Home Sinhala ශ්‍රී ලංකාවේ පළමු ජයට මිෂාර සහ නවෝද්ගෙන් අර්ධ ශතක

ශ්‍රී ලංකාවේ පළමු ජයට මිෂාර සහ නවෝද්ගෙන් අර්ධ ශතක

206

සංචාරක පාකිස්තාන (19න් පහළ) යොවුන් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රි ලංකා (19න් පහළ) යොවුන් කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 26ක තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රි ලංකා යොවුන් කණ්ඩායම අද (26) සමත් විය.

ඉන්දීය අණසක හමුවේ නායක ප්‍රියන්ජන් හුදකලා වෙයි

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයට මුල පුරමින් පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගය….

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රි ලංකා යොවුන් නායක නිපුන් පෙරේරා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

එම තීරණයට සාධාරණයක් කරමින් තරමක මන්දගාමී වූවද සාර්ථක ආරම්භයකට අඩිතාලම දැමූ කමිල් මිෂාර සහ නවෝද් පරණවිතාන පළමු කඩුල්ලට ලකුණු 122ක් ලකුණු පුවරුවට එකතු කළහ. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් මිෂාර පන්දු 95කින් ලකුණු 65ක් රැස් කළ අතර ඊට හතරේ පහර 4ක් ඇතුළත් විය. අනෙක් අන්තයෙන් පිත්ත හැසිර වූ පරණවිතාන පන්දු 94කින් හතරේ පහර 3ක් සමඟ ලකුණු 54ක් වාර්තා කළේය.

Photos: Sri Lanka U19 vs Pakistan U19 | 1st Youth ODI

අනතුරුව පිළිවෙළින් පිටියට පිවිසි මොහොමඩ් ශමාෂ් පන්දු 47කින් ලකුණු 42ක් සහ නායක නිපුන් පෙරේරා එක් හයේ පහරක් සමඟින් පන්දු 16කින් ලකුණු 21ක් ලබා ගනිමින් ශ්‍රි ලංකා යොවුන් ඉනිමට සිය දායකත්වය ලබා දුන්නේය.

ඒ හැර සෙසු පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 20 සීමාව පසුකර යාමට නොහැකි වීම මත නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 234ක්ව තිබිය දී ශ්‍රි ලංකා ඉනිම නිමාවට පත් විය.

පාකිස්තාන යොවුන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් මොහොමඩ් තාහා, මොහොමඩ් වසීම් සහ මොහොමඩ් ජුනයිඩ් කඩුලු 2 බැගින් දවා ගත්හ.

දඟපන්දු යවන්නන්ට අභියෝගාත්මකයි – ජෙෆ්රි වැන්ඩර්සේ

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නියෝජනය කරන ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ….

ඒ අනුව ලකුණු 235ක ජයග්‍රාහි ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්තාන ආරම්භක පිතිකරුවන් යුගලය වන සයිම් අයූබ් සහ හයිඩර් අලී වේගවත් ආරම්භයක් ලබා ගනිමින් ලකුණු 81ක් එක් කළහ.

කෙසේ වෙතත් 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ අශේන් ඩැනියෙල් එම සබඳතාවයට තිත තබමින් පළමු කඩුල්ල ලෙස සයිම් අයූබ් ලකුණු 31කට දවා ගත්තේය. එම පන්දුවාරයේම අවසන් පන්දුවේ දී දක්ෂතම පිතිකරණයක නිරතව අර්ධ ශතකයක් වාර්තා කර සිටි හයිඩර් අලී දක්ෂ දුවද්දී දවා ගැනීමකට ලක් කර ගැනීමට අවිෂ්ක තරිඳු සහ ඩැනියෙල් සමත් විය.

දැවී යන විට හයිඩර් පන්දු 65කින් ලකුණු 51ක් ලබා සිටි අතර ඊට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. අනතුරුව බිඳ වැටුණු ඉනිම ශක්තිමත් කිරීමට වෙර දරමින් නායක රොහායිල් නසීර් ලකුණු 47ක් සහ මොහොමඩ් තාහා ලකුණු 36ක් ලබා ගනිමින් පාකිස්තාන ලකුණු පුවරුවට ලකුණු එක් කළ ද, ඩිල්ශාන් මදුසංක සහ මොහොමඩ් සමාස් එම සබඳතා දෙකට ද තිත තැබීය.

බංගලි ව්‍යාග්‍රයන්ගේ කුළුඳුල් ලෝක කුසලාන ජයග්‍රහණය මෙය වේවි ද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට සියලුම කණ්ඩායම්වල සංචිත නම් කොට අවසන්. ඒ සඳහා සහභාගී වන කණ්ඩායම් අතරින් ….

කෙසේ වෙතත් ඒ වන විට ලකුණු 179කට කඩුලු 4ක් දැවී  ජයග්‍රහණය පෙනෙන මානයේ සිටි පාකිස්තාන යෞවනයින්ගේ ජයග්‍රහණය තහවුරු කර දීමට සෙසු කිසිදු පිතිකරුවෙකුට වැඩි දායකත්වයක් ලබා දීමට නොහැකි වූ අතර, පන්දුවාර 47යි පන්දු 3ක් තුල ලකුණු 208කට පාකිස්තාන යොවුන් කණ්ඩායමේ සියල්ලන් දැවී ගියහ. ඒ අනුව ලකුණු 26ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රි ලංකා යෞවනයින්ට හැකි විය.

ශ්‍රි ලංකා යෞවනයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුදීර තිලකරත්න ලකුණු 48කට කඩුලු 3ක් සහ නවෝද් පරණවිතාන ලකුණු 31කට කඩුලු 2ක් ද බැගින් දවා ගත්හ.

ඒ අනුව තරග 5කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රි ලංකා යොවුන් කණ්ඩායම සමත් වූ අතර මීළඟ තරගය ලබන (28) වැනිදා සූරියවැව ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Result


Sri Lanka U19
234/9 (50)

Pakistan U19
208/10 (47.3)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Suleman Shafqat b Saim Ayub 54 94 3 0 57.45
Kamil Mishara c Suleman Shafqat b Mohammad Junaid 65 94 4 0 69.15
Mohammed Shamaz lbw b Mohammad Taha 42 47 3 0 89.36
Nipun Dananjaya c Haider Ali b Mohammad Junaid 21 19 0 1 110.53
Sonal Dinusha run out (Rohail Nazir) 17 20 1 0 85.00
Avishka Tharindu lbw b Mohammad Taha 10 13 0 0 76.92
Chamindu Wijesinghe c & b Mohammad Wasim 9 8 0 0 112.50
Dilum Sudeera b Mohammad Wasim 0 1 0 0 0.00
Rohan Sanjaya run out (Saim Ayub) 0 3 0 0 0.00
Ashain Daniel not out 1 2 0 0 50.00
Dilshan Madusanka not out 0 2 0 0 0.00


Extras 15 (b 1 , lb 1 , nb 2, w 11, pen 0)
Total 234/9 (50 Overs, RR: 4.68)
Fall of Wickets 1-122 (30.2) Navod Paranavithana, 2-135 (33.3) Kamil Mishara, 3-175 (39.1) Nipun Dananjaya, 4-213 (45.1) Sonal Dinusha, 5-214 (45.5) Mohammed Shamaz, 6-230 (48.1) Chamindu Wijesinghe, 7-231 (48.3) Dilum Sudeera, 8-231 (48.6) Rohan Sanjaya, 9-234 (49.4) Avishka Tharindu,

Bowling O M R W Econ
Akhtar Shah 7 0 34 0 4.86
Niaz Khan 5.1 0 16 0 3.14
Suleman Shafqat 10 0 52 0 5.20
Saim Ayub 7 0 27 1 3.86
Mohammad Junaid 10 0 47 2 4.70
Mohammad Wasim 5 0 28 2 5.60
Mohammad Taha 5.5 0 27 2 4.91


Batsmen R B 4s 6s SR
Saim Ayub c Rohan Sanjaya b Ashain Daniel 31 48 2 0 64.58
Haider Ali run out (Avishka Tharindu) 51 65 4 1 78.46
Rohail Nazir run out (Mohammed Shamaz) 47 56 4 0 83.93
Mohammad Taha c Avishka Tharindu b Dilshan Madusanka 36 50 2 0 72.00
Qasim Akram c Rohan Sanjaya b Dilum Sudeera 18 33 0 0 54.55
Khayyam Khan not out 18 24 0 0 75.00
Mohammad Junaid c Mohammed Shamaz b Dilum Sudeera 0 2 0 0 0.00
Niaz Khan run out (Rohan Sanjaya) 1 2 0 0 50.00
Mohammad Wasim lbw b Dilum Sudeera 0 2 0 0 0.00
Suleman Shafqat lbw b Navod Paranavithana 1 2 0 0 50.00
Akhtar Shah lbw b Navod Paranavithana 0 2 0 0 0.00


Extras 5 (b 0 , lb 1 , nb 1, w 3, pen 0)
Total 208/10 (47.3 Overs, RR: 4.38)
Fall of Wickets 1-85 (18.4) Saim Ayub, 2-85 (18.6) Haider Ali, 3-155 (34.1) Mohammad Taha, 4-179 (39.2) Rohail Nazir, 5-197 (44.1) Qasim Akram, 6-197 (44.3) Mohammad Junaid, 7-205 (46.2) Niaz Khan, 8-205 (46.4) Mohammad Wasim, 9-208 (47.1) Suleman Shafqat, 10-208 (47.3) Akhtar Shah,

Bowling O M R W Econ
Chamindu Wijesinghe 4 0 30 0 7.50
Dilshan Madusanka 8 0 34 1 4.25
Ashain Daniel 10 1 30 1 3.00
Rohan Sanjaya 8 0 34 0 4.25
Dilum Sudeera 10 0 48 3 4.80
Navod Paranavithana 7.3 0 31 2 4.25



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<