක් පන්දු යවන්නන්ගෙන් එතරම් සහයක් නොලැබුණු බැවින් ඉනිමේ මුල් භාගය සාර්ථක කර ගැනීමට පාකිස්තානුවන්ට නොහැකි විය.

ඕස්ට්‍රේලියානු පිළේ පළමු කඩුල්ල ලෙස ලකුණු 82ක් ලබා සිටි ඒරන් ෆින්ච් මොහොමඩ් අමීර්ගේ පන්දුවකට දැවී ගියේය. පන්දු 84කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා හයේ පහර 4ක් ඇතුළත් විය.

ඉන්පසු ස්ටීවන් ස්මිත් ලකුණු 10කට දවා ගැනීමට මොහොමඩ් හෆීස් සමත් වූ අතර ඉනිමේ ලකුණු වේගය ඉහළ දැමීමට නොම්මර 4 ස්ථානයට උසස් වීමක් ලැබුණු ග්ලේන් මැක්ස්වෙල් හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 20ක් පමණි.

“වර්ෂාව නිසා ලෝක කුසලානයට මොකද වෙන්නේ?” ICC පහදයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) දිනයේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර බ්‍රිස්ටල්…

මැක්ස්වෙල් දවා ගත් ශහීන් ෂා අෆ්රිඩි ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 242ක් වන විට ඩේවිඩ් වෝනර් ද දවා ගැනීමට සමත් වූයේ සිය කණ්ඩායම තරඟය වෙත අවතීර්ණ කරවමිනි.

සිය 15 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ ඩේවිඩ් වෝනර් පන්දු 111ක දී ලකුණු 107ක් ලබා ගත්තේ හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමඟිනි.

ලබා ගත් සාර්ථක ආරම්භය හොඳ ලකුණු සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීමට ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරුවන් අපොහොසත් වූ අතර ඔවුන්ගේ අවසන් කඩුලු 8 ලකුණු 84ක් තුළ දවා ගැනීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත් විය.

මෙහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් අමීර් ලකුණු 30ට කඩුලු 5ක් දවා ගත්තේ එම පෙරළියේ මූලිකත්වය ගෙන ක්‍රියා කරමිනි. ඊට අමතරව ශහීන් ෂා අෆ්රිඩි කඩුලු 2ක් හා හසන් අලි, වාහබ් රියාස් හා මොහොමඩ් හෆීස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ෆකාර් සමාන් ලකුණු නොලබා ම පිටියෙන් ඉවත් කිරීමට පැට් කමින්ස් සමත් විය.

නමුත් ඉමාම් උල් හක් එක් අන්තයක සිට ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කරන විට අනෙක් අන්තයෙන් බාබර් අසාම් හා මොහොමඩ් හෆීස් පාකිස්තානු ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කළේ ජයග්‍රාහී ඉලක්කය කරා ළඟා වීමේ පසුබිම සකසමිනි.

තරගයේ 27 වැනි පන්දු වාරයේ දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 146ක් ලබා ශක්තිමත් ස්ථානයක සිටි පාකිස්තානු කණ්ඩායමේ මැදපෙළ කඩුලු 3ක් අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වූයේ යළි තරගය පාකිස්තානු කණ්ඩායම වෙතින් උදුරා ගනිමිනි.

තවදුරටත් වැස්සොත් ලෝක කුසලානයට වෙන්නේ මෙහෙම වැඩක්.

කළු සලකුණු රැසකින් අඳුරු වූ 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තවදුරටත් වර්ෂාවේ…

එහි දී පන්දු 49ක දී ලකුණු 46ක් ලබා සිටි මොහොමඩ් හෆීස් දවා ගැනීමට ඒරන් ෆින්ච් සමත් වූ අතර ෂොයිබ් මලික් ලකුණු ලබා ගැනීමට පෙර පැට් කමින්ස් හමුවේ දැවී ගියේය. අසීෆ් අලි හට ලබා ගත හැකි වූයේ ලකුණු 5ක් පමණි.

කෙසේ නමුත් පාකිස්තානුවන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය යළිත් ඉස්මතු කරමින් නායක සර්ෆරාස් අහමඩ් හා එක්ව හසන් අලි හා වාහබ් රියාස් බිඳ වැටුණු ඉනිම ගොඩ ගැනීමට උත්සහ කළහ.

මෙහි දී හසන් අලි පන්දු 15ක දී ලකුණු 32ක් හා වාහබ් රියාස් පන්දු 39ක දී ලකුණු 45ක් රැස් කළේ ජයග්‍රහණයේ බලාපොරොත්තු පාකිස්තානුවන් තුළ ජනිත කරමිනි.

නමුත් ඔවුන්ගේ ප්‍රයත්නය තරගය ජයග්‍රහණය කරවීමට තරම් ප්‍රමාණවත් නොවුණු අතර පන්දුවාර 45යි පන්දු 4ක දී ලකුණු 266කට සියලු දෙනා දැවී ගියේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 40ක් ලබා සිටි සර්ෆරාස් අහමඩ්ගේ දුවද්දී දැවී යාමත් සමඟිනි.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් කඩුලු 3ක් ලබා ගත් අතර ස්ටාක් හා රිචඩ්සන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ලකුණු 107ක් ලබා ගත් ඩේවිඩ් වෝනර් තරඟයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙම තරගාවලියේ තවත් තරගයක් ඉන්දියාව හා නවසීලන්තය අතර නොටිංහැම් හී දී හෙට (13) පැවැත්වෙනු ඇත.

Result


Australia
307/10 (49)

Pakistan
266/10 (45.4)

Batsmen R B 4s 6s SR
Aaron Finch c Mohammad Hafeez b Mohammad Amir 82 84 6 4 97.62
David Warner c Imam-ul-Haq b Shaheen Shah Afridi 107 111 11 1 96.40
Steve Smith c Asif Ali b Mohammad Hafeez 10 13 1 0 76.92
Glenn Maxwell b Shaheen Shah Afridi 20 10 2 1 200.00
Shaun Marsh c Shoaib Malik b Mohammad Amir 23 26 2 0 88.46
Usman Khawaja c Wahab Riaz b Mohammad Amir 18 16 3 0 112.50
 Alex Carey lbw b Mohammad Amir 20 21 0 0 95.24
Nathan Coulter-Nile c Sarfaraz Ahmed b Wahab Riaz 2 3 0 0 66.67
Pat Cummins c Sarfaraz Ahmed b Hasan Ali 2 7 0 0 28.57
Mitchell Starc c Shoaib Malik b Mohammad Amir 3 6 0 0 50.00
Jhye Richardson not out 1 1 0 0 100.00


Extras 19 (b 0 , lb 10 , nb 3, w 6, pen 0)
Total 307/10 (49 Overs, RR: 6.27)
Fall of Wickets 1-146 (22.1) Aaron Finch, 2-189 (28.4) Steve Smith, 3-223 (33.4) Glenn Maxwell, 4-242 (37.5) David Warner, 5-277 (42.1) Usman Khawaja, 6-288 (44.3) Shaun Marsh, 7-299 (46.2) Nathan Coulter-Nile, 8-302 (47.3) Pat Cummins, 9-304 (48.3)  Alex Carey, 10-307 (48.6) Mitchell Starc,

Bowling O M R W Econ
Mohammad Amir 10 2 30 5 3.00
Shaheen Shah Afridi 10 0 70 2 7.00
Hasan Ali 10 0 67 1 6.70
Wahab Riaz 8 0 44 1 5.50
Mohammad Hafeez 7 0 60 1 8.57
Shoaib Malik 4 0 26 0 6.50


Batsmen R B 4s 6s SR
Imam-ul-Haq c  Alex Carey b Pat Cummins 53 75 7 0 70.67
Fakhar Zaman c Kane Richardson b Pat Cummins 0 3 0 0 0.00
Babar Azam c Kane Richardson b Nathan Coulter-Nile 30 28 7 0 107.14
Mohammad Hafeez c Mitchell Starc b Aaron Finch 46 49 3 1 93.88
Sarfaraz Ahmed run out (Glenn Maxwell) 40 48 1 0 83.33
Shoaib Malik c  Alex Carey b Pat Cummins 0 2 0 0 0.00
Asif Ali c  Alex Carey b Kane Richardson 5 8 0 0 62.50
Hasan Ali c Usman Khawaja b Kane Richardson 32 15 3 3 213.33
Wahab Riaz c  Alex Carey b Mitchell Starc 45 39 2 3 115.38
Mohammad Amir b Mitchell Starc 0 2 0 0 0.00
Shaheen Shah Afridi not out 1 6 0 0 16.67


Extras 14 (b 0 , lb 4 , nb 1, w 9, pen 0)
Total 266/10 (45.4 Overs, RR: 5.82)
Fall of Wickets 1-2 (2.1) Fakhar Zaman, 2-56 (10.5) Babar Azam, 3-136 (25.1) Imam-ul-Haq, 4-146 (26.6) Mohammad Hafeez, 5-147 (27.3) Shoaib Malik, 6-160 (29.6) Hasan Ali, 7-200 (33.5) Asif Ali, 8-264 (44.2) Wahab Riaz, 9-265 (44.4) Mohammad Amir, 10-266 (45.4) Sarfaraz Ahmed,

Bowling O M R W Econ
Pat Cummins 10 0 33 3 3.30
Mitchell Starc 9 1 43 2 4.78
Kane Richardson 8.4 0 62 2 7.38
Nathan Coulter-Nile 9 0 53 1 5.89
Glenn Maxwell 7 0 58 0 8.29
Aaron Finch 2 0 13 1 6.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<