Home Sinhala අවසන් පන්දුවාරයෙන් ජයග්‍රහණය තීරණය විය

අවසන් පන්දුවාරයෙන් ජයග්‍රහණය තීරණය විය

213

අවසන් පන්දුවාරය තෙක් දිග් ගැස්සුණු තියුණු තරගයකින් අනතුරුව සංචාරක පාකිස්තාන (19 පහළ) යොවුන් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රි ලංකා (19 පහළ) යොවුන් කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන යොවුන් කණ්ඩායම අද (28) සමත් විය.

ශ්‍රී ලංකාවේ පළමු ජයට මිෂාර සහ නවෝද්ගෙන් අර්ධ ශතක

සංචාරක පාකිස්තාන (19න් පහළ) යොවුන් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රි ලංකා (19න් පහළ) යොවුන් කණ්ඩායම අතර පැවති…

පළමු තරගයේ ජයග්‍රහණය හේතුවෙන් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ තණතීරුව පිළිබඳව පූර්ණ විශ්වාසය තැබූ ශ්‍රි ලංකා යොවුන් නායක නිපුන් පෙරේරා මෙම තරගයේදීත් කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

කෙසේ වෙතත් මෙවර පසුගිය තරගයේ මෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනාට කණ්ඩායම වෙනුවෙන් නිසි වගකීම් ඉටු කිරීමට නොහැකි වූ අතර පළමු කඩුල්ල ලෙස නවෝද් පරණවිතාන ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් මත්තෙන් ක්‍රීඩාගාරයට හරවා යැවීමට අක්තාර් ශා සමත් විය.

අනතුරුව යළිත් ක්‍රියාත්මක වූ අක්තාර්, මොහොමඩ් ශමාෂ්ට ද සාර්ථක වීමට ඉඩ නොදෙමින් ඔහු ද ලකුණු 8ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කරන ලදි. පසුගිය තරගයේ ආරම්භක පිතිකරු ලෙසින් අර්ධ ශතකයක් ලබා ගත් කමිඳු මිෂාරට ද මෙවර ලකුණු 9ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාමකට ලක්ව පිටියෙන් ඉවත් වීමට සිදු විය.

Photos: Sri Lanka U19 Vs. Pakistan U19 | 2nd Youth ODI

අනතුරුව පිළිවෙළින් සොනාල් දිනූෂ ලකුණු 8කට, නායක නිපුන් පෙරේරා ලකුණු 15කට සහ සුදීර තිලකරත්න ලකුණු 7කට පිටියෙන් ඉවත් කරමින් තරගයේ පීඩනය සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙත යොමු කරමින් ලකුණු 69කට කඩුලු 6ක් දවා ගැනීමට පාකිස්තාන යොවුන් පන්දු යවන්නන්ට හැකි විය.

එහෙත් සිව්වැනි කඩුල්ලට පිටියට එක් වූ අවිශ්ක තරිඳු තරගයේ පීඩනය හොඳින් අවබෝධ කරගනිමින් ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවකට අවතීර්ණ වෙමින් චමිඳු විජේසිංහ සමඟ එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 74ක් එක් කිරීමට සමත් වූහ.

අවැසි මොහොතේ විශිෂ්ට අර්ධ ශතකයක් වාර්තා කළ අවිශ්ක පන්දු 78කින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 54ක් රැස් කළේය. අවිශ්කට සහය වූ චමිඳු ලකුණු 28ක් සිය පිත්තෙන් වාර්තා කළේය.

ලකුණු පුවරුව 143 දී චමිඳු ද, ලකුණු 153ක්ව තිබිය දී අවිශ්ක ද පිටියෙන් ඉවත් වූ නමුත් අනතුරුව රොහාන් සංජය සමඟින් එක් වූ අශේන් ඩැනියෙල් 9 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 67ක සබඳතාවක් ගොඩනගමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 220ක තරගකාරී ලකුණු පුවරුවක් වෙත කණ්ඩායම ඔසවා තැබීමට සමත් විය.

ඊට සංජය පන්දු 59කින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 45කින් සහ ඩැනියෙල් පන්දු 25කින් ලකුණු 20ක් ලබා ගනිමින් දායකත්වය සැපයූහ.

“ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් උපරිමය කරනවා” – කුසල් මෙන්ඩිස්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 02ක් පමණි. සියලු කණ්ඩායම් මේ වනවිට…

පාකිස්තාන යොවුන් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වමින් අක්තාර් ශා ලකුණු 32කට කඩුලු 2ක් සහ ජුනයිඩ් ඛාන් ලකුණු 39කට කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ඒ අනුව ලකුණු 221ක තරමක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පාකිස්තාන යොවුන් පිතිකරුවන් සිය ඉනිම ආරම්භ කළ අතර පළමු කඩුල්ල ලෙසින් සයිම් අයූබ් ලකුණු 7ක් ලබා සිටිය දී පන්දුව කෙළින්ම කඩුල්ලට යොමු කරමින් ඔහු දවා ගැනීමට ඩිල්ශාන් මදුශංක සමත් විය.

එහෙත් දෙවන කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වූ නායක රොහායිල් නසීර්, හයිඩර් අලී සමඟින් එක්ව කිසිදු පීඩනයකින් තොරව සිය ඉලක්කය හඹා යාම ආරම්භ කළහ. 18 වැනි පන්දුවාරය නිමා වන විට ඔවුන් දෙදෙනා ලකුණු 93ක් දක්වා සිය ලකුණු පුවරුව ශක්තිමත් කළ නමුත් 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ පරණවිතාන පන්දු 60කින් ලකුණු 56ක් වාර්තා කර සිටි හයිඩර් අලීගේ ඉනිම අවසන් කිරීමට සමත් විය.

අනතුරුව එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පිතිකරණයේ නිරත වූ නායක රොහායිල්ට සහයක් දැක්වීමට පසුව පිටියට පිවිසි මොහොමඩ් තාහා, හරීස් ඛාන් සහ කහායම් ඛාන් යන කිසිවෙකුට නොහැකි විය.

පසුව මුළු ලකුණු 193ක්ව තිබිය දී පන්දු 98කින් හතරේ පහර 7ක් සමඟින් විශිෂ්ට ලකුණු 87ක් රැස් කර සිටි නායක රොහායිල්ගේ ඉනිම අවසන් කිරීමට යළිත් ක්‍රියාත්මක වූ මදුශංක සමත් විය.

කෙසේ වෙතත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වූ ජුනයිඩ් ඛාන් සහ අබ්බාස් අෆ්රිඩි ඒ වන විටත් ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 38කින් ලබා ගත යුතුව තිබූ ලකුණු 28 මන්දගාමීව රැස් කිරීම ආරම්භ කළහ.

එහෙත් තරගයේ ජයග්‍රහණයට ලකුණු 9ක් ඉතිරිව තිබිය දී ඒ වන තෙක් ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් සිටි ජුනයිඩ් ඛාන් පන්දු 63කින් ලකුණු 30ක් ලබා සිටිය දී ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් කිරීමට 49 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ සුදීර තිලකරත්න සමත් විය.

ඒ අනුව යළිත් වරක් තරගයේ ජයග්‍රහණය දෙපිලටම දෝලනය වෙමින් අවසන් පන්දුවාරය තෙක් තරගය ඇඳි ගිය අතර අවසන් පන්දුවාරයට ජයග්‍රහණය වෙනුවෙන් පාකිස්තාන යෞවනයින්ට ලකුණු 8ක් ලබා ගත යුතු විය.

“පන්දු යවන්නන්ට ක්‍රිකට් වෙනස් කළ හැකියි” – මාලිංග

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට තවත් ඇත්තේ දින 02ක් පමණය. එළඹෙන ලෝක කුසලාන…

අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීම නවෝද් පරණවිතාන විසින් සිදු කළ අතර නව ක්‍රීඩක මොහොමඩ් වසීම්ට යොමු කළ පළමු පන්දුවෙන් ඔහු ලකුණක් ද, දෙවන පන්දුවට අෆ්රිඩි එක් ලකුණක් ද, තෙවැනි පන්දුවට යළිත් වසීම් එක් ලකුණක් ද ලබා ගත්තේය.

අනතුරුව අවසන් පන්දු 3ට ලකුණු 5ක් ලබා ගත යුතුව තිබිය දී ක්‍රියාත්මක වූ අෆ්රිඩි සිව්වැනි පන්දුවට ලකුණු 2ක් සහ පස්වැනි පන්දුවට ලකුණු 3ක් සම්පූර්ණ කරමින් තරගයේ ජය පාකිස්තාන යොවුන් කණ්ඩායම වෙත නතු කර දීමට සමත් විය. පරාජය වීමට තිබූ තරගයේ ජය තම කණ්ඩායම වෙත ඩැහැ ගැනීමට සමත් වූ අබ්බාස් අෆ්රිඩි පන්දු 22කින් ලකුණු 16ක් රැස් කළේය.

ශ්‍රි ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වමින් ඩිල්ශාන් මදුශංක, සුදීර තිලකරත්න සහ නවෝද් පරණවිතාන පිළිවෙළින් ලකුණු 27ක්, 35ක් සහ 51ක් ලබා දෙමින් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

ඒ අනුව දෙපිල අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට 1-1ක් ලෙස සම මට්ටමේ පවතින අතර මීළඟ තරගය ලබන 01 වැනිදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

Result


Sri Lanka U19
220/8 (50)

Pakistan U19
221/7 (49.5)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana b Akhtar Shah 0 5 0 0 0.00
Kamil Mishara run out (Khayyam Khan) 9 11 1 0 81.82
Mohammed Shamaz c Rohail Nazir b Akhtar Shah 8 17 1 0 47.06
Nipun Dananjaya c Saim Ayub b Mohammad Junaid 15 28 2 0 53.57
Sonal Dinusha c Mohammad Junaid b Saim Ayub 8 14 1 0 57.14
Avishka Tharindu c Khayyam Khan b Mohammad Taha 54 80 5 0 67.50
Dilum Sudeera lbw b Mohammad Wasim 7 12 0 0 58.33
Chamindu Wijesinghe c Akhtar Shah b Mohammad Junaid 28 54 0 0 51.85
Rohan Sanjaya not out 45 59 4 0 76.27
Ashain Daniel not out 20 25 0 0 80.00


Extras 26 (b 0 , lb 3 , nb 3, w 15, pen 5)
Total 220/8 (50 Overs, RR: 4.4)
Fall of Wickets 1-0 (0.5) Navod Paranavithana, 2-18 (4.2) Mohammed Shamaz, 3-32 (7.1) Kamil Mishara, 4-45 (10.6) Sonal Dinusha, 5-52 (12.6) Nipun Dananjaya, 6-69 (17.3) Dilum Sudeera, 7-143 (33.5) Chamindu Wijesinghe, 8-151 (39.3) Avishka Tharindu,

Bowling O M R W Econ
Akhtar Shah 7 1 32 2 4.57
Abbas Afridi 6 0 39 0 6.50
Mohammad Wasim 10 0 25 1 2.50
Saim Ayub 2 0 15 1 7.50
Mohammad Junaid 10 0 39 2 3.90
Suleman Shafqat 5 0 26 0 5.20
Mohammad Taha 10 0 36 1 3.60


Batsmen R B 4s 6s SR
Saim Ayub b Dilshan Madusanka 7 17 0 0 41.18
Haider Ali lbw b Navod Paranavithana 56 60 6 0 93.33
Rohail Nazir c Kamil Mishara b Dilshan Madusanka 87 98 7 0 88.78
Mohammad Taha c Sonal Dinusha b Navod Paranavithana 7 19 0 0 36.84
Mohammad Haris st Kamil Mishara b Rohan Sanjaya 3 4 0 0 75.00
Khayyam Khan c & b Dilum Sudeera 5 12 0 0 41.67
Mohammad Junaid c Chamindu Wijesinghe b Dilum Sudeera 30 64 0 0 46.88
Abbas Afridi not out 16 21 0 0 76.19
Mohammad Wasim not out 3 4 0 0 75.00


Extras 7 (b 0 , lb 3 , nb 0, w 4, pen 0)
Total 221/7 (49.5 Overs, RR: 4.43)
Fall of Wickets 1-33 (6.3) Saim Ayub, 2-93 (18.1) Haider Ali, 3-105 (22.4) Mohammad Taha, 4-108 (23.3) Mohammad Haris, 5-131 (28.1) Khayyam Khan, 6-193 (43.4) Rohail Nazir, 7-212 (48.3) Mohammad Junaid,

Bowling O M R W Econ
Dilshan Madusanka 8 0 27 2 3.38
Chamindu Wijesinghe 2 0 18 0 9.00
Ashain Daniel 10 0 40 0 4.00
Dilum Sudeera 10 0 35 2 3.50
Rohan Sanjaya 10 0 47 1 4.70
Navod Paranavithana 9.5 0 51 2 5.37



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<