Home Sinhala හයිඩර් – රොහායිල් සත්කාරකයින් මව් රටේ දී අසරණ කරයි

හයිඩර් – රොහායිල් සත්කාරකයින් මව් රටේ දී අසරණ කරයි

186

සත්කාරක ශ්‍රි ලංකා (19 පහළ) යොවුන් කණ්ඩායමේ කුසලාන සිහිනයට නැවතීමේ තිත තබමින් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබිය දී ම කුසලානය තමන් සතු කර ගැනීමට රොහායිල් නසීර්ගේ නායකත්වයෙන් යුතු සංචාරක පාකිස්තාන (19 පහළ) යොවුන් කණ්ඩායම අද (31) සමත් විය.

පිතිකරණයේ කඩාවැටීම තවත් පරාජයක් උදා කරයි

සත්කාරකයින්ගේ බල බිඳින්නට සමත්කම් දක්වමින් සංචාරක පාකිස්තාන (19 පහළ) යොවුන් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රි ලංකා (19 පහළ)…….

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගාවලියේ තීරණාත්මකම සිව්වැනි එක්දින තරගයට ශ්‍රි ලංකා යොවුන් කණ්ඩායම සහභාගි වූයේ නායකත්වයේ සිටම වෙනස්කම් කිහිපයක් ද සමඟින්ය. ඒ අනුව පසුගිය තරග ත්‍රිත්වයේ නායකත්වයේ වගකීම මෙහෙය වූ නිපුන් පෙරේරාගෙන් නායකත්වය කමිල් මිෂාර වෙත ලබා දී තිබුණි.

මීට අමතරව නවක ක්‍රීඩකයින් දෙදෙනෙක් වන කවිඳු වික්‍රමසිංහ සහ පවන් රත්නායක ද සිය මංගල තරගය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කණ්ඩායමට කැඳවා තිබුණි. එමෙන්ම රවිඳු රසන්ත, තවීෂ කහඳවආරච්චි සහ දුලිත් වෙල්ලාලගේ ද තීරණාත්මක සිව්වැනි තරගයට කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයකි.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගත් කමිල් මිෂාර ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. කෙසේ වෙතත් පසුගිය තරෙග කිහිපයේම යම් තරමකින් හෝ ආරම්භක කඩුල්ලට පිටියට පිවිස සාර්ථකත්වයක් ලබා ගත් කමිල් මිෂාර වෙනුවට නවක ක්‍රීඩකයින් දෙදෙනෙක් වන තවීෂ කහඳවආරච්චි සමඟින් කවිඳු වික්‍රමසිංහ ශ්‍රි ලංකා යොවුන් ඉනිම ආරම්භ කරන ලදි.

Photos: Sri Lanka U19 Vs. Pakistan U19 | 4th Youth ODI

එහෙත් නවක ආරම්භක යුගලයේ සබඳතාවය මුළු ලකුණු 20ක් වන විට  අවසන් කර දැමීමට සිරාස් ඛාන් සමත් විය. ඉනිමේ මුල්ම කඩුල්ල ලෙසින් කවිඳු වික්‍රමසිංහ දැවී යන විට ඔහු ලකුණු 12ක් ලබා සිටියේය.

අනතුරුව පළමු කඩුල්ලට රවිඳු රසන්ත පිටියට එක් වූ අතර ලකුණු 28ක සබඳතාවයක් ගොඩනඟා තිබිය දී රසන්ත දැවී ගියේ ජුනයිඩ් ඛාන්ගේ පන්දුවකට රොහායිල් නසීර් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

පසුව පිළිවෙලින් පිටියට පිවිසි නායක කමිල් මිෂාර සහ පවන් රත්නායකට ලකුණු 10 සීමාව හෝ පසුකර යාමට ඉඩ නොදී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සිරාස් ඛාන් සහ මොහොමඩ් තාහා සමත් විය. ඒ අවසරයෙන් ශ්‍රි ලංකා පිතිකරණ ලැයිස්තුව අසීරු අඩියට ඇඳ වැටෙමින් ලකුණු පුවරුව ලකුණු 94කට කඩුලු 4ක් ලෙස සටහන් විය.

හුදකලා වූ භානුකගෙන් ප්‍රවේගකාරී ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දෙවන නිල නොවන ටෙස්ට් තරගය පසුගිය දා හුබ්ලි හීදී ඇරඹුණු එහි තෙවන දිනය අද (02)……

එහෙත් ඒ වන විටත් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් හුදකලා ඉනිමක් දියත් කරමින් සිටි කහඳවආරච්චිට, සිව්වැනි කඩුල්ල ලෙසින් පිටියට පැමිණි අවිශ්ක තරිඳු එක්ව කඩා වැටී තිබූ ඉනිමට යම් ශක්තියක් එක් කිරීමට කටයුතු කළහ. එහෙත් ඔවුන් දෙදෙනා එක්ව ලකුණු පුවරුවට ලකුණු 61ක් එක් කර සිටිය දී තරගයේ 43 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ මොහොමඩ් වසීම්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැඳී කහඳවආරච්චිට පිටියෙන් ඉවත් වීමට සිදු විය. පන්දු 116කින් වාර්තා වූ ඔහුගේ මන්දගාමී ඉනිම ලකුණු 64කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 4ක් පමණක් අන්තර්ගත විය.

අනතුරුව චමිඳු විජේසිංහ පිටියට එක් වූව ද ඔහු ද ලකුණු 5කට දැවී ගියේය. පසුව දුලිත් වෙල්ලාලගේ පිටියට පැමිණ අවිශ්ක තරිඳු සමඟ එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 31ක් එක් කළ අතර මුල සිටම වැටී තිබූ ඉනිම ගොඩනැගීම වෙනුවෙන් උත්සාහවන්ත ඉනිමක් දියත් කරමින් සිටි අවිශ්ක තරිඳුට 7 වැනි කඩුල්ල ලෙසින්  අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට ලක්ව පිටියෙන් ඉවත් වීමට සිදු විය. දැවී යන විට ඔහු පන්දු 79කින් එක් හතරේ පහරක් පමණක් සහිතව ලකුණු 50ක් රැස් කර සිටියේය. දුලිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 15ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව මුල්පෙළ සහ මැදපෙළ පිතිකරුවන්ගේ මන්දගාමී සහ වගකීම් විරහිත පිතිකරණ රටාව හේතුවෙන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ශ්‍රි ලංකා යෞවනයින්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 195ක් පමණි.

පාකිස්තාන යොවුන් කණ්ඩායම වෙනුවෙන් සිරාස් ඛාන් සහ මොහොමඩ් වසීම් පිළිවෙළින් ලකුණු 34ක් සහ 42ක් ලබා දෙමින් කඩුලු 2ක බැගින් බිඳ දැමීය.

ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 196ක ඉතාමත් පහසු ඉලක්කයක්  පාකිස්තාන යොවුන් කණ්ඩායමට හිමි වූ අතර ඉලක්කය හඹා යාමට ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසුණ ද පළමු කඩුල්ල ලකුණු 11ක් තුල දී දැවී ගියේය.

ක්‍රිකට් හදපු ඉංග්‍රීසීන්ට ටිකට් බෙදන්න බැරි වෙයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙන්නේ ක්‍රිකට් උපන් දේශය වන එංගලන්තයේ දීයි. කෙසේ නමුත් ක්‍රිකට් ගහනවා……

එහෙත් ශ්‍රි ලංකා යෞවනයින්ගේ අවාසනාවන්ත පරාජයට හේතු පාදක වූ සබඳතාවය අනතුරුව ගොඩ නැගුණු අතර, ඒ අනුව පළමු කඩුල්ල වෙනුවෙන් නායක රොහායිල් නසීර්, ආරම්භක පිතිකරු හයිඩර් අලී සමඟින් එක් විය.

මව් රටේ දී ශ්‍රි ලංකා යෞවනයින්ගේ පන්දු යැවීම හමුවේ අනුකම්පා විරහිතව, කිසිදු පීඩනයකින් තොරව ඔවුන් දෙදෙනා සිය ඉනිම් ගොඩ නැගූ අතර 23 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන තෙක් පිටියේ රැඳී සිටි ඔවුන් එක්ව ලකුණු 117ක් සිය ලකුණු පුවරුවට එක් කළහ. නායකත්වයේ වගකීම තරගාවලිය පුරාවට මැනවින් ප්‍රකට කළ රොහායිල් නසීර් 23 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවෙන් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යන විට පන්දු 75කින් හතරේ පහර 8ක් අන්තර්ගතව ලකුණු 69ක් රැස් කර සිටියේය.

අනතුරුව මොහොමඩ් තාහා පිටියට එක්වුණ ද ඔහුට සාර්ථක වීමට ඉඩ නොදුන් සඳුන් මෙන්ඩිස් පන්දු 2කට පමණක් මුහුණ දීමට ඉඩ දෙමින් ඔහු ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

අනතුරුව ලකුණු 128කට කඩුලු 3ක් දැවී ගොස් ජයග්‍රහණයට ලකුණු 68ක් අවශ්‍යව ඇති විට පිටියට එක් වූ කසීම් අක්‍රම් ආරම්භක පිතිකරු හයිඩර් සමඟ එක්ව තරගයේ ජයග්‍රහණය තෙක් පිටියේ රැඳී සිටින්නට සමත් වූයේ පන්දු 37කින් ලකුණු 29ක් ලබා ගනිමින්ය.

ඒ අනුව ශ්‍රි ලංකා යොවුන් කණ්ඩායමට තවදුරටත් කුසලානය වෙනුවෙන් තරග කිරීමට ඉතිරිව තිබූ අවසන් බලාපොරොත්තුව ද නැති කර දමමින්, පන්දුවාර 34යි පන්දු 5ක් තුල කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 196ක් ලබා ගනිමින් පාකිස්තාන යෞවනයින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

පාකිස්තාන ජයග්‍රහණයට ප්‍රබල දායකත්වයක් දක්වමින් තරගාවලිය පුරාවට මෙතෙක් පැවති තරග 3 දී අර්ධ ශතක 2ක් වාර්තා කර සිටි හයිඩර් අලී තීරණාත්මක සිව්වැනි තරගයේ දී ද නොදැවුණු දක්ෂ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් පන්දු 95කින් හතරේ පහර 7ක් සහ දර්ශනීය හයේ පහරක් සමඟ ලකුණු 93ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනුණි.

ශ්‍රි ලංකා යෞවනයින් වෙනුවෙන් කවිඳු වික්‍රමසිංහ ලකුණු 27කට එක් කඩුල්ලක් සහ සඳුන් මෙන්ඩිස් ලකුණු 31කට එක් කඩුල්ලක් බැගින් දවා ගත්හ.

ඒ අනුව මේ වන විට එක් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය 3-1ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන යොවුන් කණ්ඩායම සමත් වී ඇති අතර අවසන් තරගය ලබන 05 වැනිදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට නියමිතයි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka U19
195/8 (50)

Pakistan U19
199/3 (34.5)

Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe c Haider Ali b Shiraz Khan 12 13 1 0 92.31
Thaveesha Abhishek b Mohammad Wasim 64 116 4 0 55.17
Ravindu De Silva c Rohail Nazir b Mohammad Junaid 14 22 2 0 63.64
Kamil Mishara c Mohammad Taha b Shiraz Khan 8 25 1 0 32.00
Pawan Rathnayake  c Abbas Afridi b Mohammad Taha 6 19 1 0 31.58
Avishka Tharindu run out (Akhtar Shah) 50 79 1 0 63.29
Chamindu Wijesinghe lbw b Mohammad Wasim 5 8 0 0 62.50
Dunith Wellalage not out 15 17 1 0 88.24
Raveen De Silva run out (Rohail Nazir) 1 1 0 0 100.00


Extras 20 (b 1 , lb 2 , nb 0, w 17, pen 0)
Total 195/8 (50 Overs, RR: 3.9)
Fall of Wickets 1-20 (3.6) Chamindu Wickramasinghe, 2-48 (11.5) Ravindu De Silva, 3-66 (17.6) Kamil Mishara, 4-94 (24.3) Pawan Rathnayake , 5-155 (42.3) Thaveesha Abhishek, 6-163 (44.2) Chamindu Wijesinghe, 7-195 (49.6) Raveen De Silva,

Bowling O M R W Econ
Akhtar Shah 5 0 24 0 4.80
Shiraz Khan 7 0 34 2 4.86
Abbas Afridi 6 0 19 0 3.17
Mohammad Junaid 9 2 32 1 3.56
Mohammad Wasim 10 0 42 2 4.20
Mohammad Taha 7 0 20 1 2.86
Qasim Akram 6 0 21 0 3.50


Batsmen R B 4s 6s SR
Basit Ali c Pawan Rathnayake  b Chamindu Wickramasinghe 0 1 0 0 0.00
Haider Ali not out 96 92 7 1 104.35
Rohail Nazir run out (Kamil Mishara) 69 77 8 0 89.61
Mohammad Taha lbw b Sandun Mendis 0 2 0 0 0.00
Qasim Akram not out 29 39 2 0 74.36


Extras 5 (b 0 , lb 1 , nb 1, w 3, pen 0)
Total 199/3 (34.5 Overs, RR: 5.71)
Fall of Wickets 1-11 (1.1) Basit Ali, 2-128 (22.6) Rohail Nazir, 3-128 (23.2) Mohammad Taha,

Bowling O M R W Econ
Naveen Fernando 2 0 18 0 9.00
Chamindu Wickramasinghe 4 0 27 1 6.75
Chamindu Wijesinghe 4 0 17 0 4.25
Dunith Wellalage 5.5 0 41 0 7.45
Sandun Mendis 9 1 31 1 3.44
Raveen De Silva 7 0 51 0 7.29
Kamil Mishara 3 0 11 0 3.67