මෝර්ගන් පාකිස්තානය සසල කරවයි

293

එංගලන්තය සහ පාකිස්තාන අතර කාඩිෆ් හී ඊයේ (05) නිමා වූ දෙරට අතර පැවති එකම විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

එංගලන්තය දණ ගැස්වීමට තිබූ අවස්ථාව අයර්ලන්තයට අහිමි වෙයි!

ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත ස්වභාවය මැනවින් විදහා …..

මෙම තරගයේ දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්තයේ ඔයින් මෝර්ගන් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑම විශේෂ විය. එංගලන්තයට ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාරයේ දී ලකුණු 7ක් අවශ්‍ය වූ අතර මෝර්ගන් පන්දු 2ක දී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතුකර ගනිමින් පිටියට පිවිස කඩුලු 6කට ලකුණු 173ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 175ක් ලබා ගත්හ. ඒ තවත් පන්දු 4ක් ඉතිරිව තිබිය දී ය.

පාකිස්තාන ඉනිමට අර්ධ ශතක 2ක් එක් වීම කැපී පෙණුනි. ඒ ආරම්භක පිතිකරු බාබර් අසාම් සහ හැරිස් සොහායිල් විසින් ලබා ගත් අර්ධ ශතකයන් ය.

බාබර් අසාම් පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ 10 වැනි අර්ධ ශතකයයි. තම 10 වැනි ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයට සහභාගී වූ හැරිස් සොහායිල් අද එම තරගවල තම හොඳම ඉනිම වාර්තා කිරීමට සමත් විය. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේ ය.

අයර්ලන්ත නායකයා එංගලන්ත කඩුලු රකින්නා ගැන නොසතුටින්

අයර්ලන්ත නායක විලියම් පොටර්ෆිල්ඩ් එංගලන්තයේ …….

ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වීම කැපී පෙණුනි. හැරිස් සොහායිල් පළමුවෙන් තම කඩුල්ල අහිමි කරගත් අතර එම පන්දු වාරයේ දී ම බාබර් අසාම් ද තම ඉනිම අවසන් කර ගත්තේ ය.

අනතුරුව පාකිස්තාන ඉනිමට ජීවයක් එක් කළේ ඉමාඩ් වසීම් සහ ෆාහීම් අශ්රෆ් ය. ඔවුන් දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 26ක සබඳතාවක් එක් කළහ. එහි දී ඉමාඩ් වසීම් පන්දු 13කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තේ ය. ෆාහීම් අශ්රෆ් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 17කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 10ක් වැය කළ අතර හතරේ පහරක් සහ හයේ පහරක් එම ඉනිමට ඇතුළත් විය.

කඩුලු ලබා ගැනීමේ දී ජොෆ්රා ආචර් ලකුණු 29කට කඩුලු 2ක් දවා ගනිමින් එම ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව ටොම් කරන් සහ ක්‍රිස් ජෝර්ඩන් කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල තෙවැනි පන්දු වාරයේ දී අහිමි වීම තරගයේ ජීවය තරමක් බාල කළේය. එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනූ 24 හැවිරිදි වමත් පිතිකරු බෙන් ඩුකෙට් ය. ඔහුට තම මංගල ඉනිමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 9ක් පමණි.

නමුත් ආරම්භක පිතිකරු ජේම්ස් වින්ස් සහ ජෝ රූට් එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 45ක් එක් කරමින් තරගය නැවත තමන් සන්තක කර ගත්හ.

ජේම්ස් වින්ස් පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේ ය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ජෝ රූට් සහ නායක මෝර්ගන් හා එක්ව ලකුණු 65ක සබඳතාවක් තෙවැනි කඩුල්ලට එක් කරමින් ජයග්‍රහණය පෙනෙන මානයට ගෙන ඒමට සමත් වූහ. ජෝ රූට් පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තේ ය.

බිලියන 1.37ක සිහින සමඟ සෙල්ලම් කරන ඉන්දියාව

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් …..

මෝර්ගන් ඊයේ තරගයේ දී තම විස්සයි විස්ස තරග දිවියේ 10 වැනි අර්ධ ශතකය තමන් මුහුණ දුන් 28 වැනි පන්දුවේ දී වාර්තා කළ අතර තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙන විට පන්දු 29කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා සිටියේ ය.

ඒ වෙද්දී අනෙක් අන්තයෙන් ජෝ ඩෙන්ලි නොදැවී රැඳී සිටියේ පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගනිමිනි. කඩුලු ලබා ගැනීමේ දී ඉමාඩ් වසීම්, ශහීන් අෆ්රිඩි සහ හසන් අලි කඩුල්ල බැගින් දවා ගත්හ.

පාකිස්තානය; කඩුලු 6ක් දැවී 173 (20) බාබර් අසාම් 65, හැරිස් සොහායිල් 50, ඉමාඩ් වසීම් නොදැවී 18, ජොෆ්රා ආචර් 2/29

එංගලන්තය; කඩුලු 3ක් දැවී 175 (19.2) ජේම්ස් වින්ස් 36, ජෝ රූට් 47, ඔයින් මෝර්ගන් නොදැවී 57, ජෝ ඩෙන්ලි නොදැවී 20

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<