ස්ථාවරත්වය පවත්වාගත යුතුයි – පාකිස්තාන පුහුණුකරු

240
Pakistan Coach

කිහිපයක්ම නොසිතූ ලෙස පරාජය වූ අතර පෙරළිකාර කණ්ඩායම් කිහිපයක්ම තම දක්ෂතාවලට ළඟා වෙමින් සිටී.

පාකිස්තාන කණ්ඩායම විසින් ප්‍රබල එංගලන්ත කණ්ඩායම පසුගිය දා පරාජය කිරීමට සමත්වූ අතර ඔවුන් මීළඟ තරගයේ දී ශ්‍රී ලංකාව සමඟින් තරග වදිනු ඇත. පාකිස්තාන පුහුණුකරු වන මිකී ආතර් පාකිස්තාන කණ්ඩායමට අවවාද කරමින් පවසා ඇත්තේ දැඩි ලෙස ක්‍රීඩා කරන ලෙසයි.

පාකිස්තාන කණ්ඩායම පළමු තරගයේ දී ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ දී කොදෙව් කණ්ඩායම හමුවේ කඩුලු 7ක පරාජයක් ලැබූ අතර ඉන් දින 3කට පසුව එම ක්‍රීඩාංගණයේ දී ම සත්කාරක එංගලන්තය ලකුණු 14කින් පරාජය කිරීමට පාකිස්තානය සමත් විය.

කණ්ඩායමේ ඇති නැති දේවල් ගැන මහේල කතා කරයි

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා …….

එම ජයග්‍රහණයත් සමඟම පාකිස්තානය පිට පිට ලැබූ තරග 11ක පරාජිත ශාපය නිමා විය. මිකී ආතර් එම ජයග්‍රහණයෙන් පසුව පාකිස්තාන ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පිළිබඳව අදහස් පල කර ඇත්තේ මෙසේයි.

“ක්‍රීඩකයන් ක්‍රීඩාංගණයට ගිහින් අපිට අවශ්‍ය වෙලා තිබුණ විශ්වාසය හා අවශ්‍ය වේගය සහිතව ක්‍රීඩා කරන එක දකින එක ගොඩක් හොඳ දෙයක්.” AFP වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

“අපි ඉරියව් තුනේම අවශ්‍ය විනය ලබා ගත්තම අපිට ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව තියනවා. අපි දැන් ස්ථාවරත්වය හා දැඩි බව පවත්වා ගෙන ‍යන්න ඕන.”

ප්‍රබල පන්දු බලඇණියක් සහිත එංගලන්තයට එරෙහිව පාකිස්තානය කඩුලු 8කට ලකුණු 348ක් වාර්තා කළ අතර එහි දී මොහොමඩ් හෆීස්, බාබර් අසාම් හා සෆ්‍රාස් අහමඩ් පාකිස්තානය වෙනුවෙන් අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය.

පාකිස්තාන වේගපන්දු බලඇණියේ වහාබ් රියාස් හා මොහොමඩ් අමීර් වේගපන්දුව මනා ලෙස පාලනය කරමින් පන්දු යැවූ අතර පා දඟපන්දු ‍යවන ශදාබ් ඛාන් ද සාර්ථක පන්දු ‍යැවීමක නිරත විය. පාකිස්තාන පන්දු ‍යවන්නන් හමුවේ එංගලන්තයට පන්දුවාර 50 අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 334ක් පමණි. ඒ කඩුලු 9ක් අහිමි කරගනිමිනි.

ශ්‍රී ලංකා ජයග්‍රහණය කළු ද? සුදු ද?

ඔව් ශ්‍රී ලංකාව ICC පූර්ණ සාමාජික කණ්ඩායමක් ………

“ඔබට දකින්න පුළුවන් දිනන්න තියන අවශ්‍යතාවය, අධිෂ්ඨානය එක්ක පිතිකරුවන් ඔවුන්ගේ වගකීම ඉටු කළා. පසුව පන්දු ‍යවන්නන් තමන්ගේ රාජකාරිය උපරිමයෙන් කළා. අපි ඊළඟ තරගවලදීත් මේ රටාව පවත්වා ගත යුතුයි.”

1975 වසරේ සිට මේ දක්වා ලෝක කුසලාන තරගාවලි 7ක දී පාකිස්තානය හා එංගලන්තය මුහුණට මුහුණ මුණගැසී ඇති අතර එහි දී පැවති තරග 7ම ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත් වී ඇත.

ශ්‍රී ලංකා තරගය සඳහා පාකිස්තානයේ මොහොමඩ් හස්නයින් කැඳවීමට වඩාත් ඉඩ ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය සමඟින් පැවති ආරම්භක තරගයේ දී කඩුලු 10කින් පරාජය වූ අතර එහි දී නවසීලන්ත වේගපන්දු ‍යවන්නන් හමුවේ ශ්‍රී ලංකාව අසාර්ථක වීම නිසා හස්නයින් කණ්ඩායමට එක්කර ගැනීමෙන් පාකිස්තානය නවසීලන්ත උපක්‍රමයන් භාවිතා කරනු ඇත.

පසුගිය අඟහරුවාදා පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට සමත් විය. එම තරගය වර්ෂාව නිසා පන්දුවාර 41කට සීමා වූ අතර ශ්‍රී ලංකා වේගපන්දු ‍යවන්නන් හමුවේ ඇෆ්ගනිස්තානය ජයග්‍රාහී ලකුණු සීමාවට ලකුණු 34ක් ඉතිරිව තිබිය දී සියල්ලන් දැවී ගියේය.

මෙවර ලෝක කුසලානයේ වැදගත් සාධකයක් බවට කාලගුණය පත්ව ඇත. සිකුරාදා ශ්‍රී ලංකා පාකිස්තාන තරගය පැවැත්වෙන බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයට ද වැසි ලැබිය හැකි යයි සඳහන් ව ඇත.

2019 ලෝක කුසලාන තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට මෙවර ලෝක කුසලානයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු වන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<